ශූරයන්ගේ කුසලානයේ අවසන් තරඟය ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඊයේ පැවැත් වුණා. ඉන්දියානු කණ්ඩායම අන්ත අසරණ කරමින් විශිෂ්ඨ
ජයක් ලබා ගනිමින් ශූරයන්ගේ කුසලානය පාකිස්ථානය දිනා ගත්තා.
ලොව වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත පසමිතුරු ක්‍රිකට් තරඟ අතුරෙන් පෙරමුණ ගන්නේ ඉන්දු - පාකිස්ථාන ක්‍රිකට් තරගයි.
එවැනි තරග සඳහා නිකුත් කෙරෙන ප්‍රවේශපත්‍ර පවා සැනෙකින් අලෙවි වන අතර, බිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් රූපවාහිනිය ඔස්සේ එම තරඟ නැරඹීම විශේෂත්වයක්.
ඊයේ පැවති අවසන් මහා තරඟය ඉන්දියාව පරාජය වීමත් සමඟ ඉන්දියානු ජනයා මේ වන විට තම රූපවාහිනී පොළවේ ගසා ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගිනි තබමින් ඔවුන්ගේ තරහ ප්‍රකාශ කළ බවයි වාර්තා වුණේ.
මේ හේතුවෙන් ක්‍රීඩකයන්ගේ නිවෙස් වටා පොලිස් ආරක්ෂාවද යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.