මෙරටදී සුරතල් මත්ස්‍ය යෙකු ලෙස ටැංකි සුද්දා ඇති කිරීම තහනම් කිරීමට පියවර ගන්නා බව නාරා ආයතනය පවසනවා.
ආක්‍රමණික මත්ස්‍යයෙකු ලෙස ශීඝ්‍ර යෙන් වර්ධනය වෙමින් සිටින ටැංකි සුද්දා, මිරිදිය ධීවර කර්මාන්තයට දැඩි තර්ජනයක් වී ඇතැයිද ඔවුන් පවසනවා.
මිරිදිය මසුන්ගේ ආහාර හා බිත්තර මෙම ටැංකි සුද්දා ආහාරයට ගැනීම හේතුවෙන් මේ වන විට වැව්වල මසුන්ද අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම මසුන් ධීවර දැල්වල පැටලීම නිසා දැල් විශාල ලෙස හානි වීම හේතුවෙන් ධීවරයින් සිය කර්මාන්තයද අතහැර දමා ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.
විශේෂයෙන් පරිසර අමාත්‍යාංශය හා එක්ව ආක්‍රමණික මසුන් හා පැළෑටි විනාශ කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවත් නාරා ආයතනය පවසනවා.