Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
26
කොට්ටාවේදී ඝාතනය වූ තරින්දිගේ ඝාතකයා සියල්ල හෙළිකරයි - පොලිසියට කළ පාපොච්චාරණය මෙන්න - Video & Photos

- කොට්ටාවේදී ඝාතනය වූ තරින්දිගේ ඝාතකයා සියල්ල හෙළිකරයි - පොලිසියට කළ පාපොච්චාරණය මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

93,288 Views
පෙම්වතා තවත් තරුණියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිහින්....

අලුත් පෙම්වතිය හොර රහසේ හමුවී පෙම්වතාගේ වැරදි කියලා...

කොට්ටාව - හොරණ පාර ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසියට පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

එමඟින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ තරුණිය සමග තමන් මීට පෙර ප්‍රේම සබඳතාවක් පැවැත්වූ අතර, සති කිහිපයකට ඉහතදී එය නවතා දැමූ බවයි.

ඉන් පසුව තමන් තවත් තරුණියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවද ඔහු පොලීසියට පවසා තිබෙනවා.

මියගිය තරුණිය තම අලුත් පෙම්වතිය හොර රහසේ හමුවී තමන් පිළිබඳ වැරදි තොරතුරු ප්‍රකාශ කිරීමෙන් උරණවීම නිසා ඝාතනය සිදුකළ බවයි ඔහු පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.

නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ පස්වරුවේ පොලීසියට භාර වූ සැකකරු හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඝාතනයට ලක්වූ 26 හැවිරිදි මෙම තරුණියගේ පියා ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙක් වනවා.

සැකකරු හක්මන  - බඩබැද්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවටද අනාවරණ වී තිබෙනවා.

කොට්ටාවේ පිහිටි සිය නිවස තුළ කාමරයේ දී ඝාතනට කර තිබූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ සිරුර පසුගියදා හමුවුණා.

ඝාතනයට ලක් වූ තරුණියගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේ දී සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ තරුණියගේ ගෙල ප්‍රදේශයේ ඉදිරිපසට හා පසුපසට පිහි පහර 20කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි.

එමගින් අධික ලෙස ලේ වහනය වීම නිසා මරණය සිදු වී ඇති බවයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

සැකකරු වසර 02කට ආසන්න කාලයක සිට මෙම නිවසට යන එන පුද්ගලයෙකු බවද සඳහන්.

පරීක්ෂණ වලදී අනාවරණය වුණේ සිද්ධිය වන දිනට පෙර රාත්‍රියේ ඔහු මෙම නිවසේ නැවතී සිට ඇති බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  18,858 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,544 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,686 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  6,901 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,300 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,257 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,283 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,210 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,227 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  6,041 Downloads



Top 10 Commenters

Latest Comments

Top