Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
දඹුලු ලෙන් විහාරය තාවකාලිකව වසා දමයි - Video

- දඹුලු ලෙන් විහාරය තාවකාලිකව වසා දමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,008 Views
දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන් සඳහා තාවකාලිකව වසා තැබීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ ඊයේ (10) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී.

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය අද පස්වරුවේ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ එහිදී පුරාවිද්‍යා උරුමයන් සහ බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය ඇතුළු බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දියත් කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සකච්ඡා කෙරුණු බවයි.

ඒ අනුව දැඩි ලෙස විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති ලෝක උරුම රංගිරි දඹුලු ලෙන් විහාර සංරක්ෂණය වේගවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, දෙස් විදෙස් සංරක්ෂණ විශේෂඥයින්ගේ උපරිම දායකත්වය ලබාගැනීමටත් සිතුවම් සහ පිළිම පිළිබඳ නැවත කරුණු විමර්ශනය සඳහාත් දේශීය හා විදේශීය තාක්ෂණය උපයේගී කරගනිමින් සංරක්ෂණ කටයුතු දියත් කිරීමට නියමිතයි.

දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයින් සඳහා තාවකාලිකව වසා තැබිය යුතු බවට ද එහිදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව කරුණු 7 ක් යටතේ සංරක්ෂණ කටයුතු සිදුකිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

1. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිතු සිතුවම් සංරක්ෂණ නිලධාරීන් දඹුලු විහාරයේ බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු සදහා පූර්ණ වශයෙන් යෙදවීම.

2. බිතුසිතුවම් සංරක්ෂණය සඳහා ප්‍රවීණතාවක් උසුලන සියලුම සංරක්ෂණ විශේෂඥයින් හට ආරාධනා කර සංරක්ෂණ කටයුතු සදහා ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම.

3. දඹුලු විහාරයේ සාපේක්ෂණ ආර්ධතාවය දෛනිකව මැනගැනීම සඳහා නිශ්චිත කාලයක් තුළදී ආර්ද්‍රතාමාන සවිකිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් ලබාදීම.

4. දඹුලු විහාරයේ දොරටුවලින් කුඹලුන් හා වෙනත් කෘමින් ඇතුළුවීම වැළැක්වීම සදහා දැල් හෝ වෙනත් ආවරණ සවි කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් දීම.

5. දඹුල්ල විහාරයේ ලෙන් තුළ එක්වරකට සිටිය හැකි ආගන්තුකයින් සංඛ්‍යාව ගණනය කර එය පාලනය කිරීම සඳහා ස්වයංක්‍රීය දොරටු සවිකිරීම.

6. දඹුලු විහාරය තුළ ක්‍රමවත් ආලෝක පද්ධතියක් සවිකිරීම.

7. දඹුල්ල විහාරය තුළ ක්‍රමවත් ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකිරීම.

මෙම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වැයවන සමස්ත පිරිවැය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දැරීමටද එකඟතාව පළවී තිබෙනවා.

මීට අමතරව රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරිමේ කටයුතු පුරාවිද්‍යා ආඥා පනත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පනත සහ විහාර දේවාලගම් ආඥා පනත ප්‍රකාරව පැවරී ඇති නෛතික බලතල උපයෝගි කර ගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදුකිරීමටත් පුරාවිද්‍යා උපදේශන සභාව තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දඹුලු විහාර පාර්ශ්වයේ ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කර විහාරයේ සෙසු කටයුතු සඳහා අවශ්‍ය මුදල් දඹුලු ලෙන් විහාරයේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන මුදලින් වෙන් කිරීමටද තීරණය කර ඇති බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  18,859 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,544 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,686 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  6,904 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,302 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,257 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,283 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,210 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,227 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  6,041 Downloads



Top 10 Commenters

Latest Comments

Top