තම පාසලේ දරුවන් ලිංගිකව අපයෝජනය කළ ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ මුම්බායි හි Ulhasnagar හි පෞද්ගලික පාසලකිනුයි.
එම පාසලේ පිරිමි දරුවෙකු පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙමව්පියන් විසින් එම දරුවාගෙන් ඒ පිළිබඳව විමසා තිබෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ සැකකාර ගුරුවරයා විසින් එම දරුවා ලිංගිකව අපයෝජනය කර ඇති බවයි.
අදාළ සිදුවීම් සියල්ල සතියක පමණ කෙටිකාලයකදී සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
පසුව දරුවාගේ දෙමව්පියන් විසින් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී අනාවරණය වී ඇත්තේ සැකකාර ගුරුවරයා විසින් තවත් පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු අපයෝජනය කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් 54 හැවිරිදි සැකකරු වසර 27 ක් තිස්සේ පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති බවටයි වාර්තා වන්නේ.