ස්වයං වින්දනයේ යෙදීම සඳහා නව ක්‍රමයක් අත්හදා බැලීමට ගිය පුද්ගලයෙකුට අවසානයේ රෝහල් ඇඳ මත නවතින්නට සිදුවූ පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා.
ඔහු විරාත් නැමැති 33 හැවිරිදි පුද්ගලයෙක්.
පසුගිය සෙනසුරාදා දහවල් කාලයේදී ඔහු විසින් ලෝහමය රවුම්වලින් සෑදූ උපකරණයක් මගින් ස්වයං වින්දනයේ යෙදීමට තැත් කර තිබුණා.
ඒ අවස්ථාවේදී එය වැරදී යාමෙන් ඔහුගේ ලිංගේන්ද්‍රියට දැඩි ලෙස හානි සිදුව තිබෙන අතර පසුව ඔහු රෝහල වෙත ගොස් තිබෙනවා.
එහිදි වෛද්‍යවරුන් පැය භාගයක පමණ කාලයක් උත්සාහ කළද එම ලෝහ රවුම් ඉවත් කිරීමට නොහැකි වීම නිසා පසුව ගිනි නිවන හමුදාවේ සහය ලබා ගැනීමටද රෝහල් කාර්ය මණ්ඩලයට සිදුව තිබුණා.
ගිනි නිවන භටයින් විසින් රෝහලේදී පැය භාගයක පමණ කාලයක් වැය කර ඔහුගේ සිරුරෙන් එම ලෝහ රවුම් කපා ඉවත් කර ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.