වැල්ලවත්ත ප්‍රදේශයේදී චීන ජාතික කාන්තාවකගේ රුපියල් එක්කෝටි පනස්හතර ලක්ෂයක මුදලක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාව ඊයේ (11) කොටුව ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සිට වැල්ලවත්ත ප්‍රදේශයට පැමිණෙමින් සිටියදීයි පුද්ගලයින් පිරිසක් පැමිණ මෙම කොල්ලය සිදුකර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ගම්පහ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අයෙක්.
කොල්ලයට සම්බන්ධ හලාවත සහ මීගමුව ප්‍රදේශවල පදිංචි තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය කියා සිටියේ.