කොළ කැඳ කියන්නේ දේශීය ඖෂයධයක් ලෙසින් හදුන්වා දෙන්න පුළුවන්. අතීතයේ බොහෝ දෙනා උදැසනට ගන්නා තේ එක වෙනුවට බිව්වේ කොළ කැඳ. නමුත් අද උදැසන තේ එක වෙනුවට කොළ කැඳ බොන්නේ අඩුවෙන්. කොළ කැඳ පානය කළත් ගුණදායක පානයක් වන කොළ කැඳවල අඩංගු පෝෂ්‍යදායී ගුණය පිළිබඳ බොහෝ දෙනා දන්නේ නැහැ.මේ ඒ ගැනයි.
ගොටුකොළ කැඳ
ධාරණ ශක්‌තිය ඇති කිරීම
බුද්ධිය වර්ධනය කිරීම
කිරිදෙන මවුවරුන්ට ගුණදායකය
සිරුරට සිසිලස ලබාදීම
ඇස් පෙනීමේ දුර්වලතා මඟ හැරීම
හිසකෙස් වර්ධනය කිරීම
රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කිරීම
මුකුණුවැන්න කොළ කැඳ
විටමින් බහුලව ඇත.
සිරුරට අවශ්‍ය පෝෂණ පදාර්ථ ශරීරයට
අවශෝෂණය කරයි.
ප්‍රතිශක්‌තිය වැඩි කරයි.
පටකවල ගෙවී යාම අඩු කරයි.
මළ පිටවීම හොඳින් සිදු කරයි.
අක්‌මා රෝග, පීනසට ගුණයි.
හිසකෙස් පැලීම නවතාලයි.
සම පැහැපත් කරයි.
හාතවාරිය කොළ කැඳ
සිරුරේ සිසිලස රඳවා තබයි
මුත්‍රා හොඳින් පිට වේ.
වාතය නසයි.
සන්ධි රෝගවලට ගුණ දායකය.
සිරුරේ ඉදිමුම නැති කරයි.
ආමාශයේ රෝගවලට ගුණයි
සිරුරේ දාහය නසයි
වැල් පෙනෙල කොළ කැඳ
පුරුෂයන්ගේ ධාතු ශක්‌තිය වැඩි කරයි.
සරුභාවය ඇති කරයි.
අධික රුධිර පීඩනය නැති කරයි.
ලේ පිරිසිදු කරයි.
ස්‌නායු පද්ධති මනා ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගනීයි .
ඉදිමුම නැති කරයි.
අරුචිය නැති කරයි.
ඉරමුසු කොළ කැඳ
කුෂ්ට, දද නැති කරයි.
සිරුරේ දහඩිය දුඟද නැති කරයි
බඩගින්න ඇති කරයි.
බරවා රෝගයට සුදුසුයි
ස්‌ත්‍රී රෝගවලට ගුණයි
මුත්‍රා දැවිල්ල නසයි.
අක්‌ෂි රෝගවලට සුදුසුයි
මී විසට හිතකරයි.
කරපිංචා කොළ කැඳ
කොලෙස්‌ට්‍රොල් අවශෝෂණය බාල කරයි.
දියවැඩියා රෝගීන්ගේ රුධිර ග්ලුකෝස් පාලනය කරයි.
හෘද රෝගීන්ට ඉතාම හිතකරයි.
පිළිකා සෛල නසයි.
ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි.
විෂ නසයි