යුරේනි ව්‍යාපාර කටයුතුවලින් ඈත් වෙන්න තීරණය කළේ ඇයි?මේ දවස්වල වෙනදට වඩා ගොඩක් කාර්යබහුලයි. හිතපු නැති විදියට පොඩි වැඩ වගයකට ආරාධනා ලැබුණා. ඒ වැඩත් එක්ක ව්‍යාපාර ක්ෂේත්‍රයට අවධානය යොමු කරන්න අපහසු නිසා තාවකාලිකව ව්‍යාපාර කටයුතු නවත්වන්නට තීරණය කළා.
වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න අවශ්‍ය සුදසුකම් යුරේනිට තියෙනවාද?මම කියන්නෙ නෑ මට ඔක්කොම සුදසුකම් තියෙනවා කියලා. හේතුව මම භාරගන්න චරිතෙට මම උපරිම සාධාරණත්වය ඉටු කරනවා. මම තාමත් රංගනය ගැන ඉගෙන ගන්නවා. තව ගොඩක් මහන්සි වෙන්න ඕන වෘත්තීයමය මට්ටමේ රංගන ශිල්පිනියක් වෙන්න. ඉතින් මම එතැනට යනවා.
සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැද්ද?ආරාධනා කිහිපයක් ලැබුණා. ඒත් තවම තීරණය කළේ නෑ. භාරගන්නවාද නැද්ද කියලා. මට ගැළපෙන හිතට දැනෙන නිර්මාණයක් ලැබුණොත් මම භාර ගන්නවා.
රංගන ජීවිතයේ යුරේනි සීමාවක් තියාගෙනද වැඩ කරන්නේ?
එහෙම විශේෂ සීමාවක් නෑ. මම දන්නවා තැනකට ගිහින් ඉන්න ඕන විදිය. මම කවුද කියල දන්න නිසා මට එහෙම සීමාවක් හදාගන්න වුවමනාවක් නෑ.
වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියකට රංගනයේ යෙදෙන්න ආරාධනා කළොත් යුරේනි භාරගන්නවාද?
ඒ නිර්මාණය හොඳ නම් හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ සිදුවන අන්තර් ජාතික වශයෙන් පිළිගැනීමක් ලැබෙන නිර්මාණයක් නම් භාර ගන්නවා. අපේ රටේ ලිංගිකත්වය කියන දේ දිහා බලන්නේ වපර ඇහින්. ඒ දේ කලාත්මක විදියට බැලුවොත් ප්‍රශ්නයක් නෑ. ඒත් තාම එහෙම සමාජ රටාවක් ලංකාවේ ඇතිවෙලා නෑ.
ඇයි අපේ රටේ ඒ දිහා වපර ඇහින් බලන්නේ?
අපේ රටේ ලිංගිකත්වය කියන දේ සාමාන්‍ය දෙයක් වෙලා නෑ. ඒත් හොලිවුඩ් චිත්‍රපටිවල ලිංගිකත්වය කියන දේ සාමාන්‍යයයි. චිත්‍රපටයක දර්ශන නෙවෙයි අපට වැදගත් වෙන්නේ. කතාව මොකක්ද කියන එකයි.හැම විනාඩියකම චිත්‍රපටයේ කාමය කාමය කියන දේ පෙන්වන්න ගියොත් එතන තියෙන්නේ වාණිජ පරමාර්ථයක්. තාම ලංකාවේ පොඩි හරි ලිංගික දර්ශනයක් චිත්‍රපටයක ඇතුළත් වුණොත් එතන වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය ඇලවෙනවා.
යුරේනිට නිවේදනයට ආරාධනා ලැබෙන්නේ ජනප්‍රියත්වය නිසා කීවොත්?
මම සතුටු වෙනවා ජනප්‍රියත්වය නිසා නිවේදනයට සම්බන්ධ වුණාට. මම මොන වැඩක් කළත් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිසා මම නිවේදනයට උපරිම සාධාරණත්වයක් ඉටු කරනවා.
අද වනවිට රංගන ශිල්පීන් අතර විවිධ මත ගැටුම් ඇතිවෙලා තියෙනවා?
වෘත්තියයි පෞද්ගලිකත්වයයි පටලවා ගන්න ගියොත් තමයි මොන ක්ෂේත්‍රයෙ වුණත් ගැටුම් ඇති වෙන්නේ. තමන් තමන් නිවැරදිව ඉන්නවා නම් ඇනකොටා ගෙන ගහමරාගන්න වුවමනාවක් නෑ.
කලා ක්ෂේත්‍රයේ යුරේනිට යාළුවෝ නැද්ද?
මේ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම මගේ යාළුවෝ. මම හැම වෙලේම බලන්නේ ඒ අයත් එක්ක මිත්‍රශීලීව ඉන්න. නැත්නම් විශේෂ යාළුවෙක් මට නෑ.
ඇඟ නිරාවරණය වන විදියට විලාසිතා තෝරාගන්න හේතුව අවධානය ලබාගන්නද?
එහෙම දෙයක් නෑ. මට ලස්සන ඇඟක් තියෙනවා. උදේ සවස මම මහන්සි වෙන්නේ මගේ ඇඟ ලස්සනට තියාගන්න. තරුණ කාලේ විතරයි කොටට ඇඳලා ලස්සන විලාසිතා කරන්න පුළුවන්. අපි මවක් වුණ කාලෙට කොටට ඇඳලා ගියොත් ඒක විහිළුවක් වෙනවා. මට කාගෙවත් අවධානය ගන්න ඕන නිසා නෙමේ මම කොටට අඳින්නේ. මට වුවමනා නිසා. මොකද ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ. අද කාලේ හිසේ සිට දෙපතුල දක්වා ඇඟ වහගෙන ඉන්න අය තමයි කරන තරමක් ජරා වැඩ කරන්නේ.
යුරේනි තනිකඩව හිටියා ඇති කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම හිතුන කාලයක් තිබුණා. ඒත් බොරුකාර, වංචාකාරයන්ට රැවටුණා. මම තීරණය කළා ආදරය සම්බන්ධයෙන් ගොඩක් බැරෑරුම්ව හිතන්න. සමහර වෙලාවට මම ආදරයෙදි බොළඳයි. මම අවංකව ආදරය කරන කෙනෙක්. ඒ නිසා දැන්ම යුරේනි විවාහ වෙන්නේ නෑ. ඒත් යුරේනි හොඳ කෙනෙක් ලැබුණහම ඉක්මනටම විවාහ වේවි.
යුරේනි කාලෙන් කාලෙට පෙම්වතුන් මාරු කරනවා කියලා කීවොත්?
මම නම් කවදාවත් එහෙම ඇඳුම් මාරුකරන්න වගේ පෙම්වතුන් මාරු කළේ නෑ. ඒ හැමෝම මාරුවෙලා ගියා මිසක්. සමහර වෙලාවට මම තනියම හැදුන නිසා වෙන්න ඇති මම ඒ අයට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතලා යනවද දන්නේ නෑ. එහෙම නැත්නම් මගේ ළඟ අනාරක්ෂිතයි කියලා හිතනවා ඇති. මම කොහොමත් බොරුකාරයින්ට වංචාකාරයින්ට කැමති නෑ.