ෆේස්බුක් සමාජ ජාලය මේ වනවිට ලොව පුරා වඩාත් ජනප්‍රියතාවයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් මේ හේතුවෙන් සිදුවන ජීවිත හානි ප්‍රමාණයද ඉහලගොස් ඇත්තේ මිනිසුන් විසින් එය නොගැලපෙන තැන්වලදී භාවිතයට ගැනීම හේතුවෙන්.
එවැනි මරණ පිළිබඳව පසුගියදිනවලදී වැඩි වශයෙන් වාර්තා වූවා.
මේ අතර තවත් එවැනි ආකාරයෙන් සිදුවූ අනතුරකින් තරුණියන් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස මියගිය අයුරු දක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔවුන් මෝටර් රථයක ගමන්කරමින් සිටියදී ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කරමින් විනෝද වන අතරතුරදීයි අනතුර සිදුවන්නේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ චෙක් ජනරජයේ Obrnice ප්‍රදේශයෙන් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.