Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
පිළියන්දලදි වෙඩි වැදුණු සංදීප ගැන පියා කියපු සංවේදී කතාව - Video

- පිළියන්දලදි වෙඩි වැදුණු සංදීප ගැන පියා කියපු සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,870 Views
උණ්ඩ කැබලි 6ක් තවමත් ඇඟේ...

සංදීපගේ පියා ගැන තැන තැන කතාවෙන කුඩු කතාවේ ඇත්ත නැත්ත...

"අපි කාටවත් වෙඩි තියන්නවත් කාගෙන්වත් වෙඩි කන්නවත් හිතා හිටිය මිනිස්‌සු නෙවෙයි"

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කණ්ඩායමකට පසුගිය මැයි මස 9 වන දා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු සහ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

පිළියන්දල පදිංචි ඩබ්. පී. රංජිත් සහ සුජීවා යුවලට ඔවුන්ගේ සුරතල් දියණියක්‌ අහිමි කළ අනෙක්‌ දෙදරුවන් වෙඩි වැදී රෝහල්ගත කළ එම සිදුවීම ගැන තවමත් තැන තැන කතාවෙනවා.

රංජිත් යුවලගේ වැඩිමහල් පුතනුවන් වන කොළඹ තර්ස්‌ටන් විදුහලේ උසස්‌ පෙළ හැදැරීමට මග බලමින් සිටි සංදීප රුක්‌ෂාන් මසකට ආසන්න කාලයක්‌ රෝහල්ගතව සිට යළිත් සිය නිවසට ඉකුත් 07 වැනිදා පැමිණෙනවා.

මාරාන්තික තුවාල සහිතව දිගු කලක්‌ ජීවිතයත් මරණයත් අතර කළ සටනකින් අනතුරුව සංදීප් නැවත පැමිණෙන්නේ සිය වැඩිමහල් නැගණිය පෙනෙන්නට නැති නිවසකටයි.

එම සිදුවීම පිළිබඳව සති අන්ත පුවත්පතකට රංජිත් මහතා මෙලෙස අදහස්‌ පළකර තිබුණා.

"පුතාව පසුගිය හත්වැනිදා ගෙදර එක්‌ක ආව. මම දරුවො තුන්දෙනෙක්‌ව "හොඳ දරුවන්" ලෙස උස්‌ මහත් කළ තාත්ත කෙනෙක්‌. ඒත්... ලොකු පුතාව ටිකට්‌ කපල ගෙදර ගේද්දී එයාගෙ නංගි ගෙදර හිටියෙ නෑ මහත්තය. අද මට දරුවො තුන්දෙනාගෙන් දෙන්නයි ඉන්නෙ. පුතා නංගිව ඉල්ල ඉල්ල නිතරම අඬනව. කෑමක්‌ බීමක්‌ හරියට ගන්නෙ නෑ. මගේ දුව නැතිව අපිටවත් අපේ දරුවො දෙන්නටවත් ආපහු කවදාවත් හිනාවෙලා ඉන්න බැහැ කියල මතක්‌ වෙන කොට තාත්ත කෙනෙක්‌ විදිහට පපුව හිරවෙනව. ඒත් ආපහු අපේ දුව අපි ළඟට එන්නෙ නෑ, දැන් අපිට කරන්න වෙලා තියෙන්නේ මැරි මැරි උපදින ගමන් මේ දරුවො දෙන්න රැකබලා ගන්න එක විතරයි."

"පුතාව පහුගිය 9 වැනිදා නැවත කළුබෝවිල රෝහලට ගෙනිහින් වෛද්‍යවරුන්ට පෙන්නුව. වෛද්‍යවරු දරුව පරීක්‍ෂා කරල කිව්ව බයවෙන්න දෙයක්‌ නැහැ කියල. ඊට පස්‌සෙ තවත් එක්ස් රේ රිපෝට්‌ සහ ස්‌කෑන් රිපෝට්‌ කීපයක්‌ අරන් ඒවත් වෛද්‍යවරු පරීක්‍ෂා කළා. එතනදී වෛද්‍යවරු මට කිව්ව පුතාගේ අක්‌මාවෙ වෙඩි උණ්‌ඩ කොටස්‌ තුනක්‌ ද වකුගඩුවක තවත් පොඩි පොඩි කෑලි තුනක්‌ විතර තියෙනව කියල. ඒව පිටතට අරගන්න බැරිද කියල ඇහුවහම වෛද්‍යවරු කියන්නෙ ඒව ගන්න අමාරුයි හැබැයි ඒකෙන් ශරීරයට හානියක්‌ නැහැ කියල. ඒත් අපිට මගේ දරුවන්ට මෙහෙම වුණේ නිරපරාදෙ. අපි කාටවත් වෙඩි තියන්නවත් කාගෙන්වත් වෙඩි කන්නවත් හිතා හිටිය මිනිස්‌සු නෙවෙයි. දුව මියගියා. පුතයි චූටි දුවවයි වෛද්‍යවරුන්ට පින් සිද්ධ වෙන්න අපිට බේරල දුන්න.

මගෙ පුතා හොඳට දුවල පැනල සෙල්ලම් කළ නිරෝගී දරුවෙක්‌. එදත් වෙඩි වදින වෙලාවෙ පුතා රගර් පුහුණුවීම්වල යෙදිල ඇවිත් හිටියෙ. දරුවව රෝහලට ගෙනිච්චෙ රගර් ඇඳුම පිටින්. පහුගිය 15 වැනිද උසස්‌ පෙළ පටන් ගත්ත. ඒත් දරුවට පාසල් යන්න තවම බැහැ. ඔය සිද්ධියෙන් පස්‌සෙ මගේ චූටි දුව ආපහු ඉස්‌කෝලෙ ගියේ පහුගිය සඳුදා ඉදන්. අපි දුක්‌ විඳල මෙතැනට ආව මිනිස්‌සු. බත් පැකට්‌ එකක්‌ විකුණල දරුවො උස්‌ මහත් කළ අම්ම තාත්ත දෙන්නෙක්‌ විදිහට හම්බ කළ හැම සතයම දරුවන්ව සුවපත් කර ගන්න වියදම් කළාට පස්‌සෙ මේ වෙද්දි ජීවත්වෙන්න තරම්වත් දෙයක්‌ අපිට ඉතුරුවෙලා නැහැ. කළුබෝවිල රජයේ රෝහලේ වෛද්‍යවරු හෙද කාර්ය මණ්‌ඩලය ඇතුළු සියලුම අංශ අපිව දැකල එහෙමත් නැත්නම් අපේ දුක දැකල කරපු සේවය මතක්‌ කළ යුතුම වෙනව. ඒ තරම් උපකාරයක්‌ අපිට රෝහලින් සිද්ධ කළා.''

දුවගෙ ජීවිතය බේරල දෙන්නත් ඒ අය පුළුවන් තරම් උත්සහයක්‌ ගත්ත. ඒත්... අන්තිමේදි දුව අපිව දාල ගියා. ඒ අහිංසක එකීට එහෙම වුණේ මොන වරදක්‌ කළාට ද මහත්තයෝ.

"මේ සිද්ධියෙන් පස්‌සෙ සමහරු තැන් තැන්වල කියල තියෙනව මමත් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කෙනෙක්‌ කියල. මොන හේතුවක්‌ උඩ මොකක්‌ අරමුණු කරගෙන ඒක කිව්වද කියල කියන්න මම දන්නෙ නැහැ. බත් පැකට්‌ එකක්‌ විකුණල ජීවත් වෙච්ච අපට මේ සිද්ධියෙන් එක දරුවෙක්‌ අහිමිවෙනව. පුතාගේ ජීවිතේ බේරුණත් ඒ දරුවගෙ අනාගතය පිළිබඳ අවදානමක්‌ ගන්නවෙලා තියෙනව. එහෙම වටපිටාවක මේ වගේ බොරු බේගල් ඇදබාල මිනිස්‌සු අපෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල අපිට තේරුමක්‌ නැහැ."

මේ අතර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරියේදී අත්අඩංගුවට ගත් යතුරු පැදිය පැදවූ ප්‍රධාන සැකකරු වන "ලොකු පැටී" නැමැත්තා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මතුගම අතිරේක මහේස්ත්‍රාත්, මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පසුගියදා (16) අවසර දුන්නා.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් තිබුණු බවයි වාර්තාවුණේ.

සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින අනෙක් සැකකරුවන් 7 දෙනා කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත්වරිය වෙත 16 වනදා ඉදිරිපත් කළ අතර ඔවුන් 6/30 දක්වා රිමාන්ඩ් කළා.

හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී ඉන් එක සැකකරුවකු " මාකඳුරේ ධනුෂ් " නමැති පාතාල නායකයාගේ කුඩු ජාවරම්කරුගේ මුදල් අයකැමි බව යතුරු පැදි අලෙවි සැලේ හිමිකරු විසින් හඳුනාගෙන තිබුණා.

අදාළ අදාල සිදුවීම සම්බන්ධයෙන් සංදීපගේ පියා සහ සංදීප හිරු වෙත අදහස් දැක්වූ වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  3,522 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  11,082 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  2,772 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  418 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  11,456 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  6,713 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  28,470 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  2,255 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,639 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,908 Downloads



Top 10 Commenters

Latest Comments

Top