Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
දක්ෂිණ අධිවේගයේදී අනතුරට ලක්ව මියගිය තරිඳුගේ මරණය ගැන පවුලේ අය කියන කතාව - Photos

- දක්ෂිණ අධිවේගයේදී අනතුරට ලක්ව මියගිය තරිඳුගේ මරණය ගැන පවුලේ අය කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

68,751 Views
"මගේ පුතා පුරුදුවෙන්න ඩ‍්‍රයිවින් කරල නැහැ"

"දරුවා සිප වැළඳගෙන කලූතර ගිහිං එන්නම් කියල ගිය පුතා ගෙදර ආවේ පෙට්ටියෙන්"

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉකුත් 09 වනදා සිදු වු රිය අනතුරින් මිය ගිය 21 හැවිරිදි තරුණයකු වු මනිමෙල්වඩු තරිඳු තරංග නැමැති තරුණයාගේ මව වූ කේ. ඩබ්. ප්‍රියංකා ප්‍රියදර්ශනී (46) නගන අඳෝනාවෙන් ඇල්පිටිය පොරවගම ප්‍රදේශයම කම්පාවට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ පොරොවගම අංක 81 අමරගම පදිංචි මනිමෙල්වඩු තරිඳු තරංග නැමැති 21 හැවිරිදි එක් දරු පියෙක්.

ඔහුගේ බිරිඳ  එස්. ටී.රසිනි මධුෂිකා දැඩි වේදනාවෙන් යුතුව සිය සිඟිති දියණිය තුරුලූකරගෙන නගන විලාපය බලා සිටිය නොහැකි තරම් බව අප වාර්තාකරු කියා සිටිනවා.

පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා තරිඳු වන අතර ඔහුගේ මිතුරන් එක්ව අවමංගල්‍ය උත්සවය සඳහා මග දෙපස කොඩිවැල් වලින් හා බැනර් ,පෝස්ටර් දමා සරසන අයුරු එහි ගිය අප වාර්තාකරුට දක්නට ලැබුනා.

මියගිය තරුණයාගේ මව වන ප්‍රියංකා ප්‍රියදර්ශනී යන අය විලාප තබමින් පැවසූවේ.

"අධිවේගී මාර්ගයේ මගේ පුතා පුරුදුවෙන්න ඩ‍්‍රයිවින් කරල නැහැ. එයාට රියදුරු බලපත්‍ර තිබෙනවා. දරුවගේ මරණ පරික්‍ෂණයේ දී සත්‍ය වසන්වෙලා බොරුවෙන් මේවා යටගහන්න ඇතැම් උදවිය කටයුතු කරනවා."

"ඒ ගැන පොලිස්පති තුමාටත් වැලිපැන්න පොලිසියටත් අපි පැමිණිලි කළා. අපිට සාධාරණයක් ඉටු කරල දෙන්න දෙවියනේ.  තරිඳු, ඇල්පිටිය පොරවගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ විහාරවාසී මීටියාගොඩ චන්දිම හිමියන් එක්ක කලූතර යනව කියල කැළණියේ කොහේදෝ ගිහිල්ල. එනකොට තමයි මේ අනතුරු සිදුවෙලා තියෙන්නේ. "

" 09වන දා රාත්‍රි 11 20ට පමණ වුණ අනතුර ගැන අපි දන්නෙ පහුවදා පාන්දර 6 .00ට විතර දරුවා අනතුරකට පත්වෙලා කියලා. අපේගමේ පන්සලේ හාමුදුරුවො දන්නෙත් නෑ. අල්ලපු ගමේ තියෙන ඔය පන්සලේ හාමුදුරුවොන්ගෙ ගෝල නමක් ඇවිත් කිව්වා පුතා ගිය වාහනය අනතුරකට පත් වෙලා කියලා. "

"අපි කලූතර නාගොඩ රෝහලට ගිහිං බලනකොට දරුවට වෙන්න  ඕන හරිය ඔක්කොම වෙලා. පුතා ඩ‍්‍රයිවින් කරල නැහැ. පුතාගෙ සෙරෙප්පු දෙක වාහනයේ වම්පැත්තෙ ආසනය ළග තිබුණා. ඒක අපි පොලිසියේ දී දැක්කා. "

"පුතා එක්ක ගියපු හාමුදුරුවන්ගෙ පාවහන් තිබුණේ රියදුරු අසුන ළග. වාහනය තැලැච්ච පොඩිවෙච්ච විදියට පුතා ඩ‍්‍රයිවින් කරානම් එයා අද ජීවතුන් අතර. මේ පරික්ෂණය හරි විිදියට සිදු කරන ලෙස පොලිස් පතිතුමා ඇතුලූ අදාළ බළධාරින්ගෙන් අපි ඉල්ලනවා. "

මිය ගිය තරිදුගේ පියා වන එම්. ඩබ්.ඞී. සරත් කුමාර පැවසුවේ මෙවැනි දෙයක්

"දරුවගෙ රියදුරු බලපත්‍රය, මුදල් පසුම්බිය අනතුර සිදු වුවාට පසු අතුරුදහන් වෙලා. එයාට බලපත්‍රයක් නැතිව රිය පදවපු විදියට චෝදනා නගන්න පලාත් සභා මන්ත්‍රී හිමි නමක් මා ඉදිරියේ දී ම හදිසි මරණ පරික්ෂකවරයට උපදෙස් දුන්නා."

"කොහොම හරි වාහනයේ ගිහිපු හාමුදුරුවො බේරෙන විදියට පරික්ෂණ වැඩ අවසන් කරන්න කියල උපදෙස් දෙනකොට මම එතන හිටියා. ඒ අය දැනගත්තෙ නැහැ මම කවුද කියලා. පස්සෙ මම එතනදීම කිව්වා මේකට සාධාරණයක් ඉටු කරල දෙන්න කියලා. මරණ පරික්ෂණයේ දී  මරණය අඳුරගෙනත් නෙවෙයි මිනිය කැපුවෙ. ප්‍රශ්න ඇද්දොත් මිනිය දෙන්නෙත් පරක්කු කරලයි කියල අපට කරපු බලපෑම් නිසා ඒ වෙලාවෙ අපි නිහඩව ඉදල දරුවගෙ මිනිය අරගෙන ගෙදර ආවා. "

"අපට වෙච්ච අසාධාරණය ගැන මම ගිහින් වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කලා. පොලිස්පති තුමාටත් මේ ගැන ලිඛිත පැමිණිල්ලක් කළා. දරුවගේ මිනිය වැඩ කරපු මල් ශාලාවෙන් බිලක් අරගෙන ගිහින් උසාවියට ඉදිරිපත් කරල මරණයෙ සියලූ වියදම් දරන්නෙ හාමුදුරුවො කියල උසාවියත් නොමග යවල. අපි දන්නෙ නැහැ අපෙන් ඇහුවෙත් නැහැ. අපට මේ බවක් කියලත් නැහැ. මේ වගේ අමූලික බොරු වංචා සිද්ධකරන අයට විරුද්ධව දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරන ලෙසයි අපි ඉල්ලනෙ"

මියගිය තරිදුගේ දේහය අද(බදාදා) සවස පවුලේ සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුනද තරිඳු සේවය කළ අනතුරට පත් වාහනය අයිති විහාරස්ථානයේ කිිසිම හිමි නමක් මළගෙදරට නොපැමිණි බව ඥාතිහු අප වාර්තාකරු හා කියා තිබුනා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Wen Wenna Nam - Manjula Thushara Jayathilaka
Wen Wenna Nam
Manjula Thushara Jayathilaka
⤵  1,328 Downloads

Maa Dawa - Nuwan Deshapriya
Maa Dawa
Nuwan Deshapriya
⤵  1,497 Downloads

Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  5,242 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  1,286 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  1,761 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,401 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  6,611 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,689 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,688 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  6,893 Downloads



Top 10 Commenters

Latest Comments

Top