Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
"අඹ යාළුවෝ අවුරුදු විසි නවය හමාරක පරණ මතකයක්.." මතකය අලුත් කළ යාළුකම - අශේන් මංජුල - Photos

- "අඹ යාළුවෝ අවුරුදු විසි නවය හමාරක පරණ මතකයක්.." මතකය අලුත් කළ යාළුකම - අශේන් මංජුල - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,094 Views
"අපි දෙන්නගෙම ආසම ක්‍රීඩාව ක්‍රිකට්.."

"ගොඩක් අය මට ආදරේ කරන්න පටන් ගත්තා.."

අඹ යාළුවෝ හැමෝටම කාලෙකට පස්සේ මතක් වෙලා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නාට්‍යයේ රසය හැමෝගෙම හිත් වල තියෙන නිසයි. ඒ වගේම ඒ නාට්‍යයේ සුදුඅප්පෝ එහෙමත් නැත්තම් සුනිල්ගේ චරිතයට පණ දුන්න රසික පෙරේරා විදෙස් ගත වෙලා කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිත් ගිය නිසා ඒ මතකය අලුත් වුණා. මේ මතකය එක්ක සුනිල්ගෙත්, නිමල්ගෙත් අඹ යාළුකම ගැන නිමල්ගේ චරිතයට පණ පෙව්ව අශේන් මංජුල එක්ක පුවත්පතක් මේ විදිහට සාකච්ඡා කරලා තිබුණා. මේ ඒ ගැනයි.

අවුරුදු කීයක් පරණ යාළුකමක මතකයද අපි මේ අලුත් කරන්න යන්නේ?
හරියටම කිව්වොත් අවුරුදු විසි නවය හමාරක් පරණ මතකයක්. ලබන අවුරුද්දේ ජනවාරි මාසේ වෙද්දි අවුරුදු තිහක්.

අඹ යාළුවෝ පටන් ගත්තේ?
1988 අවුරුද්දේ තමයි අපිව තෝරලා රූපගත කිරීම් පටන් ගත්තේ. 1988 අවුරුද්දෙම අඹ යාළුවෝ විකාශනයත් වුණා. මමයි, රසිකයි මුලින්ම හම්බ වුණේ අපිව තෝරාගත්ත ඉන්ටවීව් එකේදි. රසික ආවේ අම්මත් එක්ක. මම ගියේ අපේ පවුලට හිතවත් අයියා කෙනෙක් එක්ක. ඉන්ටර්වීව් එකෙන් තේරිලා, තේරිලා අන්තිම හරියට එද්දි අපි අතරේ ‍පොඩි හිතවත්කමක් ඇතිවුණා. නාට්‍යයට අපි දෙන්නව තෝරාගත්තම ඒ හිතවත්කම යාළුකමක් වුණා.

දෙන්නාගේම මුල්ම ටෙලි නාට්‍යය වුණත් රඟපෑම්වල වෙනසක් නොපෙනෙන්න මේ යාළුකම උදව් වෙන්න ඇති?
අපි දෙන්නා අලුත් වුණාට එතැන හිටපු හැමෝම ප්‍රවීණයෝ. අධ්‍යක්ෂවරයා සුදත් දේවප්‍රිය ඇතුළු හැමෝම ප්‍රවීණයෝ වුණත් අපිට හරි කිට්ටුයි, වැඩ කරන්න ‍ලේසියි.

අපිට හැමදේම කියලා දෙමින්, අපේ නිදහසත් අපිට දුන්නා. මේ නාට්‍යයේ හැම පුංචි දේටම පවා දායක වුණු හැමෝම තමන්ගේ වැඩ ටික හරියටම කළා. ඒ නිසා අපි දෙන්නගේ රඟපෑමේ වුණත් ආධුනිකකමක් පෙනුණේ නැහැ. අදටත් ඒ රඟපෑම් දැක්කාම තව හොඳට කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැහැ. ඒ තමයි හොඳම විදිහ.

තිරයෙන් එහාට ගියාම සුනිල්ටයි, නිමල්ටයි හරි හරියට වැඩ තියෙන්න ඇති?
ලොකුම වැඩේ තමයි ක්‍රිකට් සෙල්ලම් කරන එක. අපි දෙන්නගෙම ආසම ක්‍රීඩාව ක්‍රිකට්. මම කැමැතිම ක්‍රීඩකයා රොෂාන් මහානාම. රසික කැමැති වුණේ අරවින්ද සිල්වාට. අපි ෂූටින් ඉවරවුණු ගමන් කරන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගන්න එක. රසික අරවින්ද වගේ සෙල්ලම් කරනවා, මම මහානාම වගේ සෙල්ලම් කරනවා කිය කියා තමයි අපි සෙල්ලම් කරන්නේ. හරි ලස්සන මතකයක් ඒ කා‍ලේ ගැන තියෙන්නේ.

අඹ යාළුවෝ රූපගත කිරීම් ඉවර වුණත් යාළුකම ඉවර වුණේ නැහැ?
නාට්‍යය රූපගත කරලා ඉවර වෙද්දී අපි හොඳ යාළුවෝ වෙලා හිටියා. ඒ වුණත් යාළුකම අඹ යාළුකමක් වුණේ නාට්‍යය විකාශනය වෙන්න පටන් ගත්තාට පස්සේ.

නාට්‍යයේ මුල්ම කොටස මම බැලුවේ අපේ ගෙදර. දෙවැනි කොටස බලන්න රසිකගේ ගෙදරට එන්න කියලා මට ආරාධනාවක් හම්බ වුණා. ඒ ගියපු ගමන තමයි අපිව අඹ යාළුවෝ කළේ. අදටත් ඒ යාළුකම වෙනසක් නැහැ. දැන් රසික වැඩිපුර ඉන්නේ විදෙස්ගත වෙලා. ඒත් මට කතා කරනවා. දවසකට දෙකකට ලංකාවට ආවත් මාව හම්බවෙලාම තමයි යන්නේ. ඇත්තටම අපි අඹ යාළුවෝ තමයි.

යාළුවෝ දෙන්නා පාරවල් දෙකක ගිහින් තම තමන්ගේ ගමන් හදාගත්තා වුණත් යාළුකම එක වගේම තිබුණා?
මට ඇත්තටම හිතෙන දේ තමයි රසික දිගටම කලාවේ හිටියා නම් මටත් වඩා දක්ෂ ජනප්‍රිය කලාකාරයෙක් වෙන්න තිබුණා කියන එක. ඒත් රසික තෝරාගත්තේ ඉගෙන ගෙන ඉස්සරහට යන්න. මට ඕන වුණා දිගටම කලාවේ ඉන්න. මාව කලාවෙන් ඉස්සරහට අරගෙන යන්න මගේ තාත්තාටත් හීනයක් තිබුණා. ඒ දේවල් එක්ක මම කලා ලෝකෙට ආවා. රසික එයාගේ පාරේ ගියා. මොන දේ තිබුණත් හැම සති අන්තෙකම මුණ ගැහෙන පුරුද්දක් අපට තිබුණා. මුණ ගැහිලා කළේ නම් ක්‍රිකට් සෙල්ලම් කරපු එක තමයි. ඒ මුණගැහීම් අපේ යාළුකම වැඩි කළා.

අඹ යාළුවෝ නිසා ක්ෂේත්‍රයට ආපු අශේන් මංජුලට ඉන් පස්සේ කලාවේ ගමන පහසු වුණාද?
අඹ යාළුවෝ නිමල් විදිහට ගොඩක් අය මට ආදරේ කරන්න පටන් ගත්තා. අදටත් ඒ ජනප්‍රියකම මට තියෙනවා. ගොඩක් අය කැමැති වුණේ නිමල්ගේ අහිංසකකමට. අපේ රටේ ඒ වගේ චරිතවලට කවදත් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවනේ. කොයි තරම් ජනප්‍රිය වුණත් අඹ යාළුවෝ විකාශනය වුණාට පස්සෙත් මට ආයේ අවස්ථාවන් ලැබුණේ නැහැ. ආයෙත් සුදත් දේවප්‍රියම මඩොල් දූව කතාවේ ජින්නා විදිහට මාව තෝරාගත්තා. ඉන්පස්සේ නම් මට වැඩ කරන්න නිර්මාණ ලැබුණා. ඒ ආපු ගමන මම අදටත් හෙමින් යනවා. මම කලාවේ රැඳිලා හිටපු කාලය එක්ක බැලුවාම මම දායක වුණු නිර්මාණ ප්‍රමාණය අඩුයි. ඒත් මිනිස්සුන්ට මාව මතකයි සහ මම ආපු ගමන ගැන මට සතුටුයි.

දැන් දායක වෙලා ඉන්න අලුත්ම වැඩ කටයුතු මොනවාද?
මම අධ්‍යක්ෂවරයෙක් විදිහට මගේ ගමන පටන් ගත්තා. ගිය අවුරුද්දේ ළමා දිනයට, මේ අවුරුද්දේ නිදහස් දිනයට සහ පරිසර දිනයට මම ඒකාංගික නාට්‍ය තුනක් අධ්‍යක්ෂණය කළා. ළමා දිනයට අධ්‍යක්ෂණය කරපු නාට්‍යය මේ අවුරුද්දේ රයිගම් සම්මානවලටත් නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතරේ රංගනයෙන් දායකවුණු නිර්මාණ කීපයකුත් තියෙනවා විකාශනය වෙන්න.

මේ වැඩවලට ගෙදරින් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මගේ බිරිඳ ක්‍රිෂානි ගෙදර වැඩ, දුවගෙයි පුතාගෙයි වැඩ හැමදේම බලාගෙන මට මගේ වැඩවලට මට වෙලාව හදලා දෙනවා. එයාත් නිමල්ගේ හොඳ රසිකාවියක් වෙලා හිටපු කෙනෙක්. ඒ නිසා කලාවට මගේ තියෙන කැමැත්ත එයා දන්නවා. ඒ නිසා ගැටලුවක් නැහැ. දුව හිරුණි දැන් 10 වසරේ. පුතා හරිඳු 7 වසරේ. දුවට කලාවට තියෙන නැඹුරුව ටිකක් වැඩියි කියලා මට දැනෙනවා.

දරුවන්ව කලාවට ගේන්න බලා‍පොරොත්තුවක් නැද්ද?
දුව නම් මම හදපු ඒකාංගික ටෙලි නාට්‍යවල රඟපෑවා. දුවට ගීත ගායන හැකියාවක් තියෙනවා. ඒත් තවම ලොකුවට නිර්මාණවලට දායක කරවන්න මම උත්සාහ කරලා නැහැ. ඒකට එක හේතුවක් තමයි අපේ රටේ ළමා රංගන පරපුර රැකගන්න අපේ රටෙන් සැලකිය යුතු දෙයක් සිදුවෙන්නේ නැති එක. අපි වුණත් ළමා කා‍ලේ රංගනයට ආවට අපිට තියෙන්නේ අපිම හදාගෙන ආපු ගමනක්. ඒක හැම දරුවටම කරන්න අමාරුයි.  දුවව කලාවට ගේන්න මම කැමැතියි. මොකද එයාගේ රංගනයන් දැකපු හැමෝම කියන්නේ එයා මටත් වඩා හොඳට රඟපානවා කියලා. ඒත් දුවව හොඳ නිර්මාණවලින් ඉස්සරහට ගන්න ඕන.

ඔය කියන්නේ දරුවන්ට හොඳ නිර්මාණ අද නැහැ කියලද?
ළමා රංගන ශිල්පීන් රැකගන්න නම් ඒ අයට දායක වෙන්න පුළුවන් හොඳ නිර්මාණ තියෙන්න ඕන. අදටත් ඉවසීමෙන් නිර්මාණ තෝරාගත්තොත් අඹ යාළුවෝ වගේ නිර්මාණ කරන්න බැරි නැහැ. අපේ කලාව අද හරි කලබලයි. අලුතෙන් එන තරුණ පරපුරට වුණත් වරදක් කියන්න බැහැ. ඒ අය කලාවට එද්දිත් කලාව පිරිහිලා ඉවරයි.

මේ අඩුපාඩුව නැති කරන්නත් අශේන් පුංචි දායකත්වයක් ලබලා දෙනවා නේද?
මම නළු නළු කලා කෙත කියලා රංගන පාසලක් කරගෙන යනවා. ජයලත් මනෝරත්න, පරාක්‍රම නිරිඇල්ල, කරුණාරත්න අමරසිංහ, නුවන් නයනජිත්, අතුල රන්සිරිලාල් වගේ ප්‍රවීණයෝ එතැන උගන්වනවා.

ලෝකයේ කෙටි නාට්‍ය තරගාවලියකින් පළමුවැනියා වෙන්නත් පහුගිය දවසක අපේ ගෝලයෙක් සමත් වුණා. මම මට හැකි අයුරින් කලාව වෙනුවෙන් මගේ දායකත්වය දිගටම ලබලා දෙනවා. අඹ යාළුවෝ නිසා පටන් ගත්ත ගමනෙන් මම කලාව ගැන ඇතිවුණු ආසාව කැමැත්ත අඩුවෙන්න මම ඉඩ තියලා නැහැ. අඹ යාළුවෝ ආපහු දකිද්දීත් ඒ ආසාව තව තවත් වැඩියි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  907 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  113 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  2,870 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  1,340 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,562 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,027 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,839 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  540 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  6,248 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,784 Downloads



Top 10 Commenters

Latest Comments

Top