Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
"ලංකාවෙන් ගියේ කොහොම හරි රන් පදක්කම අරන් එනවා කියලා" බාධා මැද රන් පදක්කම දිනූ නිමාලි හැඬූ කඳුලින් කියපු කතාව - Video & Photos

- "ලංකාවෙන් ගියේ කොහොම හරි රන් පදක්කම අරන් එනවා කියලා" බාධා මැද රන් පදක්කම දිනූ නිමාලි හැඬූ කඳුලින් කියපු කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,677 Views
"පුහුණුවීම් කළේ මගේ කකුලේ ආබාධයක් තියාගෙන"

"ගොඩක් දුක් වින්දා මේ තරගය සඳහා යන්න"

ඉන්දියාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (11) උදෑසන යළි දිවයිනට පැමිණියා.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 5 ක් දිනාගනු ලැබුවා.

දිවයිනට පැමිණි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යාංශ සහ මලල ක්‍රීඩා සංගම් නිලධාරීන් විසින්.

මෙවර ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 4 කට හිමිකම් කීවා.

මීටර් 800 තරග ඉසව්වේ රන් පදක්කම දිනූ එල්.ඒ. නිමාලි එංගලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියටද සුදුසුකම් ලැබුවා.

ඒ සම්බන්ධයෙන් මලල ක්‍රීඩිකා එල්. ඒ. නිමාලි දැක්වූ අදහස් පහතින්

"පුහුණුවීම් කළේ මගේ කකුලේ ආබාධයක් තියාගෙන. ගොඩක් දුක් වින්දා මේ තරගය සඳහා යන්න. මම අඬපු අවස්ථා තියෙනවා. යන්න දවස් දෙකක් තියලා මම පුහුණුවීම් කරද්දී මගේ ආබාධය ගොඩක් වැඩිවුණා. මම එතකොට කිව්වා සර්ට මට ලංකාවෙන් මේ තරගයට යන්න බැහැ. අපි අයින් වෙමු කියලා. ලංකාවෙන් ගියේ ආබාධය තිබුණත් කොහොම හරි තරගයට සහභාගි වෙලා රන් පදක්කම අරන් එනවා කියලා".

කෙසේ වෙතත් එල්.ඒ. නිමාලි මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම මෙවර ශ්‍රී ලංකාවට දිනා දුන්නේ පීඩාවන් සහ බාධා කිරීම් රැසක් මධ්‍යයේයි.

මේ පිළිබඳ නිමාලි සඳහන් කර ඇත්තේ මෙවන් දෙයක්

 "ඉන්දීය ක්‍රීඩිකාව මට මෙම තරගයේදී විශාල බාධාවක් වුණා. තරගවදිමින් සිටියදී ඇය අවස්ථා තුන හතරකදීම මට පහර දුන්නා. අවසන් මොහොතෙදී පවා ඇයගේ අත මා වෙත දිගු කර මට බාධා කරලා තමයි එයා තරගය නිම කළේ. එතනදි මම තරගය අතහැරියා. තරගය පුරා මම විශාල පීඩාවකින් තරග වැදුනේ. මගේ රට ගැන හිතපු නිසයි මේ තරම් හරි දිවුවේ.. දුවන මොහොතෙදී පාවා මගේ මානසික තත්ත්වය තිබුණේ ඇයගේ බාධා කිරීම් ගැනයි. මම ෆයිට් කළා.. ෆයිට් කළා.. එයා මට ඉස්සර වෙන්න දුන්නෙම නැහැ." යනුවෙනුයි.

රිදී පදක්කම දිනාගත්තේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ මීටර් 200 තරග ඉසව්වට එක්වුණු රුමේෂිකා රත්නායක සහ මීටර් 800 තරග ඉසව්වට එක්වුණු ගයන්තිකා අබේරත්නයි.

ඊට අමතරව මීටර් 400x4 පිරිමි සහය කණ්ඩායමද එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තා.

දිවයිනට පැමිණි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මුණගැසුණේ ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී.

එහිදී ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභපැතුම් එක්කළ ක්‍රීඩා අමාත්‍යවරයා ඔවුන්ට පැවසුවේ ලබන වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරගෙන ඔවුන්ට විදෙස් පුහුණුවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සකස් කර දෙන බවයි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,303 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,678 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,183 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  445 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,416 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,683 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,667 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,061 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,268 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,245 Downloads



Top 10 Commenters

Latest Comments

Top