මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවවායි මුහුදේ සැඩ පහරට හසුව ගැඹුරු මුහුදට ගසා ගිය වල් අලියෙකු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) දිනයේ බේරා ගැනීමට සමත් වුණා.
මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් කොක්කුතුඩුවායි මුහුදු තීරයේ මුහුදු සැතපුම් 8 පමණ දුරින් මෙම අලියා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය වීමෙන් තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
එම අලියා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා සෙඩ්රික් යාත්‍රා 2 ක් මගින් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් 7 දෙනෙකුගේ කණ්ඩායමක් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්වී තිබෙනවා,
ඔවුන්ගේ උපදෙස් මත අදාල නාවික හමුදා නිලධාරීන් විසින් අලියා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කර ඇති බවයි වාර්තාවුණේ.