දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා - අවුඩන්ගොඩ ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඔවුන් ගමන් ගත් යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අකිල සමන් නමැති තරුණයෙක් සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තාරක ධනංජය නමැති තරුණයන් දෙදෙනෙක්.
කෙසේ වෙතත් අනතුර සිදුවන්නට ප්‍රථමයෙන් මෙම තරුණයන්ට දඹුල්ල පොලිසියෙන් දඩ පත්‍රිකාවක් නිකුත් කර ඇති බවද වාර්තා වනවා.
මේ අතර අනතුර සිදුවන්නට මද වෙලාවකට පෙර සීගිරිය පොලිස් බල ප්‍රදේශයේදී අධික වේගය හේතුවෙන් ඔවුන් පැදවූ යතුරුපැදිය නවතා අවවාද කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
ඡායාරූප පහතින්..