Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
19
"මම හිතුවා දැන්වත් පාකිස්ථාන කණ්ඩායමට චියර් කරනවා කියලා..ඒත් ඇත්තටම මට ඒක කරන්න අමාරැයි.."- ජමීල් හසන්

- "මම හිතුවා දැන්වත් පාකිස්ථාන කණ්ඩායමට චියර් කරනවා කියලා..ඒත් ඇත්තටම මට ඒක කරන්න අමාරැයි.."- ජමීල් හසන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60 Views
"ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන හැම තරගයක්ම මම බලනවා.. "

"ඒ කාලේ ඉදලා ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ රසිකයෙක්.."

පසුගිය කාලය පුරාවටම ශුරයන්ගේ කුසලානයේ උණුසුම ක්‍රීඩා ලෝලීන් වින්දා. ඒ අතර විශේෂ ක්‍රීඩා ලෝලීයෙක් හිටියා. ඔහු පකිස්ථාන ජාතිකයෙක්. නමින් ජමීල් හසන්.ඉන්දු ශ්‍රී ලංකා තරගය රූපවාහිනිය නරඹමින් සිටියදීම වීඩියෝ කර එය අන්තර්ජාලයට මුදා හැර තිබුණා. ඒ වීඩියෝව නිසා ඔහු ලංකාව පුරාම කතා බහට ලක් වුණා. ඔහු ගැන මෙරට පුවත්පතක් මේ විදිහට කතා බහ කරලා තිබුණා. මේ ඒ ගැනයි.

ජමීල් ඔබ කවුද මොනවද කරන්නෙ කියලා මුලින්ම කිව්වොත්?
මගේ නම ජමීල් හසන්. මට වයස අවුුරුදු 25යි. මම ඉපදුණේ පාකිස්තානයේ පෙෂාවෝර් නගරයේ. මම දැනට අබුඩාබි නුවර මහජන සම්බන්ධතා නිලධාරියෙක් විදිහට සේවය කරනවා. ක්‍රිකට් සහ දේශපාලනය තමයි මම කැමතිම අංශ දෙක.

ක්‍රිකට්වලට ඇල්ම පටන් ගත්තෙ කොයි කාලෙද?
මම පොඩි කාලෙ ඉඳන්ම ක්‍රිකට් තරග බලන්න උනන්දු වුණා. හැබැයි ඒ කාලෙ ඉඳන්ම මගේ කැමැත්ත තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. මට මතක විදිහට 2003 අවුරුද්දේ විතර ඉඳන් මම ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ රසිකයෙක්.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඇළුම් කරන්න හේතුව මොකක්ද?
මුල්ම හේතුව තමයි මහේල. මම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආදරය කරන්නෙ කොයිතරම්ද ඒ තරම්ම මම මහේලටත් ආදරෙයි. මට මතකයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර්වලදි ප්‍රහාරයක් එල්ල වුණු වෙලාව. මම එතකොට කැම්පස් යනගමන් හිටියෙ. ගෙදරින් මට පණිවුඩය දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදියෝ පහරදීලා මහේල නැතිවෙලා කියලයි. ඒක ඇහිච්ච මොහොතෙ මට දැනුණෙ පුදුම කම්පනයක්. ඒ එක්කම මට ඇඬුණා. හැබැයි පස්සෙ දැනගත්තා කාටවත් ලොකු අනතුරක් නැහැ කියලා. ඔවුන්ට කරදරයක් නොවීම ගැන මම දෙවියන් වහන්සේට ස්තූති කළා. ලංකාවේ ටීම් එකේ හැමෝගෙම සමරු අත්සන් මම අරගෙන තිබුණා. හැබැයි අවාසනාවකට ඒ පොත නැතිවුණා.
මට ලංකාවේ ජාතික ගීය ගයන්නත් පුළුවන්
 
ඇයි මහේලට විශේෂත්වයක්?
මහේල කියන්නේ නියම නායකයෙක්. එයා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරග තුනකට අරන් ගියා. ඒ වගේම අයි.සී.සී.යේ ලොව හොඳම ක්‍රිකට් නායකයා කුසලානය ලැබුණු ආසියාවේ එකම ක්‍රිකට් නායකයාත් මහේලයි. දෙවියන්ට ස්තූති වෙන්න, 2011 අවුරුද්දෙදි අබුඩාබි නුවරදීම ක්‍රිකට් තරගයක් අතරතුර මහේල මුණගැහෙන්න මට පුළුවන් වුණා. ඒක මගේ ජීවිතයේ හීනයක් හැබෑ වීමක්. ඔහු ඒ තරම් නිහතමානී බව දැනගත්තම මට ගොඩක් පුදුම හිතුණා. එදායින් පස්සෙ ඔහු ගැන තිබුණු ගෞරවය ආදරය තවත් වැඩිවුණා. මහේල ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියාට පස්සෙ මම හිතුවා දැන්වත් පාකිස්ථාන කණ්ඩායමට චියර් කරනවා කියලා. ඒත් ඇත්තටම මට ඒක කරන්න අමාරැයි. ශ්‍රී ලංකා කණ්ඩායම පරදිනවා බලන් ඉන්න එක තරම් අමැරු දෙයක් මට තවත් නැහැ.

ජමීල් ක්‍රිකට් සෙල්ලම් කරලා නැද්ද?
නැහැ. විනෝදයට සෙල්ලම් කළාට, එහෙම ලොකුවට ක්‍රිකට් සෙල්ලම් කරලා නැහැ. ශ්‍රී ලංකා පිලට සෙල්ලම් කරන්න තිබුණානම් කැමතියි.
මහේල තමා මගේ වීරයා

පාකිස්තානයෙනුත් ගොඩක් හොඳ ක්‍රිකට් තරු බිහිවුණා. පාකිස්තානයට ලෝක කුසලානය ගෙනත් දුන්නු ඉම්රාන් ඛාන් හොඳ උදාහරණයක්. ඔහුට කැමති නැද්ද?
ම්.. නැහැ මහේලට තරම් වෙන කාටවත් කැමති නැහැ.

ශ්‍රී ලංකාව සහභාගීවන හැම තරගයක්ම බලනවද?
2003 ඉඳන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු එක තරගයක්වත් මම නොබලා ඉඳලා නැහැ.

ලංකාව හැරුණු විට වෙන කැමැති ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවද?
නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පිට වෙන කණ්ඩායමක් ගැන මට කැමැත්තක් නැහැ.

ඉන්දියාවත් ලංකාවත් අතර තරගය දවසේ ඔබ කරපු වීඩියෝව හුඟාක් ශ්‍රී ලාංකිකයන් බැලුවා කියලා ඔබ දන්නවද?
ඔව් ඔව්. මට දැනගන්න ලැබුණා.

ඇයි එහෙම දෙයක් කරන්න හිතුවෙ?
මට මගේ සතුට කියාගන්නයි ඕන වුණේ. එහෙම නැතුව බොරුවට මුකුත් පෙන්නන්න නෙමෙයි.

ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර තරගයෙන් ලංකාව බොහොම අවාසනාවන්ත විදිහට පරාජය වුණා. ඔබට හිතෙන විදිහට ලංකාවට වැරදුණේ කොතැනදිද?
මුලින්ම කියන්න ඕන ලකුණු 236ක් කියන්නේ පාකිස්තාන කණ්ඩායමට එරෙහි තරගයකදී ආරක්ෂා කරගන්න පුළුවන් ලකුණු ගාණක්. හැබැයි උඩ පන්දු අත්හැරීමත් දුර්වල පන්දු රැකීමත් නිසා අපිට තරගය දිනන්න තිබුණු අවස්ථාව මඟහැරිලා ගියා. විශේෂයෙන්ම තිසර.. එයා පාකිස්තානෙට එරෙහිව අරන් තියෙන කඩුලු ත්‍රිත්වය එයාට අමතක වුණත් එදා මිස් කරපු කැච් එක නම් අමතක වෙන එකක් නැහැ.
ලාහෝර්වලදී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදීන් ගහපු වෙලාවේ මම ඇඬුවා
 
පාකිස්තාන කණ්ඩායම තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දෙද්දි ඔබට කවුරුවත් බලපෑම් කරලා බැණලා නැද්ද?
මේ වෙනතුරු එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුංචි කාලෙදි මම ශ්‍රී ලංකා කණ්ඩායමට චියර් කරද්දි අම්මලා තාත්තාලා මට බැන්නා. පකිස්තානෙ ලංකාව පරාද කරපු අවස්ථාවල මට සමච්චල් කළා. යාළුවොත් ඒවා මේවා කිව්වා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මගේ ඇඟෙන්ම එන දෙයක් කියලා දැන් එයලා දන්නවා.

ජමීල්ට ලංකාවෙ යාළුවො ඉන්නවද?
කිහිපදෙනෙක් ඉන්නවා. මම කොහොමත් ලංකාවට එන්න ලොකු ආසාවකින් හිටියෙ. අන්තිමේදී 2015 අවුරැද්දෙදි ලංකාවට එන්න මට පුළුවන් වුණා. ඒ ඇවිත් මගේ 23 වැනි උපන්දිනය සැමරුවේත් ලංකාවෙදියි. ඒ ආපු වෙලාවේ මුස්ලිම් යාළුවෙක් වගේම බෞද්ධ යාළුවෙකුත් කතෝලික යාළුවෙකුත් මට ගොඩක් උදව් කළා. මට ඔවුන්ගෙන් ලැබුණු ආදරය වචනයෙන් විස්තර කරන්න බැහැ. මගේ Facebook එකෙත් මට ලංකාවේ යාළුවෝ ඉන්නවා.
 
සිංහල කතාකරන්න ඉගෙන ගත්තෙ කොහොමද?
ලංකාවට මගේ හිතේ තියෙන කැමැත්ත හින්දම තමයි මම සිංහල ටිකක් පුරුදු වුණේ. ලංකාවට මෙච්චර ආස නම් ඇයි ලංකාවෙ භාෂාව ඉගෙන ගන්නෙ නැත්තෙ කියලා මම කල්පනා කළා. ශ්‍රී ලංකා ජාතික ගීය ගයන්න ලැබීමත් මට ලොකු ගෞරවයක්.

ලංකාවෙ පදිංචි වෙන්න එහෙම අදහසක් නැද්ද?
මම කැමැතියි හැම අවුරුද්දෙම ලංකාවට ඇවිත් යන්න. හැබැයි ලංකාවෙ පදිංචිවෙනවා කියන එකනම් මට ටිකක් අමාරු වැඩක්. මම කැමැතියි ඉස්සරහට එක්කෝ ක්‍රිකට් තානාපති කෙනෙක් වෙන්න. එහෙමත් නැත්නම් දේශපාලන නායකයෙක් වෙලා පාකිස්තානය ලෝකයේ ආරක්ෂාකාරී සහ දූෂණයෙන් තොර රටක් කරන්න

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top