පසුගිය 23 වනදා සිට ප්‍රංශයේ Paul Ricard ධාවන පථයේ Lamborghini Super Trofeo ධාවන ඉසව් පටන් ගත්තා.
එම ධාවන ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවද සහභාගී වී සිටිනවා.
ඊයේ (24) මෙන්ම අදත් (25) එම ධාවන ඉසව් තිබෙන බවයි ඩිලන්න මාලගමුව සිය මුහුණු පොතේ සඳහන් කර තිබෙන්නේ.
කෙසේ වෙතත් එම තරඟ ජයග්‍රහණය කරන්න සියලු උත්සහය දරන බවද ඔහු එහි සඳහන් කර ඇත.
මේ අතර ඔහුගේ මොටර් රථයේ විශේෂ ස්ටිකරයක් අලවා තිබෙනවා. ඒ හදිසි අනතුරක් හේතුවෙන් අප අතරන් සමුගත් සුපිරි ධාවන ශූරයෙකු වූ ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන්.
එම ස්ටිකරයේ දැක්වෙන්නේ ආනන්ද වෙඩිසිංහ ඔබට නිවන් සුව යනුවෙනුයි.