Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
හලාවතදී ඩෙංගු මාරයාට බිළි වූ මාස එකහමාරක සිඟිත්තා ගැන පියා හැඬූ කඳුලින් කියූ දේ

- හලාවතදී ඩෙංගු මාරයාට බිළි වූ මාස එකහමාරක සිඟිත්තා ගැන පියා හැඬූ කඳුලින් කියූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46,272 Views
"කිසිම රෝගයක් තිබුණේ නෑ. හොඳට කිරි බිව්වා."

"අවුරුදු හතකට පස්සේ ලැබුණු දරුවා ඇස් දෙක වගේ බලාගත්තේ"

ඩෙංගු උණ රෝගය හේතුවෙන් හලාවත රෝහලට ඇතුළත් කළ මාස එකහමාරක බිළිදෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ඩෙංගු උණ රෝගය වැලඳීමෙන් මරණයට පත්වූයේ හලාවත දැදුරුඔය උදාකළ ගම්මානයේ පදිංචි මාස එකහමාරක් වයසැති කුරුගමගේ තෙහාන් දිල්රුක් පෙරේරා නමැති බිළිදෙක් බවයි වාර්තා වන්නේ.

මේ බිළිදා මියයන විට දරුවාගේ මවද ඩෙංගු උණ හේතුවෙන් හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සදහන්.

ඇයගේ රෝගී තත්වය බරපතළ බැවින් සාක්ෂි නොගැනීමට හෝ දරුවාගේ මරණය පිළිබඳව නොදැන්වීමට රෝහල් නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
සාක්ෂි ලබාදෙමින් දරුවාගේ පියා පැවසුවේ මෙවැන්නක්.

"මියගොස් සිටින්නේ මගේ දරුවා. එයා හුඟක් ලස්සනයි. කිසිම රෝගයක් තිබුණේ නෑ. හොඳට කිරි බිව්වා. පුතාට උණ ගැනෙන්න දින දෙකකට ඉස්සරලා නෝනාට උණ ගැනිලා රෝහලට ඇතුළත් කළා.රෝහලෙන් කිව්වා එයාට වැලඳිලා තියෙන්නේ ඩෙංගු උණ රෝගය කියලා. ඒ අනුව එයාව රෝහලේ නවතා ගත්තා. පුතාව බලාගත්තේ නෝනගේ අම්මා. පස්සේ පුතාටත් උණ ගැනුණා. අපි ටයිටස් මහත්තයා ළඟට බේත් ගේන්න ගියා. පහුවදාත් උණ අඩුවක් නැති නිසා පුතාව සුවන රෝහලට අරගෙන ගියා. එතනදී පුතාගේ ලේ පරීක්ෂාවක් කළා. ඩොක්ටර් කිවුවා ඩෙංගු උණ වැලඳිලා තියෙන්නේ ඉක්මනට රෝහලට ඇතුළත් කරන්න කියලා. අපි එවලේම පුතාව රෝහලට ඇතුළත් කළා. නෝනගේ අම්මා පුතා ළඟ උන්නා. දෙවැනි දවසේ පුතාව බලන්න එද්දි පුතාට අමාරුයි. තුන්වැනි දවසේ මම උදේම රෝහලට ආවා. පස්සේ දැනගන්න ලැබුණා පුතා එදින උදේ මියගිය බව."

"අපිට දරුවන් නැතිව ඉඳලා අවුරුදු හතකට පස්සේ ලැබුණු දරුවා ඇස් දෙක වගේ බලාගත්තේ. මදුරුවෙක්වත් ඇඟේ වහන්න දෙන්නේ නැතිව ආරක්ෂා කළා. ඒත් අපිට හොරෙන් ආපු කාලකණ්ණි මිනීමරු ඩෙංගු මදුරුවෙක් නිසා අපේ රත්තරන් පුතා අපිට නැති වුණා.මදුරු ගහනය වර්ධනය කිරීමට රුකුල් දෙන ඕනෑම තරාතිරමක පුද්ගලයන් හට නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම විනාශය අවම කරගත හැකි බව"

බිළිදාගේ මරණය සම්බන්ධයෙන් කළ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් බිළිදාගේ පියා වැඩිදුරටත් පවසා සිටියා.

ප්‍රදේශයේ ඇති අනාරක්ෂිත බවත්, මෙසේ ඩෙංගු රෝගය එකම පවුලේ දෙදෙනකුට වැලඳීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ඊට වගකිවයුතු නිලධාරියකු වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද  හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගයකට අනුව එම ස්ථානයට පැමිණ සාක්ෂි ලබා දී තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා  පැවැසුවේ මෙවැන්නක්.

"මම මුන්නේශ්වරම කොට්ඨාස මහජන සෞඛ්‍ය ලෙස රාජකාරි කරනවා. හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ. අරුචාලම් මහත්මියගේ උපදෙස්වලට අනුව අපි 2017.04.01 සහ 2017.06.01 දිනවලදී පරිසරයේ ව්‍යාප්ත වන මදුරුවන් හා එම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට වැඩසටහන් කීපයක් දියත් කළා. ඒ අතර ධූමාකරණය, කැළිකසළ ඉවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම වැනි වැඩසටහන් මූලිකත්වයක් ගත්තා. මෙම මරණයත් සමඟ අපි එම නිවාස හා අවට ප්‍රදේශය පරීක්ෂා කළා.ඒ අනුව ප්‍රදේශයේ ඩෙංගු කීටයන් සිටින බවට වාර්තා වුණේ නෑ.
ඒ අනුව මෙම පවුලේ අය පිටත ප්‍රදේශවලට ගියාද යන්න සොයා බැලුවා. එම පරීක්ෂාවේදී මෙම දරුවා සහ මව, පියා මාරවිල කුරුස පල්ලිය ප්‍රදේශයටත් හලාවත මුහුදු වෙරළ තීරය ප්‍රදේශයටත් ගොස් තිබුණා. ඒ අනුව සැකයක් තිබෙනවා ඒ ප්‍රදේශවලින් මදුරු දෂ්ට කිරීම්වලට ලක්වුණාද කියලා"
හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෛද්‍ය පරීක්‍ෂණය පවත්ව ඇති අතර වෛද්‍ය වාර්තාව සහ සාක්ෂි සැලකිල්ලට ගෙන හලාවත හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළේ ඩෙංගු රක්තපාත උණ හේතුවෙන් පෙනහළු තුළ රුධිර කේෂනාළිකා පුපුරායෑම නිසා ඇති වූ රුධිර වහනයෙන් සිදු වූ මරණයක් බවයි.
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  109 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  49 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  114 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  924 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,192 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,396 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,295 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,794 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,646 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,083 Downloads



Top 10 Commenters

Latest Comments

Top