පාසල් සිසුවියන් පිරිසකට තම කලිසම ගලවා රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන තරුණයෙක් අදාල චෝදනාව සම්බන්ධයෙන් මීගලෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඇප මත මුදා හරින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙසේ ඇප මත මුදා හැර ඇත්තේ මීගලෑව, පදවිගම ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල තරුණයා පසුගිය 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර ඉන්පසු නඩුව කැඳ වූ අවස්ථාවේ ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
එමෙන්ම මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත්තේ අදාල තරුණයා රජයේ මනෝවෛද්‍යවරයෙකුට යොමු කර ඊළග නඩු දිනයේ දී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
මෙම තරුණයා මාස එක හමාරක පමණ කාලයක සිට අදාල සිසුවියන් පිරිස පාසල නිම වී නිවෙස් බලා යන අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණ ඔවුන් ඉදිරියේ කලිසම ගලවා රහසඟ පෙන්වා ඇති බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.
එසේම අදාල සිදුවීම සම්බන්ධයෙන් තරුණයාගේ යතුරුපැදියද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.