ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට විශ්වාසක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් මහේල ජයවර්ධන ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම තුල සටහනක් තබමින් පවසා ඇත්තේ තමන්ට එවැනි අදහසක් නොමැති බවත් තමන්ගේ වැඩි අවධානය මේ වනවිට යොමුව ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සහ කුලනා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සඳහා පමණක් බවයි.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට තමන් පත්කරනු ඇති බවට පලවූ වාර්තා පිළිබදව තමන් ආඩම්බර වන බවත් ඔහු සිය ට්විටර් ගිණුම තුල දක්වා තිබෙනවා.