Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
"ඒ වගේ වචන ටිකක් වේදිකාවේදී කියයි කියලා මම හිතුවේවත් නෑ. ආදරේ ප්‍රකාශ කරද්දි මම පුදුම වුණා.." - Photos

- "ඒ වගේ වචන ටිකක් වේදිකාවේදී කියයි කියලා මම හිතුවේවත් නෑ. ආදරේ ප්‍රකාශ කරද්දි මම පුදුම වුණා.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,305 Views
"ගොඩක් අය හිතන්නේ අපි දෙන්නා අයියයි නංගියි කියලා.."

"අපි දෙන්නා එකම ස්කීම් එකේ ලේන් දෙකක ඉන්නේ.."

නිමාෂා සිරිවර්ධන දැන් ජනප්‍රිය තරුවක්. ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ආදරණිය පෙම්වතිය ඇයයි. ඒ නිසා පසුගිය දවස්වල මේ දෙන්නා ගැන බොහෝ දෙනා කතා බහ කළා. නමුත් ප්‍රසිද්ධියේ ඒ ආදර කතාව පුබුදු කිව්වේ රයිගම් සම්මාන උළෙලේදියි. ඒ ගැන නිමාෂාට දැනුණේ කොහොමද කියලා වගේම ඇය ගැන තොරතුරුයි මේ.

හංග හංග හිටපු පෙම් කතාව හැමෝම දැන ගත්තා නේද?
ඔව්නේ. අපේ ආදරේ එළිවුණානේ.

පුබුදුත් එක්ක තිබ්බ පෙම් කතාව නිමාෂා කාලයක් වහන් කළා. ඇයි ඒ?
මම පෞද්ගලිකත්වයට කැමැතියි. පුබුදු අයියයි මමයි එකට යද්දී ගොඩක් අය හිතන්නේ අපි දෙන්නා අයියයි නංගියි කියලා. අපේ මුහුණුවර එක වගේ කියලා තමයි ගොඩක් අය කියන්නේ. මමත් ඒ විදිහටම හිතන්න දුන්නා.

පුබුදු රයිගම් ටෙලි සම්මාන වේදිකාවේදී හැමෝම ඉදිරියේ ආදරය ප්‍රකාශ කරද්දී මොකද හිතුණේ?
එයා ඒ වගේ වචන ටිකක් වේදිකාවේදී කියයි කියලා මම හිතුවේවත් නෑ. එතැනදි ආදරේ ප්‍රකාශ කරද්දි මම පුදුම වුණා. ඒ වෙලාවේ මටත් හිතා ගන්න බැරි තරම් සතුටක් දැනුණේ.

පුබුදුගේ සම්මානය ගැන නිමාෂා ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා කියලා ආරංචියි?
හොඳම නළුවාට හිමි සම්මානයට දක්‍ෂයන් පිරිසක් තමයි නිර්දේශ වෙලා හිටියේ. හැබැයි පුබුදු අයියා රඟපාපු ටෙලි නාට්‍ය මම මුල ඉඳලම බැලුවා. අයියා ඒ වෙනුවෙන් කරපු කැප කිරීම මම දැක්කා. ඒ නිසා මම ආශාවෙන් හිටියේ අයියාට ඒ සම්මානය ලැබෙනවාට. හැබැයි අයියා මට කිව්වේ අපි යන්නේ සම්මාන ගන්න නෙමෙයි. සම්මාන උළෙල බලන්න කියලා. අපි දෙන්නා එකට ඉඳන් සම්මාන උළෙලක් බැලුවේ එදා තමයි. අයියට සම්මානය ලැබෙද්දීත් මට ගොඩාක් සතුටු හිතුණා.

පුබුදුගෙයි ඔයාගෙයි ආදර කතාව පටන් ගත්තේ කොහොමද කියලා දැන් කියමු නේද?
අපි දෙන්නා එකම ස්කීම් එකේ ලේන් දෙකක ඉන්නේ. හැබැයි මම එයාව දැකලා තිබුණේ නැහැ. අපේ පාසලේ බැජ් පාටි එකට ආරාධිතයෙක් විදිහට අයියා ආවා. එදා තමයි මම පුබුදු අයියව ඇත්තට දැක්කේ. එදා අපේ පාසලේ ළමයි පුබුදු අයියත් එක්ක ෆොටෝස් ගත්තා. මටත් එයා එක්ක එක ෆොටෝ එකක් ගන්න ලැබුණා. එදා මිස් ක්වීන් කිරුළ මට පැලැන්දුවෙත් අයියා. ඊට පස්සේ අපි කතා බහ කළා. අයියා පින් අතේ වැඩ කරනවා. අපිත් ඒ කණ්ඩායමක් එක්ක වැඩ කළා. ඔය අතරේදී තමයි අපේ ආදරයත් ප්‍රකාශ වෙන්නේ.

මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ පුබුදුද?
ඔව්. ඒකත් මට පුදුම කිරීමක්. අපි කළුතර බෝධියට පූජාවක් තිබ්බා. මමත් අපේ ගෙදර අය එක්ක ඒ පූජාවට ගියේ. එතැනදී අයියා මාව කළුතර බෝධිය ළඟට එක්ක ගිහින් මට කැමැතියි කියලා කිව්වා. මම එකපාර ගල් වුණා වගේ ඉදලා මුකුත් නොකියා එතැනින් ගියා.

හැබැයි නිමාෂාගේ හිතේ පුබුදු ගැන කැමැත්තක් තියෙන්න ඇතිනේ?
ඔව්. එයාට අකැමැති වෙන්න හේතුවක් තිබුණේ නැහැ.

පුබුදු නළුවෙක් කියන දේ ඔය කැමැත්තට බලපෑවද?
පුබුදු අයියා නළුවෙක් කියලා හිතලා මම යාළු වුණේ නැහැ. එයා පුද්ගලයෙක් විදිහට ගොඩක් හොඳ කෙනෙක්. ඕන දෙයක් ගැන එයාට හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා ඕන දෙයක් තේරුම් ගැනීමේ හැකියාව එයාට තියෙනවා.

නිමාෂාට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?
මම පුංචි කාලේ ඉඳන් වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. රංගනයටත් ආරාධනා ලැබුණා. මගේ උපාධියේ අධ්‍යයන කටයුතු නිසා රංගනය වෙනුවෙන් කාලය වෙන් කරන්න අපහසු වුණා. ඒ නිසා ඒ ආරාධනා අතහැරලා දැම්මා.

රංගන කටයුතු අතහැරියේ පුබුදු නිසා නෙමෙයිද?
මම රංගනයට සම්බන්ධ වෙනවට එයාගේ අකැමැත්තක් නැහැ. මම කැමැතියි පුබුදු අයියත් එක්ක චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. අවස්ථාවක් ලැබුණොත්, සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැතියි. දැන් හොඳ ගුරුවරයෙකුත් මට ඉන්නවනේ. එයා මට රංගනය කියාදෙයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,324 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,296 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,378 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,568 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,185 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,890 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top