හම්බන්තොට සිප්පිකුලම පාසල් මාවතේ දී පිරිසක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් නිසා නිවසකට හා ත්‍රිරෝද රථයකට හානි සිදුකරමින් පුද්ගලයන් දෙදෙනෙකුට පහර දී තිබෙනවා.
මෙම සිද්ධිය පොලිසියට වාර්තා විමෙන් පසුව ඥාතින්ගේද සහයෝගය ඇතුව තුවාල කරුවන් හම්බන්තොට රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එක් අයෙකු මිය ගොස් තිබෙන බවයි වාර්තාවන්නේ.
තවත් පුද්ගලයෙක් මේවන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව හම්බන්තොට පොලිසිය පැවසුවා.
මෙසේ මියගොස් ඇත්තේ හම්බන්තොට සමඟිපුර පදිංචිව සිටි 37 හැවිරිදි අනුර සජාන් කුමාර නැමැත්තෙකුයි.
සිද්ධිය සම්බන්ධයෙන් හා මෙම ඝාතනයට සම්බන්ධ බව කියන පුද්ගලයා පොලිසිය විසින් හදුනාගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් බලගොස් ඇති බවයි පැවසෙන්නේ.
එම ඝාතකයා අත්අඩංගුවට ගැනිම සඳහා හම්බන්තොට පොලිසිය පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.