වයස අවුරුදු 16 ක පාසැල් දැරියකගේ අත් අකුරු වලට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මුඩි වශී වී ඇති බව ලිපියක් මගින් දන්වා යවා තිබෙනවා.
ඊට හේතුව වී තිබෙන්නේ අදාළ පාසල් දැරිය කලක පටන් නරේන්ද්‍ර මුඩිට ලිපි ලියා යැවීමයි.
නමින් අයිස්වර්යා වන එම පාසල් දැරිය ජීවත්වන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේයි.
ඇය මුඩි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට පෙර සිටමයි මෙලෙස ලිපි ලියා ඇත්තේ.
එම ලිපි මගින් ඇය මූඩිට දන්වා ඇත්තේ රටේ පොදු පහසුකම්, අධ්‍යාපනය, ළමා අයිතීන් සහ ආර්ථිකය ආදී කරුණු සම්බන්ධයෙන් තමන්ට හැඟෙන සිතුවිලියි.
දිගින් දිගටම එලෙස ලිපි ලියා යැව්ව ද ඒවා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු අතර, පසුගියදා ඇය වෙත අගමැති මූඩිගෙන් පිළිතුරු ලිපියක් ලැබී තිබෙනවා. එය ඉන්දීය අග්‍රාමාතවරයා විසින් අත්සන් කර ඇති අතර, එහි සදහන්ව ඇත්තේ ඇයගේ අත් අකුරු පිළිබදව තමන් වශීකෘත වී ඇති බවයි.
මීට අමතරව එම ලිපිය මගින් වැඩිදුරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඇගේ අත් අකුරු ඉතා හොද බවත්, එමගින් හොද අධ්‍යාපනයක් ලැබීමට වරම් ලැබේවා යන ලෙස ඔහු විසින් සුභ පැතුම ද එක් කර තිබෙනවා.
එය එසේ වූවත් අයිස්වර්යා පවසන්නේ තමන් කිසිදු අවස්ථාවක ප්‍රතිචාර අපේක්ෂාවෙන් ලිපි නොලියු බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මුඩි අයිස්වර්යාට ලියූ පිළිතුරු ලිපිය පහතින් බලන්න....