Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
මහනුවර රෝහලේදී ජීවිත තුනක් ජීවත් කරවීමට හදවත ඇතුළු අවයව ලබාගත් ප්‍රදීප් කුමාරගේ කතාව - Video

- මහනුවර රෝහලේදී ජීවිත තුනක් ජීවත් කරවීමට හදවත ඇතුළු අවයව ලබාගත් ප්‍රදීප් කුමාරගේ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

70,938 Views
"ප්‍රතිකාර මැද ඔහුගේ මොළය සම්පුර්ණයෙන් මියගිහින් තියෙන බව සනාථ වුණා"

"එයාගේ හදවතින් අද තව කෙනෙක් ජීවත් වෙනවා"

පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බද්ධ කිරීම දියුණු වෙමින් පවතින රටක් ලෙස අපේ රටේ සිතීමටත් අසීරු සැත්කමක්.

එහෙත් මෙරට වෛද්‍ය විද්‍යාවේ දියුණුව ලොවට කියාපාමින් මෙරටදී ප්‍රථම වරට සාර්ථක හදවත් බද්ධයක් කිරීමට වෛද්‍යවරුන් පිරිසක් සමත් වුණා.

මෙම අතිශය සුවිශේෂී සැත්කම සිදුකරනු ලැබුවේ පසුගිය සිකුරාදා මහනුවර ශික්ෂණ රෝහලේදී.

රියඅනතුරකින් මොළය අක්‍රීය වූ  24 හැවිරිදි තරුණයෙකුගෙන් ලබාගත් හදවතක් මෙහිදී බද්ධ කරනු ලැබුවේ අනුරාධපුරයේ පදිංචි 37 හැවිරිදි  ඩබ්ලිව් පුෂ්පා කුමාරිනම් කාන්තාවකටයි.

සියයට 12 ක පමණ ක්‍රියාකාරීත්වයකට සීමා වී තිබූ ඇගේ හදවත වෙනුවට  මෙලෙස බද්ධ කර ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් කුමාර සම්පත් නැමැති තරුණයාගේ හදවතයි.  

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී අනාවරණ කෙරුණේ  එම තරුණයාගේ වකුගඩු දෙක ද රෝගීන් දෙදෙනෙකුට බද්ධ  කර ඇති බවයි.  

මේ පිළිබඳව අදහස් දැක්වූ මහනුවර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක

"මොළය මියගිය මහනුවර ප්‍ර දේශයේ තරුණයෙක් අපේ රෝහලෙන් ප්‍රතිකාර ලැබුවා. ප්‍රතිකාර මැද ඔහුගේ මොළය සම්පුර්ණයෙන් මියගිහින් තියෙන බව සනාථ වුණා. ඊට පස්සේ මේ අයගේ පවුලේ අය හදවත සහ බද්ධ කරන්න පුළුවන් සියලුම අව යව බද්ධ කරන්න අවසර ලබාදුන්නා. අපේ හෘද වස්තු බද්ධ කිරීම කණ්ඩායම විදිහට වැඩ කරන විශේෂ වෛද්‍යවරුන් තුනදෙනෙක් ඉන්නවා. ඒ තුනදෙනාගේ මග පෙන්වීම මත ඒ හෘදවස්තුව ක්‍රමානුකුලව ඉවත් කිරීම සිදුකළා. මේ සාර්ථක බද්ධයෙන් පස්සේ දැන් තමයි තියෙන අභියෝගය මේ රෝගියාව රැක බලා ගැනීම. දැඩි සත්කාර ඒකකයේ ඉතාම වුවමනාවෙන් මෙයාව රැක බලා ගැනීම අවශ්‍යයි".

මහනුවර ශික්ෂණ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රොෂාන් පරණමාන  දැක්වූ අදහස් පහතින්

"අපි අවුරුද්දකට ඉස්සෙල්ලා පේෂන් බලනකොට එයාගේ හෘදය වැඩ කළේ 45%ක ප්‍රමාණයක් විතරයි. අපි දැන ගත්තා ඒක මුල් අවස්ථාවක්. හෘදය අකර්මණ්‍ය වෙනවා කියලා. ඉදිරි මාස 3  නැත්නම් 6 ඇතුලත කාලේ හෘදයෙන් වැඩ කළේ 10 – 12 % ක් විතරයි. ඉතිං ඒ අනුව අපි සායනික දත්ත බලලා අපි රෝගීන් 10  ක් විතර පරීක්ෂා කරලා අපි හතර දෙනෙක් තෝරාගත්තා මේ හෘදය බද්ධ කිරීමට සුදුසු අය. මොකද හැමෝමම සුදුසු නැහැ සමහර අයගේ එක එක ප්‍රශ්න තියෙනවා".

හදවත් බද්ධයට භාජනය වූ කාන්තාව මෙන්ම එම වකුගඩු බද්ධය සිදුකළ රෝගීන් දෙදෙනා ද මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ ඔවුන්ගේ තත්ත්වය යහපත් බවයි.

මෙම හදවත් බද්ධය සදහා විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්  සම්බන්ධ වී තිබෙනවා.

මේ අතර, ජීවිත තුනක් අද ජීවත් කරවන අවයව ලබාගත් ප්‍රදීප් කුමාර තරුණයාගේ අවසන් කටයුතු අද සිදුකෙරුණේ  මාවිකුඹුර උතුර පොදු සුසාන භූමියේදීයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  340 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  786 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,253 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  2,735 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,226 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,362 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,288 Downloads

Baila Loke - Ruky Rukman (Rukyboy)
Baila Loke
Ruky Rukman (Rukyboy)
⤵  4,492 Downloads

Shwetha Rathriya - Shan NK
Shwetha Rathriya
Shan NK
⤵  2,088 Downloads

Aadariye - Lahiru Promod
Aadariye
Lahiru Promod
⤵  5,735 Downloads



Top 10 Commenters

Latest Comments

Top