Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
"විවාහයේදී මටත් වරදින්න පුළුවන්..මම දන්නේ නැහැ මගේ හෙට දවස ගැන.." - තිසුරි යුවනිකා - Exclusive - Photos

- "විවාහයේදී මටත් වරදින්න පුළුවන්..මම දන්නේ නැහැ මගේ හෙට දවස ගැන.." - තිසුරි යුවනිකා - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,168 Views
"මම ගත්ත තීරණය වැරදි නැහැ..'

"වැරදි කරන අය ගේ ඇතුළේ හිර කරත් වැරදි කරනවා.."

රංගනය ඕපපාතිකයක් නොවුණු ඇය නිළියක් වෙන්නෙත් මව නිසාමයි. රංගනයට ආ මුල් කාලේ නම් සුසන්තා චන්ද්‍රමාලිගේ දියණිය තිසුරි යුවනිකා නමින් හැඳින් වුවාට දැන් ඇයව බොහෝ දෙනා දන්නවා. ආදරේ කරනවා. විවිධ චරිත එක්ක පුංචි තිරයේ නිරන්තරයෙන්ම ගැටෙන ඇයත් එක්ක හිරු ගොසිප් කතා කරන්න හිතුවා. මේ තිසුරිගේ අලුත් තොරතුරු ගැනයි.

ජනප්‍රිය බොහෝ අයගේ දවස ගෙවෙන්නේ නිර්මාණත් එක්කයි. තිසුරිත් දැන් කාර්ය බහුල නිළියක් වෙලාද..?
පහු ගිය කාලයේ එක දිගට වැඩ කළා. ඒ නිසා මම සති දෙකක් විතර කිසිම නිර්මාණයකට සම්බන්ධ නොවී විවේකයෙන් හිටියා. නිර්මාණවලට සම්බන්ධ වුණත් ඕනවට වඩා කාර්ය බහුල වෙන්නේ නැහැ.

අම්මටයි තාත්තාටයි ඉන්න එකම දුව තිසුරිනේ. ඒ දෙන්නත් කාර්යබහුල ඇති. ඉස්සර වගේ ආදරෙන් ඉන්න පුළුවන්ද..?
මොන දේ කරත් අපි තුන් දෙනා තවම එකට ඉන්නේ. කොහේ ගියත් කොච්චර කාර්ය බහුල වුණත් ඉස්සර වගේ සතුට හොයාගන්න අපිට පුළුවන්. අම්මයි තාත්තයි නිසා තමයි මම නිළියක් වුණේ. මගේ අම්මා මේ තැන හදාගත්තේ තනියම. නමුත් මට අම්මාගේ හෙවණැල්ල අත්වැල තිබුණා. මම තරුණයි කියලා ඒ අත්වැල කඩාගෙන ගිහිං අතරමං වෙන්න කැමති නැහැ. අපි හරිම ආදරණිය විදිහට ජිවත් වෙනවා.

අලුත් නිර්මාණ ගැන කිව්වොත්..?
ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ඒවා විකාශය වෙන්න නියමිතයි. ඊට අමතරව චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒකත් ලබන මාසේ තිරගත වෙනවා. දැනට ඒ ටික තමයි.

ඔබේ මව නිසා ඔබට විවිධ චරිත ඔස්සේ හොද නිර්මාණ රැසකට  සම්බන්ධ වෙන්න පුළුවන් වුණා කිව්වොත්..?
ඔව්. මම අද නිළියක් විදිහට ජනතාව ඉදිරියේ ඉන්නේ අම්මා නිසා තමයි. නැත්තම් මමත් සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. මගේ වයස තවම 24යි. මේ පුංචි වයසේදී අම්මාගේ උදව්ව තිබුණු නිසා මම යම් තැනකට ආවා. මගේ දක්ෂතාවය නිසා මට ආරාධනා ලැබුණා. විවිධ චරිත කළ නිසා තමයි මම  පුංචි වයසකදී පිට පිට හොදම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවේ.

ඔබේ පියා ඔබේ රංගනයට නීති දාලා නැද්ද..
කවදාවත් නැහැ. ඒකට හේතුව තාත්තා මාව විශ්වාස කර එක හා මම ඒ විශ්වාසය රැකගෙන ජිවත් වෙන එකයි. අම්මා රංගන ක්ෂේත්‍රයේ හිටපු විදිහ ඉන්න විදිහ තාත්තා දන්නවා. අම්මා රංගනයට ආවේ ගමකින්. නමුත් කවදාවත් නරකක් කරගෙන නැහැ. නමට කැළලක් කරගෙන නැහැ. මට වගකීමක් තියෙනවා අමාරුවෙන් ගොඩ නැගුණු අම්මාගේ නමට හානියක් නොවන විදිහට ඉන්න. එහෙම කරන්න මට අයිතියකුත් නැහැ.කොහේ හිටියත් හරියට ජිවත් වෙනවා නම් වරදක් වෙන්නේ නැහැ.වැරදි කරන අය ගේ ඇතුළේ හිරකරත් වැරදි කරනවා. මම දන්නවා මම ඉන්න ඕන විදිහ.

එතකොට පෙම්වතා..?
එයා කලාව සම්බන්ධ කෙනෙක් නෙමෙයි. නමුත් මාව දන්නේ පුංචි කාලේ ඉදලා. අපේ පවුල් දෙකේ සම්බන්ධය හරි හයියයි. අපි ඉන්න විදිහ ඒ අය දන්නා නිසා මට ඔහුගේන්වත් ඔහුගේ ගෙදරින්වත් බලපෑමක් නැහැ. උදව් ලැබෙනවා.

හොදම යාළුවෙක් ආදරේට යෝජනා කරද්දී මොකද හිතුණේ..?
මගේ තාත්තයි එයාගේ තාත්තයි සෑහෙන කාලෙක ඉදලා යාලුවෝ. ඒ යාළුකම පවුල්දෙක එකතු කළේ. මම නම් කවදාවත් එයාගෙන් ඒ දේ බලාපොරොත්තු වුණේ නැහැ. මට ආදරෙයි කිව්වා. මම සෑහෙන කාලයක් උත්තරයක් නොදී හිටියා. ආයෙමත් දවසක අහද්දී මම හිතුවා දන්න කෙනෙක් එක්ක විවාහ වෙන එක හොදයි නොදන්නා අයත් එක්ක විවාහ වෙනවට කියලා. ඊට පස්සේ මම එයාට කිව්වාඅම්මාගෙන් අහන්න කියලා. මම අම්මාටත් කිව්වා. අම්මා කිව්වා තාත්තලාගේ බැදීමට හානියක් වෙන්න දෙන්න බැහැ. තාත්තා කැමති නම් බලමු කියලා. නොහිතපු විදිහට හැමෝම ඉක්මණට කැමති වුණා. මාත් ඉතින් කැමති වුණා.

ආදරේ අත්දැකීම් නැති තිසුරිට ප්‍රථම ප්‍රේමය වෙන්නේ ඔහු. දැන් හිතෙන්නේ නැද්ද ඉස්සර වුණා කියලා..?
නැහැ. මට ඕන තරම් යෝජනා ඇවිත් තියෙනවා. අමමා මට ඒ ගැන කියද්දී මම කිව්වෙත් නොදන්නා අයත් එක්ක කොහොමද බැදීමක් ඇති කරගන්නේ අද සමාජයේ දකින්න ලැබෙන දේවල් එක්ක කියලා. ඔය අතරතුර දන්න කෙනෙක්ගෙන් යෝජනාව ආව එක හොදක් හැටියටයි මම දකින්නේ. දැනට එයා හොදයි. මම ගත්ත තීරණය වැරදි නැහැ. නමුත් විවාහයේදී මටත් වරදින්න පුළුවන්..මම දන්නේ නැහැ මගේ හෙට දවස ගැන. කොහොම නමුත් මම දැන් ඉන්නේ සතුටින්.

ඔහු කිව්වොත් රංගනයෙන් ඉවත් වෙන්න කියලා..?
මම නම් හිතන්නේ නැහැ එහෙම කරයි කියලා. මම දිගටම රගපාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

පුංචි තිරයේදී මුල්මවරට පෙම්වතිය වෙද්දීත් ඔබට අත්දැකීමක් තිබුණේ නැහැ නේද..?
මම උසස්පෙළ විභාගය කළ ගමන්ම තමයි තිරයේ පෙම්වතිය වෙන්න වුණේ. අමිල අබේසේකර අයියාගේ පෙම්වතිය. මට ලැජ්ජයි. මුහුණ බලන්නවත් හිතෙන්නේ නැහැ. හරිම මෝඩ විදිහට රගපැවා. අමිල අයියා එදා මට විහිළු කරා හැගීමක් දැනීමක් නැහැ වගේ ඉන්නේ කියලා.දැන් නම් ගාණක්වත් නැහැ. හුරුයි.

නිළියක් විදිහට ලස්සනට ඉන්න ඕන. ඒත් ඔබ විලාසිතා කරන්නේ අඩුවෙන් නේද..?
චාම් විලාසිතා වලට මම කැමති. සමහර අය නම් මට කෙලින්ම කියලා තියෙනවා ඇයි ඔය විදිහට අදින්නේ කියලා. ඒත් මට චම්කම හොදයි. එකෙත් ලස්සනකමක් තියෙනවා කියලා මම හිතනවා. ලොකුවට විලාසිතා කළා කියලා ආකර්ෂණය ලැබෙන්නේ නැහැ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  3,528 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  11,115 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  2,777 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  418 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  11,458 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  6,713 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  28,487 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  2,256 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,640 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,911 Downloads



Top 10 Commenters

Latest Comments

Top