ගෙල කපා ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් නුගේගොඩ පරණ කැස්බෑව පාරේ තිබී ඊයේ රාත්රියේ පොලීසියට ලද තොරතුරක් මත සොයාගෙන තිබෙනවා.
ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, පසුව ඔහු ඝාතනයට යොදාගන්නා ලද පිහියද සමඟින් පොලීසියට භාරවී තිබෙනවා.
තරුණිය යතුරුපැදියේ නංවාගෙන කැස්බෑව පරණ පාරේ පිහිටි ක්රීඩාංගණයක් අසළට පැමිණ මොහු මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මතුගම හේවැස්ස ප්රදේශයේ පදිංචි තරුණියක්.
ඇයගේ මෘත ශරීරය කලුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.