Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
"විවාහ වෙලා අවුරුදු දාහතරයි. ලෝකෙට පේන්න විතරක් පවුල් කෑවේ නැහැ .." - Exclusive - Photos

- "විවාහ වෙලා අවුරුදු දාහතරයි. ලෝකෙට පේන්න විතරක් පවුල් කෑවේ නැහැ .." - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

100,127 Views
"පුංචි පුතාගෙන් මම මාව දකිනවා.."

"ලබන අප්‍රේල් වලටත් දින දීලා ඉවරයි.."

තාරුණ්‍යය වසග කරගත් ගීත ගොන්නක් ගැයූ ඔහුට අදත් ආදරේ කරන අය බොහෝයි. කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ ඔහු රොෂාන් ප්‍රනාන්දුයි.තාරුණ්‍ය හිත්වලට ආදරයෙන් විරහවෙන් ඇමතු ඔහු විවාහ වෙලා අවුරුදු 14යි ඊයේ දිනට. විවාහ සංවත්සරය නිසාම ඔහුගේ අලුත් තොරතුරු දැනගන්න අපි හිරුගොසිප් එක්ක කතා බහකට එකතු කරගත්තා. මේ රොෂාන්ගේ අලුත් තොරතුරු ගැනයි.

බොහෝ ජනප්‍රිය තරු ලොකු වියදමක් දරලා විවාහ වෙලා ටික කලකින් වෙන් වෙනවා. රොෂාන් අවුරුදු 14ක් විවාහ වෙලා. මෙපමණ කාලයක් සතුටින් පවුල් ජිවිතේ ගත කළ එක ගැන මොකද හිතන්නේ..?
මම තිළිණි එක්ක විවාහ වෙලා ඊයේ දිනයට අවුරුදු දා හතරක් වෙනවා. ලෝකෙට පෙන්න විතරක් පවුල් කෑවේ නැහැ.ඒ වගේම මේ ගෙවිලා ගිය කාලය කෙටියි කියන්න බැහැ. නමුත් මේ කාලේදී පුද්ගලික ජිවිතේ එහෙම නැත්තම් පවුල් ජිවිතේ කියන එක මම වින්දා. තවමත් විදිනවා. ගලාගෙන යන මේ ජීවිතය හරිම සුන්දරයි. පවුල් ජීවිතය කියන්නේ විදගන්න ඕන දෙයක් මිසක් විදවන්න ඕඅන දෙයක් නෙමෙයි. මමයි බිරිදයි අතර තියෙන බැදීම වගේම තේරුම් ගැනීම තමයි මේ තරම් දුරක් පවුලක් විදිහට ගෙනාවේ කියලා මට හිතෙනවා.

සංවත්සරය වෙනුවෙන් උත්සවයක් පැවැත්තුවේ නැද්ද..?
මම කතෝලික නිසා ආගමේ විදිහට පල්ලියට ගියා. තිළිණි බුද්ධාගම. ඒ නිසා පන්සලටත් ගියා. උත්සව තියෙන එක බොරු වැඩක්. මමයි බිරිදයි දරුවෝ ටිකයි රෑ කෑමකට එළියට ගියා. සංවත්සරය කියලා විශේෂ දෙයක් කරේ නැහැ.

දරුවෝ තුන් දෙනෙකුගේ පියෙක් ඔබ. පවුල් ජීවිතය බරක් කියලා කවදාවත් දැනිලා නැද්ද..?
නැහැ. ජිවත් වෙන්නේ සතුටින් එයාලා නිසයි. මොන දේ කරත් මගේ ජිවිතේ අංක එක පවුල. ඒ පවුල මට බරක් වෙලා නැහැ.

කාර්ය බහුල ජිවන රටාවක් ගත කරන ඔබට බිරිදගෙන් ලැබෙන සහයෝගය කොහොමද.. ගෙදර වැඩ ඔබෙන් මගහැරෙද්දී ඇයගෙන් දොස් අහන්න වෙන්නේ නැද්ද..?
ගෙදර පුර්ණ වගකීම ඉටු කරන්නේ බිරිද. මම දන්නවා මගේ අතින් වගකීම් මගහැරෙනවා කියලා. ඒත් කවදාවත් මට දොස් කියන්නේ නැහැ මේදේ කරේ නැහැ මේවා අමතක කරලා ජිවත් වෙනවා කියලා. ඒ වගේම මම කරනකල් බලාගෙන ඉන්නේ නැහැ. මගෙන් මගහැරෙන දේවල් බලලා ඇය කරද්දී මම ඇයට ස්තූතිවන්ත වෙනවා. පැවරීම් කරලා අහක බලාගෙන ඉන්න බිරිදක් නෙමෙයි මට ඉන්නේ. මම කාර්ය බහුලයි කියලා ඇය තේරුම් අරගෙන ඉන්නේ.

දරුවෝ ඔබ වගේ සංගීතයට දක්ෂද..?
මට ඉන්නේ දුවක් හා පුතාලා දෙන්නෙක්. මේ අයව ලොකු කරලා ජනප්‍රිය අයව කරන්න නෙමෙයි මට උවමනාව තියෙන්නේ. ලංකාවේ ගුණ යහපත් මිනිස්සු අඩුයි. මට ඕන මගේ දරුවෝ මේ රටේ හොද පුරවැසියෝ වෙන්න. දරුවෝ සංගීතයට දක්ෂයි. මම පුංචි පුතාගෙන් මාව දකිනවා. මම පුංචි කාලේ ඒ වගෙයි. එයත් දක්ෂයෙක්.

සංගීත ජිවිතේ අලුත් තොරතුරු කොහොමද..?
මම කණ්ඩායම් සංගීතයට අවතීර්ණ වෙලා අවුරුදු 24ක් වෙනවා. ගායකයෙක් විදිහට සමාජයට ඇවිත් අවුරුදු 15යි. ඒ නිසා අගෝස්තු 27 වැනිදා ගායන දිවිය වෙනුවෙන් මම නෙළුම් පොකුනේදී  "පුජනියයි ආදරේ "කියලා ප්‍රසංගයක් පවත්වනවා. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තියෙනවා මම මුල් කාලේ කරපු ගීත එක තැනකදී ගයනවාට. ඒ ඉල්ලීම ඉටු කරනවා. නමුත් බලන්න වෙන්නේ සීමිත පිරිසකට විතරයි.

පවතින රැල්ල නිසාද රොෂාන්ගෙන් අලුත් ගීත නැත්තේ..?
ඒකත් එක හේතුවක් තමයි. මම යන රැල්ලට නම් සින්දු කරන්නේ නැහැ. මගෙන් හැමෝම ඉල්ලන්නේ මුල් කාලේ ගැයූ ගීත වගේ ගීත කරන්න කියලයි. අලුත් ගීතයක් කළා. ඒකත් ප්‍රසංගයත් එක්කම එළිදක්වන්න ඉන්නේ.

ප්‍රසංග වේදිකාවට තියෙන ඉල්ලුම අඩුයිද ..?
ඉල්ලුම වැඩියි මිසක් අඩු වෙලා නැහැ. ලබන අප්‍රේල් මාසෙට ප්‍රසංග වලට දින දෙන්න අපිට දින නැහැ. වැඩ භාර අරගෙන ඉවරයි. ඉතින් කොහොමද ඉල්ලුම නැහැ කියන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  2,622 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  847 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  14,722 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  8,594 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,196 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  7,468 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  5,152 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  39,596 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,318 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  32,980 Downloads



Top 10 Commenters

Latest Comments

Top