Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
"අපි ඉන්නේ ලංකාවේ..අසභ්‍ය වීඩියෝ කරලා හිට් වෙන්න මට වුවමනාවක් නැහැ.." - Exclusive - photos

- "අපි ඉන්නේ ලංකාවේ..අසභ්‍ය වීඩියෝ කරලා හිට් වෙන්න මට වුවමනාවක් නැහැ.." - Exclusive - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,423 Views
"අයියත් අපිත් එක්ක වේදිකාවට නගිනවා.."

"මම වැඩිපුරම කිට්ටු අක්කට.."

පුංචි කාලෙම ගීත හා සංගීත නාද රටා ඇහුණු රයිනි ගුණතිලක කියන චරිතයට සංගීතය ඕපපාතිකයක් නෙමෙයි. තරුණ පරම්පරාව වගේම වයස් භේදයකින් තොරව ඇයගේ හඩට බොහෝ දෙනා ආදරේ කරනවා.අලුත් තොරතුරු දැන ගන්න රයිනිව හිරු ගොසිප් එක්ක කතා බහකට එකතු කරගත්තා. මේ රයිනි ගේ අලුත්ම තොරතුරු ගැනයි.

රයිනි ගී ගයන්නේ අලුත් පරම්පරාවට විතරක්ම නෙමෙයි. අලුත් ගීත කරන්න අදහසක් නැද්ද කියලා මුලින්ම කිව්වොත්..?
පහසක් කියලා අලුත් ගීතයක් මේ දවස්වල කරගෙන යනවා. ඒ ගීතයට රූප රචනයකුත් කරනවා. මේ ගීතය ඉක්මණට එළිදක්වන්න තමයි මම හිතාගෙන ඉන්නේ.

අලුත් පරම්පරාවේ අය ගීතවලට රූප රචනා කරන්නේ පද අර්ථයට නොගැලපෙන්න කියලා බොහෝ අය චෝදනා කරනවා. රයිනි ඒ පැත්තෙන් පරිස්සම් වෙන්නේ කොහොමද..?
ඒක වීඩියෝව කරන නිර්මානකරුවාගේ අතේ තියෙන දෙයක්.අපි හැමෝම හිතන විදිහ එකිනෙකට වෙනස්. පද රචනයේ තියෙන අර්ථය නිර්මාණකරුවා විසින් වෙනස්ම විදිහකට එළියට එන්න පුළුවන්. කොහොම නමුත් මම මේ යන රැල්ල හරි කියලා අනුමත කරන්නේ නැහැ. මම මගේ ප්‍රතිරූපයට හානි නොවෙන්න වගේම ගීතයට හානියක් නොවෙන්න වගබලා ගන්නවා.

තරුණ පරපුරේ රසය තියෙන්නේ රාගය සහිත වීඩියෝවල කියලා හිතන අයත් ඉන්නවා..?
ඔව්. මේ යන රැල්ල මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ.අපිට සංස්කෘතියක් තියෙනවා.කවුරු මොනදෙවල් කරත් අපිට ගැළපෙන දේවල් කරන්න ඕන.අපි ඉන්නේ ලංකාවේ..අසබ්‍ය වීඩියෝ කරලා හිට් වෙන්න මට වුවමනාවක් නැහැ. ජනප්‍රිය වෙන්න හිතාගෙන කතා බහට ලක්වෙයි කියලා හිතාගෙන එහෙම වීඩියෝ කරන්නේ. එකෙන් වැඩක් නැහැ.මොකද ජනතාව බලන්නේ ගීතයේ රසයයි. පිට රට දේවල් අපි කරන්න ඕන කියලා දෙයක් නැහැ. අපි අලුත් දෙයක් කරලා ඒක ජාත්‍යන්තරයට ගෙනියන්නයි වෙහෙස ගන්න ඕන.

මුළු පවුලම එකම වේදිකාවකට නගිනවා නේද..?
අපි හැම අවුරුද්දෙම ප්‍රසංගයක් පවත්වනවා. අම්මයි තාත්තයි නංගියි ලංකාවට ආවා. අයියත් එනවා. අක්කා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයා විතරයි අඩු. මේ ප්‍රසංගය පවත්වන්නේ අනුරාධපුරේ. මේ මාසේ 15දා. අපිට ආදරේ කරන රසකයින් වෙනුවෙන් අපි එහේ යන්න හිතුවා. ලංකාවේ ප්‍රසංගයකට මුල්ම වතාවට තමයි අයියත් සම්බන්ධ වෙන්නේ.

නංගිත් එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද..?
එයා තවම ඉගෙන ගන්නවා. අපි වගේ නෙමෙයි නංගි තවම ලැජ්ජයි සින්දු කියන්න.

රයිනි වැඩිපුරම සමීප කාටද..?
 මම වැඩිපුරම කිට්ටු අක්කට.ඊට පස්සේ තමයි නංගිට. අයියා කොල්ලනේ.

සංගීත ජිවිතේ එක්ක කාර්ය බහුල වෙද්දී පවුලට මුල් තැන දෙන්නේ..?
පුළුවන් විදිහට හැමදේම මම කරනවා. මගේ හස්බන්ඩ් ඉන්න දවසට එයත් උදව් කරනවා. එයාගෙන් ලොකුම උදව්ව ලැබෙන්නේ මගේ සංගීත ජිවිතේට තමයි.මාත් එක්ක හැම තැනම යන්න එනවා.

නීති නැද්ද..?
තවම නැහැ. මම හිතන්නේ එයා අකමැති දේවල් මම තවම කරලා නැතුව ඇති. ඒකයි නීති නැත්තේ. අකමැති දෙයක් කරපු දවසට නීති දාන්න ඉඩ තියෙනවා.

පුංචි පවුල සම්පුර්ණ කරගන්න අදහසක් නැද්ද..?
මම මට වයස අවුරුදු 30 වෙද්දී ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න ඉන්නේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,631 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,621 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,247 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,279 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,175 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,825 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,343 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,197 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,087 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,468 Downloads



Top 10 Commenters

Latest Comments

Top