"මචං දිනේෂ් , මට උඹත් එක්ක ලගින් ඉදං photo එකක් ගන්න ඕනෙ"..
"උඹවයි මාවයි වැඩිය කවුරුත් දන්නෙ නැති කාලෙත් අපි අපිව හොදට දන්නවා"
මුහුණු පොත හරහා අපට දිනපතා අලුත් අලුත් තොරතුරු දැනගන්න ලැබෙනවා.
එය කොයිතරම් මිනිසුන්ට සමීපද කිව්වොත් දැන් උපන්දින මෙන්ම ලඟම සිටින නෑදෑයෙකුගේ වත ගොත හොයන්නේද මේ මුහුණු පොත හරහායි.
අපි මේ කියන්න යන්නෙත් මුහුණු පොතෙන් අපූරූ උපන්දින සුබ පැතුමක් එක්කල රංගන ශිල්පියෙක් ගැනයි.
ඔහු නමින් ධනංජය සිරිවර්ධනයි. ඔහු එලෙස සුබ පැතුම් එක්කර තිබෙන්නේ අපේ කාලයේ සංගීතවේදියෙක් වන දිනේෂ් සුබසිංහටයි.
දිනේෂ් සුබසිංහ නම් තරුණ සංගීතවේදියා ජාත්‍යන්තර කරළියේ ද කතා බහට ලක් වන චරිතයක්.
ඔහු ගැන ලංකාවේ නොදන්න කෙනෙක් නැතිතරම්. ඡායාරූප කිහිපයක්ද එක්කරමින් ධනංජය අපූරූ කියමනකුත් මෙම උපන්දින සුබ පැතුමට එක්කර තිබෙනවා.
එම සටහන පහතින් බලන්න
"මචං දිනේෂ් , මට උඹත් එක්ක ලගින් ඉදං photo එකක් ගන්න ඕනෙ..
මං උඹව දන්නෙ ගොඩ කාලෙකට කලින්. උඹවයි මාවයි වැඩිය කවුරුත් දන්නෙ නැති කාලෙත් අපි අපිව හොදට දන්නවා. එත් අද වගේ දවසක දාන්න වැදගත් selfy එකක් නෑනෙ. හැම photo එකේම උඹ දුරින් ඉන්නේ. එනිසා අනික් දවසෙ හම්බුන ගමන් ඒ වැඩේ කරමු.
හැබැයි මේ වගේ දවසක දාන්නම නෙවෙයි. තව අවුරුදු ගානකට පස්සෙ බලල සතුටු වෙන්න. මොකද මං හැමදාම කියනව වගේ උඹ අපේ කාලෙ musician. ඊටත් වඩා මං ඔයාගෙ fan කෙනෙක්. අද අපි අදහන කේමදාස ඝාන්දර්වයානන් ගේ සමකාලීනයො අඩම්බරෙන් එතුමා ගැන කතා කරනව වගේ තව අවුරුදු ගානකට පස්සේ උඹ ගැන මට කියන්න පුලුවන් . ඒත් එතකොට මිනිස්සු අහයි කෝ ඔයාල ගත්ත selfy කියල. (අපි මේ ගෙවන්නේ selfy යුගය නිසා) එනිසා අපි selfy ගමු.
ලංකාවට ආපු ගමං හම්බෙමු. හොද vine බෝතලයක් අරං වරෙන්.
ඔහ්.. තව පොඩ්ඩෙං අමතක වෙනවා..
උඹට සුබ උපන් දිනක් වේවා!"

