Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
24
"ආදරේ ඉල්ලන් පස්සෙන් එන ‍පිරිමි ළමයින්ගෙන් නම් අඩුවක් තිබුණේ නෑ.."ශෂිකා නිසංසලා - Photos

- "ආදරේ ඉල්ලන් පස්සෙන් එන ‍පිරිමි ළමයින්ගෙන් නම් අඩුවක් තිබුණේ නෑ.."ශෂිකා නිසංසලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
"ඒ අනතුරෙන් අනුනවයෙන් බේරුණේ.."

"අගහිගකම් නොතිබුණාම නෙමෙයි.."

ගයන හැම ගීයක්ම ජනප්‍රිය වෙන්නේ හරි අඩුවෙන්.ශෂිකා නිසංසලා කියන්නේ ඇගේ හැදින් ගැයෙන හැම ගීයක්ම ජනප්‍රිය වෙන ගායිකාවක්.ගමෙන් නගරයට ආවත් ඇය සංගීතයේ සරලව ජිවත් වෙන ගායිකාවක්.බොරු ආටෝප නැති ඇයට බොහෝ දෙනා ඇලුම් කරන්නේ ඒ නිසයි.ශෂිකා ගැන මෙහෙම සටහනක් පුවත් පතක සදහන් වෙලා තිබුණා

 ගමේ පාසලෙන් නගරයට
මගේ ගම ඇහැළියගොඩ.අම්මා,තාත්තා, මල්ලි, මම අපේ පවුලේ සාමාජිකයන්.මම ඇහැළියගොඩ පාසලට තමයි සා.පෙළ දක්වා අධ්‍යාපනය හදාරන්න ගියේ. පසුව උ.පෙළ හදාරන්න නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වනවා.එය මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්.ගමේ ඉඳලා නගරයේ පාසලකට ඇතුළත් වී ටික කලක් ගතනවකම් ටිකක් නුහුරු වුණා. උ.පෙළට අලුතෙන් ඇතුළත් වු අපිව හඳුනා ගැනීමට කලා උළෙලක් සංවිධානය කර තිබුණා. ඒ සඳහා උ.පෙළ ශාස්ත්‍රීය හා සරළ ගී ගායනා තරග සඳහා මමත් අයැදුම්පත් දැම්මා. මට මතකයි සරත් සර් තමයි මේ ගායනය අපට පුරුදු පුහුණු කළේ. ඒ වනවිට දීපිකා ප්‍රියදර්ශනී මිස් අපේ පාසලේ සංගීතය උගන්වනවා කියා අසා තිබුණත් ඒ වනතෙක් මම දැක තිබුණෙ නෑ. කොහොම හරි කලා උළෙලේදි මගේ ගායනය දීපිකා මිස් අසා තිබෙනවා. පසුව මට කතාකර ' පුතේ ඔයා එන්න මගේ පංතියට. මම ඔයාට සංගීතය උගන්වන්නම්' කියා පොරොන්දුවුණා. මට මතකයි ඒ තරගයෙන් පළමුවැනියා වුණේ මමයි.

• විශ්වවිද්‍යාල වරම්
උ.පෙළ සඳහා නාට්‍ය හා රංග කලාවත්, සංගීතය, සිංහල විෂයයන් තෝරා ගත්තත් එය විශ්වවිද්‍යාලට පිවිසෙන්න නොහැකි විෂයන් නිසා නාට්‍ය හා රංග කලාව අයින්කර තර්ක ශාස්ත්‍රය හදාරන්න සිදුවුණා. අවිස්සාවේල්ලෙ ඉඳන් නුගේගොඩට යන පාසල් බසයේ නැගපු වෙ‍ලාවේ ඉඳන්ම පාඩම් කරන එක මගේ පුරුද්දක්.ඒ කාලෙ තමයි 1999 පැවැත්වු තුරුණු ශක්ති තරගයට සහභාගිවුණේ.තුරුණු ශක්ති තරගාවලියට සහභාගි වු නිසා පාසල් වැඩ ගොඩක්ම අතපසු වුණා. ඇතැම් ගුරුවරු අම්මාව කැඳවා ‍ෙපෟද්ගලිකවම මා සංගීතයට යොමු කිරීමෙන් අධ්‍යාපනය කඩාකප්පල් වන බව පවසා තිබුණා.ඒත් ඒ අය මගේ කැමැත්තට ඉඩ දුන්නා. තාත්තා විතරක් රැකියාව කළ නිසා ගෙදර අගහිඟකම් නොතිබුණාමත් නොවෙයි. ඒත් එහෙමයි කියලා කවදාවත් තාත්තා හෝ අම්මා මාව තනියම පංතියකට ඇරියේ නෑ. මගේ සෙවණැල්ල වගේ ඒ දෙන්නා මට රැකවරණය දුන්නා. උ.පෙළ ප්‍රතිඵල ආපු දවසේත් එය බලන්නවත් නොගියේ බලාපොරොත්තු වු ප්‍රථිඵල ‍නැතිවුණොත් දුක හිතෙයි කියා. මගේ පන්තියේ මිතුරියක්වන නෙළුම් ප්‍රතිඵල බලා ඒ සමාර්ථ තුනක් ලබා තිබෙන බව පැවසුවා.මට මතකයි විභාගයදා සංගීත ප්‍රශ්න පත්‍රය අමාරු වුණා කියා ගෙදර ඇවිත් ඇඬුවා.තාත්තා තමයි මගේ සිත හැදුවේ.එහෙම වෙලත් ඒ සමාර්ථ තුනක් ලබාගෙන විශ්ව විද්‍යාල වරම් ලබන්න හැකිවුණා.

• තුරුණු ශක්ති ජයග්‍රාහි කිරුළ පැළඳුවා
හැමදාම අවිස්සාවේල්ලෙ ඉඳලා නුගේගොඩට පාසල් ගිය සී.ටී.බී පාසල් බස් එකේ යාළුවො කට්ටියක් හිටියා. මට මතකයි දර්ශන අයියා, ලක්මාල් අයියාත් සංගීතයට විශේෂ උනන්දුවක් දැක්වුවා.ඔවුනුත් අද සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනු ශිල්පීන්. ලක්මාල් අයියා තමයි කියුවේ තුරුණු ශක්ති තරගය ගැන. ඔහු අපි හැමෝටම ඉල්ලුම් පත් ගෙනැත් දුන්නා. එහි පළමු වටයෙන් තේරුණා. අපේ දිස්ත්‍රික්කයෙන් 15යි තෝරාගත්තේ. ඉන් පසුව පළාත් තරගයෙනුත් පළමුවැනියා වුණා. 2000 වසරේ මුල තමයි අවසන් මහා තරගය පැවැත්වුණේ. එයිනුත් මට හොඳ ලකුණු ප්‍රමාණයක් ලැබුණා. එහි මගේ අංකය වුණේ 13 . ඒ ගැන පොඩි බයකුත් තිබුණා. ඒත් වැඩි ලකුණු ප්‍රමාණයක් අරගෙන තරගයේ ජයග්‍රාහකයා වෙන්න හැකිවුණා. රෝහණ වීරසිංහ, නන්දා මාලනි, වික්ටර් රත්නායක වැනි ප්‍රවීණයන් රැසකගේ සහභාගිත්වයෙන් ජාතික තරුණසේවා සභාවේදි තුරුණු ශක්ති වේදිකාවේ දක්ෂතම ගායිකාව බවට ඒ රාත්‍රියේදි සම්මානයට පාත්‍ර වුණා.ඒ මොහොත කවදාවත්අමතකවෙන්නෙ නෑ. ඒ ආ ගමන්මඟ නොවන්නට සමහරවිට ශෂිකා නිසංසලා කියා ගායිකාවක් බිහිනොවෙන්නත් ඉඩ තිබුණා.

• තරුණයන්ගෙන් විවාහ යෝජනා
මගේ ජීවිතේටත් අනෙක් තරුණියන්ට වගේම මුහුණ දෙන්න සිදුවූ පොදු සිදුවීම වන ආදරේ ඉල්ලන් පස්සෙන් එන ‍පිරිමි ළමයින්ගෙන් අඩුවක් තිබුණේ නෑ.මට මතකයි 6-7 වසර ඉගෙනගන්න කාලෙ ඉඳල පිරිමි ළමයි ආදරේ ඉල්ලන් පස්සෙන් ආව. ගමේ පාසලට යන කාලෙත් එහෙමයි. ‍අනුලාවට ආපු කාලෙ ඊටත් වැඩියි.එය තවත් වැඩි වුණේ සංගීතයෙන් ටික ටික ඉදිරියට යනකොට ප්‍රදේශයේ ටිකක් මාව ප්‍රසිද්ධ වෙන්න ගත්තට පස්සෙ. පසුව තුරුණු ශක්ති හරහා රටේ ප්‍රසිද්ධ වුණාට පස්සෙ විදේශ රටවල සිටින තරුණයන් පවා මා ගැන යෝජනා ගෙන ආවා. තාත්තගෙන් ගෙදරටම ඇවිත් මා ගැන අහපු අය කොතරම් සිටියද.? සමහර අය පසුකාලීනව විවාහ වෙන්න සිටින බව දැන දැනත් යෝජනා ඉදිරිපත් කළා. එහෙත් මගේ හිමිකරුවා ලැබෙන්නෙ විශ්වවිද්‍යාලයට ගියාට පස්සෙ.

• විවාහය ජයටම ගත්තා
විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගනිමින් සිටින අතරේ ජීවිතයේ සිදුවිය යුතු විශේෂිත තීරණයක් ගැනීමට සිදුවුණා. ඒ විශ්ව විද්‍යාලයට ගිහින් වසර එකයි මාස අටක් ගත වුවාට පසු සුරංගගේ ආදරය පිළිගත් දවස. ඔහුත් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිය හැදෑරූ මට වඩා ඉහළ වසරක සිසුවෙක්.එයාගෙ ගම ඇඹිලිපිටිය. මට මතකයි ඔහු මට මුලින්ම ආදරය ප්‍රකාශකළේ 2003 අගෝස්තු 24. ඒ දවස අද වගේ මතකයි.
එදා ඉඳන් අපි දෙන්නම වැඩකළේ අපි දෙන්නා වෙනුවෙන්.විශ්ව විද්‍යාලයෙන් සමු අරගෙන ටික කලක් ගතවන විට අපි දෙන්න කතා වුණා අපේ ආදරය ගැන මවුපියන් දැනුවත්කළ යුතුයි කියා. දෙපැත්තේම ආශිර්වාදය මැද 2008 ජනවාරි 28දා ගල්කිස්ස මහ හෝටලයේදි අලංකාර උත්සවයක් පවත්වා විවාහවුණා. ලබන වසරට විවාහ වී වසර 10ක් ගතවෙනවා. එදා උත්සවයට සහභාගිවු පිරිස සහ උදවුකළ පිරිස අද වගේ මතකයේ තිබෙනවා. ඒ සියලු දෙනාටම අනේක වාරයක් ස්තූතිවන්ත වනවා.

• මාරක අනතුරක්
වරක් මහවැව පැවැත්වුණු ප්‍රසංගයකට සහභාගිවන්න ගියා මමයි, අම්මයි, මල්ලියි. ඒ වන විට මම අවිවාහකයි. අපි ගිය කාර් එකේ තවත් වාහනයක් හැපුණා. පස්සෙ බලනකොට එය පැදවු ඩ්‍රයිවර් හොඳටම මත්වතුර බීලා . අපේ කාර් එකේ දකුණු පැත්තෙ ඩ්‍රයිවින් සීට් එකයි, දොරයි වැදිලා යන්න බැරි තරමටම. වාහනය විසිවී ගිහින් ලොරියක වැදිල යන්තමට බේරුණා. පස්සෙ පොලිසියෙන් ඇවිත් වාහනය ඇදගෙන ගිහින් පොලීසියට දැම්මා. පොලීසියෙන් තීරණය කළා අපේ නෙමෙයි වැරැද්ද අනෙක් වාහනයේ කියා. අපේ වාහනය නිදහස්කළා. මල්ලි බේරුණේ අනූ නමයෙන්.දැනටත් ප්‍රසංගවලට සහභාගිවන විට එදා සිදුවීම මතක් වනවා

• පුතුන් දෙදෙනා ජීවිත එළිය කළා
විවාහ වී වසර එකහමාරකට පසු අපේ පුතා පිළිසිඳගත්තා. ඥාතීන් සියලු දෙනාටම හරිම සතුටුයි. පුතා හම්බවෙන්න දින දීල තිබුණේ ඔක්තොම්බර් මාසෙ මැද වගේ. ඒ දවස්වල ලැබුණු කිසිම ප්‍රසංගයක් භාරගත්තෙ නෑ. උපරිම සැපට ඒ කාලය ගතකළා. 2010 ඔක්තොම්බර් 14 උදේ පෞද්ගලික රෝහලකදි පුතා ඉපදුණා. ඒ දවස අදත් මතක්වන විට පුදුමාකාර සතුටක් හිතට දැනෙන්නේ. මිහින් මතගවීර පුතා අපේ ලෝකය එළිය කළා.

ඊට වසර තුනක් යනකොට පොඩි පුතා හිරුන් මතගවීර ඉපදුණා. ලොකු පුතා තරම්ම පොඩිපුතා වෙනුවෙන් කැප කිරීම් කරන්න බැරිවුණේ ඒ වනවිට ගුරුවෘත්තියේ නියැළි සිටි නිසා. පසුව එයින් ඉවත්වුණා. ඒ කාලෙ තමයි හුස්මක් දුරින්, ගිම්හාන කාලෙ වාගේ,ගීත බොහෝ ජනප්‍රිය වුණේ.ඔහු ඉපදුණු දවසත් අද වගේ මතකයි. ගොඩක් සතුටුවුණා අපි හැමෝම. දැන් ලොකු පුතාට වයස 6 යි,පොඩිපුතාට 3 යි. ඔවුන් දෙදෙනාගේම ගෙවුණු සිදුවීම් හැම එකක්ම අපේ රසවත් මතකයන්.

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top