Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
කොට්ටාවේදී දුම්රියට බිලිවුණු පාසල් සිසුවියගේ මරණය ගැන වෙනස්ම කතාවක් - Photos

- කොට්ටාවේදී දුම්රියට බිලිවුණු පාසල් සිසුවියගේ මරණය ගැන වෙනස්ම කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

140,328 Views
"දුවගේ එක කනක කරාබුවක් නැති බව අධිකරණ වෛද්‍ය නිලධාරිනියට දැන්වුවා"

"පීල්ලට ගෙල තබාගෙන ඉන්න කෙනෙක් නලා ශබ්දේ ඇහුනාම බයට ඇඟ හොල්ලනවලු, මෙයා එහෙම හෙල්ලුවේ නෑලු"

පසුගිය 14 වන දා රාත්‍රී 8.00ට පමණ කොට්ටාව දුම්රියපළ ආසන්නයේ දී දුම්රිය පීල්ලට ගෙල තබා දිවි නසා ගත් බව කියන කොළඹ ජනප්‍රිය බාලිකා විදුහලක උසස් පෙළ ජීව විද්‍යා අංශයේ සිසුවියක වන සවින්දී පබසරාගේ මරණය දිනෙන් දින සැක කටයුතු එකක් බවට පත්වෙමින් තිබෙනවා.

ඇගේ පියා පවසන්නේ මෙම මරණය සැක සහිත බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය ශාලිකා කරුණාරත්න කියා ඇත්තේ, සිරුර පරික්ෂා කිරීමේ දී වසක් ශරීර ගත වීම හෝ ගෙල මිරිකීමෙන් උගුරු දණ්ඩ කැඩී යාමේ ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන නිසා සිරුරු කොටස් රස පරීක්ෂකට යොමු කරන බවයි.

කලින් නිසල කළ ඇගේ දේහය පීල්ල මත තබා දුම්රියේ රෝදවලට කැපී යාමට ඉඩ සලස්වා පොලිසිය නොමග යැවීමට අපරාධකරුවකු උත්සාහ ගත්තේද යන්න එම රස පරීක්ෂක වාර්තාවෙන් පසු හෙළි වනු ඇති.

සිද්ධිය වූ අවස්ථාවේ එතනට එක්රැස් වූ පිරිස අතර සිටි කොට්ටාව මෙත්තාරාම පාරේ සරත් නැමැත්තා කියන්නේ තරමක් වෙනස් කතාවක්.

"දුම්රිය රියදුරා කිව්වා, රේල් පීල්ල මත හිස තියාගෙන ඉන්න කාන්තාවක් දැකලා දෙපාරක්ම දුම්රිය නලාව ශබ්ද කළා කියලා. පීල්ලට ගෙල තබාගෙන ඉන්න කෙනෙක් නලා ශබ්දේ ඇහුනාම බයට ඇඟ හොල්ලනවලු. ඒ වුනාට මෙයා එහෙම හෙල්ලුවේ නෑලු. හෝමාගම රෝහලට රියදුරු සිරුර භාර දෙන විට මම දැක්කා, බෙල්ල තැබූ තැන ගල් කැට අතර ලේ වැගිරී තිබෙන හැටි. ඒ වගේම ඇගේ ඇස්වල කඳුළු මම දැක්කා. සාමාන්‍යයෙන් කෙනෙකු දුම්රියට බෙල්ල තිබ්බාම එහෙම එක තැනක ලේ එහෙම වැගිරෙන්නේ නෑලු."

සවින්දිගේ පියා වන කපිල ජයසේකර

"පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වද්දී දුවගේ එක කනක කරාබුවක් නැති බව අධිකරණ වෛද්‍ය නිලධාරිනියට දැන්වුවා.මම කියන්නේ මගේ දුවගේ මරණයට වග කියන අපරාධකරු සැඟවී ඉන්නවා. ඔහු මතු කර ගැනීම පොලිසියේ හා මධ්‍යයේ වගකීමක්."

මියගිය සවින්දී පබසරගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී පැවතීම නිසා ඒ හරහාද පරීක්ෂණ කිරීමේ හැකියාව පවතිනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  3,028 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  787 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,860 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  4,644 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,102 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  4,863 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,031 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,318 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  615 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  3,392 Downloads



Top 10 Commenters

Latest Comments

Top