කාන්තාවක් සිය අලුත උපන් බිළිඳා වැසිකිළි පෝච්චියකට දැමූ පුවතක් වවුනියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
වවුනියාව, ඊච්චන්කුලම - ඊශ්වරපුරම් ප්‍රදේශයේ පදිංචි ප්‍රභාකරන් ඩෙන්සියා නමැති 25 හැවිරිදි කාන්තාවක් මෙලෙස තම බිළිඳා වැසිකිළි පෝච්චියකට දමා ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස වැසිකිළි පෝච්චියට දමා තිබු බිළිදු මළ සිරුර සුනඛයන් විසින් එළියට රැගෙනවිත් ඇති අතර එය දුටු ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඊයේ (20) සවස වැසිකිළිය තුලදී අදාල කාන්තාව මෙම බිළිඳා ප්‍රසූතකර ඇති අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ ඉපදුණු බිළිඳා ඝාතනයකර වැසිකිළි පෝච්චියට දමා ඇති බවයි.
ඒ අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිසිය හමුවේ පවසා ඇත්තේ දරුවා උපතේදී මියගොස් සිටි බැවින් සිරුර වැසිකිළි පෝච්චියට දැමූ බවයි.
අදාල කාන්තාවගේ ස්වාමිපුරුෂයා මීට වසර දෙකකට පෙර ජිවිතක්ෂයට පත්ව ඇති අතර කාන්තාව පොලිස් පොලිස් ආරක්ෂාව යටතේ වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබනබවයි අප වාර්තාකරු සදහන් කළේ.
බිළිදු මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී අද (21) දින පැවැත්වීමට නියමිතයි.