Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
"වෙන කෙනෙක් ළග නතර වෙන්න හිතක් නැහැ.." - දිමංක වෙල්ලාලගේ - Exclusive - Photos

- "වෙන කෙනෙක් ළග නතර වෙන්න හිතක් නැහැ.." - දිමංක වෙල්ලාලගේ - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,365 Views
"සල්ලි හම්බ කරන්න කරපු දෙයක් නෙමෙයි.."

"ඉල්ලුම වැඩි වුණාට අය කරන මුදල වැඩි කරලා නැහැ.."

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට දිමංක වෙල්ලාලගේ පත් වෙලා.ඔහු ගයන විරහා ගීතවලට තරුණ පරම්පරාව තුළ හොද ඉල්ලුමක් තියෙනවා. එනිසා හිරු ගොසිප් එක්ක ඔහුව සම්බන්ධ කරගත්තා ඔහුගේ අලුත් තොරතුරු දැන ගන්න. මේ දිමංක ගැනයි.

දිමංකගේ උපන්දිනය පසුගියදා තිබුණා. උපන්දිනයට ලැබුණු අමතකම නොවන තෑග්ග මොකක්ද..?
ලංකාව පුරාම ඉන්න මට ආදරේ කරන රසික රසිකාවියන්ගෙන් වගේම යහළුවන්ගෙන් ලැබුණු සුබපැතුම් තමයි මට ලැබුණු ලොකුම තෑග්ග.

පෙම්වතියගෙන් විශේෂ තෑග්ගක් ලැබෙන්න ඇති..?
මම කිසිම කෙනෙක්ගෙන් විශේෂ තෑගී බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා මට දෙන ඕනෑම දෙයක් මට විශේෂයි. උපන්දිනේ කියලා විශේෂයක් නැහැ.

දිමංක කියන ගායකයාගේ හඩට වැඩිපුරම පෙම් කරන්නේ තරුණියන්. රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර වලට ඇගේ හිත රිදෙනවා ඇති නේද..?
කලාකරුවන්ට ආදරේ කරන පිරිසක් හිටියොත් තමයි ඔවුන්ගේ දක්ෂතා එළිදක්වද්දී ප්‍රතිචාර ලැබෙන්නේ. ඔවුන් නැත්තම් අපි කියලා පිරිසක් නැහැ. මම හිතන්නේ මම වගේම ඒ බව මගේ පෙම්වතිය තේරුම් අරගෙන ඉන්නවා. මම සංගීත ක්ෂේත්‍රයට එන්නත් කලින් තමයි මම අගේ පෙම්වතා වෙන්නේ. ඊට පස්සෙනේ මම ජනප්‍රිය වෙන්නේ. ඉතින් එයා දන්නවා මගේ ආදරේ කොහොමද කියලා. මගේ අයිතිය ඇයට තියෙන නිසා ඇය ඒ ගැන හිතන්නේ නැහැ. කෙල්ලෝ වටකරගෙන ප්‍රතිචාර දක්වන්නේ නැති දවසකට වැඩිපුර එයා දුක් වෙයි.

බොහෝ ජනප්‍රිය කලාකරුවන් මුල අමතක කරනවා ජනප්‍රිය වෙන්න පටන් ගන්නකොටම. ආදරේ පවුල් ජිවිතේ අතහැරලා අලුත් ජිවිත හොයා ගන්න උත්සහ ගන්නවා.. ඔබත් මේ පෙම්වතිය  අතහරියිද.?
අපේ ආදරේට දැන් අවුරුදු අටකට කිට්ටුයි. මම ජනප්‍රියයි කියලා එයාගෙන් අයින් වුණේ නැහැ.වෙන කෙනෙක් ළග නතර වෙන්න හිතක් නැහැ. වෙනස් වෙයි කියලා මම හිතන්නෙත් නැහැ. ඒ වගේම මුල අමතක කරන්නෙත් නැහැ.

දිමංකගේ හඩින් ගැයෙන අලුත් ගීත ගැනත් මතක් කරමු..?
ආදරෙයි වස්තු ගීතය කළා. ඒකට හිතපු නැති විදිහට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඒ වගේම අලුතින් කළා අමතක කරන්න බහ කියලා ගීතයක්. මේ ගීතය මේ දවස්වල ගුවන් විදුලි නාලිකාවල ප්‍රාචාරය වෙනවා. මේකටත් වීඩියෝ එකක් කරන්න ඉන්නේ. එතකොට රූපවාහිනි නාලිකාවලිනුත් දකින්න පුළුවන්. දැනට ඒ ටික තමයි.

හුගක් අය කියනවා දිමංක අඩන ගායකයෙක් කියලා. ඒ රැල්ලෙන් අයින් වෙන්න උත්සහ නොගන්නේ ඇයි..?
ආදරේ ගැන විරහව ගැන මම ගායනා කරන්නේ සරල වචන වලින්. ඒ නිසා එහෙම කියන්නේ. බස් ගායකයා කියලා අජිත් මුතුකුමාරණ අයියාට කියනවා. ඒත් මම හිතන්නේ එයාව මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැහැ. ඒකට තමයි ජනප්‍රියත්වය කියන්නේ.අපි සින්දු කියන්න ඕන හදවතට දැනෙන්නයි. මම කරන්නේ ඒක. කවුරු මොනවා කිව්වත් මට ඕනෑම රටාවකට සින්දු කියන්න පුළුවන්. මගේ හඩ ගැන මට විශ්වාසයි. ගීත කරන්න පුළුවන් ශාස්ත්‍රිය  මට්ටමේ වුණත්. ජනතාව වැළදගයිද කියන ප්‍රශ්නෙයි තියෙන්නේ.

ප්‍රසංග වේදිකාවලට ගී ගයන්න තියෙන ඉල්ලුම වැඩි නිසාම මුල්‍යම පැත්තෙන් අය කිරීම වැඩි ඇති..?
ජනප්‍රිය වෙන්න වෙන්න මම අය කරන මුදල වැඩි කරොත් වෙන්නේ මාව ප්‍රසංග වේදිකාවෙන් ප්‍රතික්ෂේප වෙන එකයි. ඉල්ලුම වැඩි වුණාට අය කරන මුදල වැඩි කරලා නැහැ. සංගීත ප්‍රසංග එක රැයින් ඉවර වෙන්නේ නැහැනේ. ඒ නිසා මම සාධාරණ මුදලක් ගන්නවා.

ප්‍රින්ස් උදයප්‍රියන්තගේ ගීත වේදිකාවේ ගායනා කරලා ඔබ මුදල් හම්බ කරා කියලා කතාවක් පැතිරුණා නේද..?
ප්‍රින්ස් මහත්මයා අතිශය ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ "විජිතය ආදරයයි" කියන ගීතයට මම ගොඩක් ආදරේ කරනවා. ඔහු අසනීප වෙලා ඉන්න මොහොතේ මම ඔහුව බලන්න ගියා. ඔහු වෙනුවෙන් නොමිලේ ගී ගැයුවා. මට ඕන වුණා ඔහු වෙනුවෙන් ප්‍රසංගයක් කරලා ඒ මුදල ඔහුට දෙන්න. නමුත් මට කිසි කෙනෙක් උදව් කරන්න හිටියේ නැහැ. ඒ නිසා මම ප්‍රසංග කිහිපයක මේ ගීතය ගායනා කරලා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මගේ ජනප්‍රිය ගීත තියෙද්දී මම ඇයි ඔහුගේ ගීත කියන්නේ. සල්ලි හම්බ කරන්න කරපු දෙයක් නෙමෙයි ඒ. නමුත් එහෙම කතාවක් පැතිරුණා.

ඔබට එල්ල වුණු චෝදනා ගැන ඔබ පසුතැවිමෙන්ද..?
මට ගොඩක් දුක හිතුණා.සමාජ ජාල වෙබ් අඩවි වලින් මට චෝදනා කරද්දී. මම ප්‍රසංග වලට ගිහින් එද්දී හැප්පිලා මැරෙන්න ඕන කියලා ප්‍රර්ථනා කළ අය හිටියා. සමහරක් දේවල් කරන්නේ අපේ වටේ හිටපු මිනිස්සුමයි. දුකක් තිබ්බා නමුත් මම මානසිකව වැටුනේ නැහැ. මම වරදක් කරේ නැහැ කියලා මම දන්නවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  3,150 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  6,340 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,914 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  74,518 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,642 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  14,677 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,498 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,185 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  430 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,677 Downloads



Top 10 Commenters

Latest Comments

Top