"ගමේ ඉන්න මුස්ලිම් අය පන්සලට ධානය දෙනවා"
ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අවසන් කිරීමේ ඉෆ්තාර් උත්සවයක් විහාරස්ථානයක බෝමළුවේදී පැවැත්වීමේ පුවතක් අම්බලන්තොට, බෝලාන ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අම්බලන්තොට, බෝලාන උච්චවාලික රජමහ විහාරයේදී රාමසාන් උපවාසය අත්හැරීමේ මෙම උත්සවය පැවැත්වුණේ එහි විහාරාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
විහාරාධිපති හිමියන් වන බැරගම නන්දසිරි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය සහ බෞද්ධ දායක දායිකාවන්ගේ පූර්ණ දායකත්වය සහිතව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඉෆ්තාර් උත්සවය මෙසේ පන්සලේ සැමරා ඇති බවයි වාර්තා වුණේ.
මේ පිළිබඳ විහාරාධිපති හිමියන්,
'' අපේ ගමේ මුස්ලිම් සිංහල දෙමල යන ජන වර්ග තුනම ජිවත් වෙනවා ගමේ ඉන්න මුස්ලිම් අය පන්සලට ධානය දෙනවා අපිත් හිතුවා ඒ ආගමික සහජීවන වැඩිවෙන්න උවුන්ගේ ආගමික උත්සවයන්ද පන්සලේ සමරන්න ඒ සම්බධයෙන් මම අල් මස්දුල් අරුශියා ජුම්මා පල්ලියේ මවුලවි තුමන් වන ඒ .කේ .ටි .තවුෆික් පුජක තුමන් සමග සාකච්චා කරලා තමයි මේ ආකාරයෙන් පන්සලේ මෙම උත්සවය සමරන්න කටයුතු කළේ.
ශ්‍රී ලංකා තබ්ලික් ජමාත් මහතා,
"මේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ජනතාව එකතුවෙලා සියලුම මිනිසුන් එකයි කියල ඔප්පු කළා. මෙවන් ස්වාමින් වහන්සේලා ගම්වල ඉඳලා සමාජය හැදුව නම් සමාජයේ ගොඩක් දුරට ප්‍රශ්න නෑ,"