විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ මළ සිරුරක් ඔහු පදිංචිව සිටි නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.
වව්නියාව කුරුමන්කාඩුව ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී මෙලෙස හමුවී ඇත්තේ 73 හැවිරිදි හිටපු පොලිස් නිලධාරියෙක්ගේ මළ සිරුරක්.
මෙම පුද්ගලයාගේ බිරිඳ කිලිනොච්චියේ ඥාති නිවසක් වෙත ගොස් සිටි අවස්ථාවක ඔහු මියගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.
අසල්වාසීන් මෙම විශ්‍රාමික පොලිස් නිලධාරියා පිළිබඳ සොයා බැලීමේදීයි ඔහුගේ මළ සිරුර දැක ඇත්තේ.
අනතුරුව ඔවුන් ඒ පිළිබඳ වව්නියාව පොලිසිය දැනුවත් කර තිබෙනවා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.