Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
21
මම දැන් තුන් දෙනෙකුගේ නීතිරීති වලට යටත් වෙලා ඉන්නේ.." නිමන්ති පෝරගේ - Exclusive - photos

- මම දැන් තුන් දෙනෙකුගේ නීතිරීති වලට යටත් වෙලා ඉන්නේ.." නිමන්ති පෝරගේ - Exclusive - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
"මම එයාගේ නිර්මාණවල විතරයි රඟපාන්නේ.."

" කිසිම නිදහසක් නැහැ.."

නිමන්ති පෝරගේ කියන්නේ අනුව දශකයේ රංගනයට අවතීර්ණ වුණු වගේම ඒ කාලේ පුංචි තිරය තුළ වඩාත් ජනප්‍රිය වුණු නිළියක්. කලක් රංගනයෙන් ඈත් වෙලා හිටිය නිමන්ති ආයෙමත් දකින්න ලැබෙනවා. ඒ වෙන කාගේවත් නිර්මාණවලින් නෙමෙයි. ඔහුගේ සැමියා නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යවලයි. ඒ නිසා ඇයත් එක්ක හිරු ගොසිප් සංවාදයක යෙදෙන්න හිතුවා. මේ නිමන්තිගේ අලුත්ම තොරතුරුයි.

කොහොමද නිමන්ති..?
හොදයි. සතුටින් ජිවත් වෙනවා.

මේ දවස්වල ගෙදර යුද්ධයක් වගේයිලු..ඇයි ඒ..?
පුතාට දැන් වයස අවුරුදු නවයයි. දුවට අවුරුදු තුනයි. මේ දෙන්නා එක්ක තමයි ගෙදර යුද්ධ කරන්න වෙලා තියෙන්නේ. හරිම කාර්ය බහුලයි. මම ෂූටින් දවල්ට යනවා නම් දෙන්නාගෙන් එක්කෙනෙක්ව අරන් යනවා. නැත්තම් දෙන්නා ඉවරයක් නැතුව රණ්ඩු වෙනවා.

නිමන්තිට ඉස්සර රංගනයට නීති දැම්මේ සැමියා විතරයි. දැන් අලුත් දෙන්නෙක් නිමන්තිට රගපාන්න එපා කියලා නීති දානවා කියලා ආරංචියි..?
ඔව්. මම විවාහ වුණ කාලේ මට රගපාන්න නීති දැම්මේ සැමියා. එයා කැමති වුණේ නැහැ මම රගපානවට. පුතා වගේම දුව ඉපදිලා ටික කාලයක් ගියාට පස්සේ මට සැමියා රගපාන්න කිව්වා. ඒත් දැන් දුවයි පුතයි දෙන්නා එකතු වෙලා මට නීති දානවා රගපාන්න එපා කියලා. මම ෂූටින් යන්න ලෑස්ති වෙද්දී දෙන්නා තරගෙට අහනවා කොහෙද යන්නේ කියලා. මේ දෙන්නට හොරෙන් තමයි මම ගොඩක් වෙලාවට යන්නේ. පිළිවෙලට ඇදගන්නවත් බැහැ. පස්සෙන්ම ඉන්නවා. මම රගපාන්න යනවට කැමති නැහැ.

නිමන්ති පොරගේ කියන නිළිය දැන් රගපාන්නේ සැමියා නිෂ්පානය කරන නිර්මාණ වල විතරක් කියනවා. පිට නිර්මාණකරුවන්ගෙන් ආරාධනා නොලැබීම ඒකට හේතුවද..?
මම සෑහෙන්න කාලෙකට පස්සේ රගපෑවේ. ප්‍රභාත් කැමති නැහැ මම පිට නිර්මාණවල රගපානවට. මම හිතන්නේ එයාට  ඊර්ෂ්‍යා ඇති. දැන් නම් මම බැහැ කියද්දී එයාගේ නිර්මාණවලට කතා කරනවා. මම ගොඩක් කාලයක් නිර්මාණවලට සම්බන්ධ වුණේ නැති නිසා එයාට දුකකුත් ඇති. මගේ වැඩි කාලයක් ගෙදර වෙනුවෙන් ගත කළේ. කාලයක් මම රගපාන්නේ නැතුව හිටපු නිසා මම රගපාන එක නතර කරලා කියලා හිතන්න ඇති. දැන් නම් ටිකක් ආරාධනා ලැබෙනවා. නමුත් ඒවා භාර ගන්නේ නැහැ.

සැමියා නිෂ්පානය කළාට නිමන්තිගේ රංගනයට ඔහු ගෙවීමක් කරන්නේ නැහැ කියනවා..?
ලොකු අසාධාරණයක් එයා මට කරන්නේ. මම එයාගේ නිර්මාණවල රගපාන්නේ නිකන්. මුදලකට නෙමෙයි. ඒ විතරක් නෙමෙයි නාට්‍යට ඕන කරන ඇදුම් හදාගන්න ඕනත් මමමයි. මගේ වියදමින්. මට එයා සල්ලි දෙන්නේ නැහැ.

නිෂ්පාදකවරු අඩු බජට් එකට නිර්මාණ කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඔබේ සැමියත් නළුනිළියන්ට මුදල් ගෙවන්නේ නැද්ද ඔබට වගේම..?
ඒ අසාධාරණය වෙන්නේ මට විතරමයි. අනිත් අයට හොදට ගෙවනවා. ඒ වගේම සති දෙකෙන් දෙකට ගෙවීම් කරන්නේ.අපි රංගනයට ආ මුල් කාලේ වගේ අඩු මුදල්වලට දැන් කවුරුවත්ම රගපාන්නේ නැහැ. දැන් ඉන්න අලුත් නළු නිලියන් එන්නේ ඒ අයගේ වාහනවලින්. හොදට සල්ලි තියෙනවා. ඒ වගේම අපි නම් අඩු බජට් වලට නිර්මාණ කරන්නෙත් නැහැ.කොලිටි එකක් ඇතුවයි වැඩ කරන්නේ.

හඳයා කියන්නේ ලංකාවේ බිහි වුණු කලාත්මක සිනමා කෘතියක්. එය ඔබේ සැමියා ටෙලි නාට්‍යක් බවට පත් කරනවා නේද..?
මේ දවස්වල එහි රූගත කිරීම් සිදු වෙනවා. සුදත් දේවප්‍රිය මහත්මයා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. හිරු නාලිකාවෙන් විකාශය කරන්නේ. මේ නාට්‍ය සිනමාපටයට හානියක් නොවන විදිහට කරනවා. මමත් එහි චරිතයකට රගපානවා. වෙනස්ම චරිතයකින්. මුඩුක්කු ජිවිතයක් ගත කරන විවාහය ප්‍රාමාද තරුණියකගේ චරිතයක්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top