Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
‘‘පෝයට වැඳලා දේවාලයට ගිහින් පොල් ගහනවා මකබෑවෙන්න කියලා“ - හිරු ගොසිප් "Star of the Week සුනිල් පෙරේරා.."

- ‘‘පෝයට වැඳලා දේවාලයට ගිහින් පොල් ගහනවා මකබෑවෙන්න කියලා“ - හිරු ගොසිප් "Star of the Week සුනිල් පෙරේරා.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,390 Views
‘‘මිනිස්සු දන්නේ පල්ලියටයි පන්සලට යන්න විතරයි“
"ජාතිවාදය අවුස්සනවානම් දඬුවම් කල යුතුයි.."

ඔහු කාලෙන් කාලෙට පුවත් මවන්නෙක්. ගීතයෙන් සමාජය ගැන, සමාජයට විවිධ තේමාවන් ඔස්සේ ඔහු ප්‍රකාශ කරණුයේ ලංකාවේ මිනිස්සුන්ගේ සංහිඳියාව සහජීවනය ගැන වෙනම මානයක සිට දකින නිසයි. ඒවගේම ඔහුට සමාජයෙන්  විඳින්න වූ අවලාද නින්දා අපහස ඔය කොයිකටත් ඔහු සිනාහමුසු මුහුණින් කිවුවේ... "I DONT KNOW WHY එහෙම වෙන්නේ ඇයි"  කියාය..  ඔබ අප කවුරුත් හොදින් හඳුනන්නේ "ලුණු දෙහි.." මතක ඇතිනේ ඔබට. මේ සතියේ  හිරු ගොසිප්  "Star of the Week" සුනිල් පෙරේරා...

චම්පික රණවක ඇමතිවරයා ප්‍රකාශයක් කරලා තියනවා අධිවේගී මාර්ග නිසා තමයි ගංවතුර ආවේ කියලා. ඔබ ඒ කතාවට එකඟ වෙනවද?
නැහැ මම දන්නේ නැහැ. මොකද ඒ ගැන විමර්ශනයක් කරන්නැතුව මට ඒ ගැන මොකුත් කියන්න බැහැ. මම දන්නැති දේ දන්නෙ නැහැ.

ආරාබි සංචාරයකදී ඩොනල්ට්  ට්‍රම්ප් එයාගේ වයිෆ්ගේ අතින් අල්ලද්දී . ඒ කාන්තාව අත ගසලා දානවා. ඒ සිද්ධිය එරට මාධ්‍ය ඔස්සේ විකාශණය වුණා. ඒ මාධ්‍ය භාවිතය ගැන ඔබ මොකද හිතන්නේ?
කොහොමත් මාධ්‍ය කරන්නේ උසි ගන්වන පුවත් පල කරන එකනේ. මාධ්‍ය හරහා වැඩිපුර  අවධානය යොමු වෙනවා කියලා හිතන දෙයක් උලුප්පල්ලා දානවා. එක ඉතින් මාධ්‍යවල හැටිනේ.

එක්තරා ගායකයෙක් කියනවා උමාරියා සිංහවංශ නන්දා මාලනියටත් වඩා දක්ෂයි කියලා ඔබ මොකද මේ ගැන හිතන්නේ?
ඇත්තම විශේෂ දක්ෂතා තියන ගායිකාවක් තමයි  උමාරියා කියන්නේ. හැකියාවන් අනිකගෙන් අනිකාට කියලා  සංසන්දනය කරන්න බැහැ. ඇය අති විශිෂ්ඨ දක්ෂතා තියන කෙනෙක්. ඇයගේ  හඬින් ඉතාම විශිෂ්ඨ දේවල් කරනවා මම දැකලා තියනවා.

ජාතිවාදය පතුරනවා කියලා  ඥානසාරහාමුදුරුවන්ව  අත්අඩංගුවට  ගන්න කියලා නියෝගයක් දීලා තියනවා. ඇත්තටම එක හොඳයිද?
එක්කෙනෙක් නෙවේ කවුරු ජාතිවාදය ඇවිස්සුවත් ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. අනික ජාතිවාදය අත්හැරලා අපි හැමෝටම ආදරය කරන්න ඕන. හැමෝටම ආදරය කරන්නේ නැත්නම් තමන්ගේ වරිගයට විතරනම් ආදරය කරන්නේ එක හොඳ දෙයක් නෙවේ. ජාතිවාදය අවුස්සලා ලකුණු ගන්න හදනවනම්, එක කවුරු කෙරුවත්, ඒ කෙනාට දඬුවම් කල යුතුයි.

ත්‍රස්තවාදය මර්ධනය කරනකොට මානව හිමිකම් ගැන අපිට කියාපු රටවල්. දැන් මේ වෙද්දී ත්‍රස්ත ප්‍රහාර වලට ලක් වෙනවා. ඒ ගැන මොකද්ද ඔබගේ මතය?
ත්‍රස්ත ප්‍රහාර වුනත් ඇති වෙන්නේ හේතුවක් මතනේ. ත්‍රස්තවාදය  මොනවත් නැති රටවල් ගන්න, ලෝකයේ හොඳම රටවල්නේ ඩෙන්මාර්ක් ,නොර්වේ. ඒ රටවල් වලට කිසිම ත්‍රස්තප්‍රහාරයක් නැහැනේ. අඩු ගානේ ඒ මිනිස්සු ඔය ආගම් එහෙම බදාගෙන නැහැනේ. එතකොට ඉන්දියාව ගත්තත් ,ලංකාව ගත්තත් කොයිතරම් ආගමික දේවල් කරනවද? ඒ  පින කෝ. කොයි තරම්  පින් කරත් වැරදි දේවල් කරනකොට ඒ පින නැති වෙනවා. අපි හොඳ දේවල් කලොත් අපිට හොඳ දෙයක් වෙයි. හැමෝටම ආදරය කරන්න ආදරයෙන් දිනන්න පුළුවන් වෛරයෙන් දිනන්න බැහැ.

ස්වභාවික විපත් වලදී ලංකාවේ මිනිස්සු සියලු බේද අමතක කරලා එකට එකතු වෙන්නේ ඇයි ?
එහෙම එකට එකතු වෙන එක ගොඩක් හොඳයි.. මම කියන්නේ ස්භාවික විපත් වලදීම විතරක් නෙවේ. අනිත් හැමවෙලාවකදිම එකට එකතු වෙනවානම් ගොඩක් හොඳයි. ඒ වෙලාවට විතරක් අනේ පව් කියලා එන්නේ නැතුව. අනිත් හැම  වෙලාවකදීම අසරණ වුන මිනිස්සුන්ට උදවු කරන එක කොයි  තරම් හොඳද. පාසැල් වල කොයි තරම් අපහසුතා තියනවද. ඔය කියන කිසිම දෙයක් හොයලා බලලා කරලා දෙනවද නැහැනේ... මිනිස්සු දන්නේ පල්ලියට යන්නයි, පන්සලට යන්නයි විතරයි. කෙනෙක්ට  උදවු කරන්න මේ විපත් එනකන් බලාගෙන ඉන්න ඕන නැහැනේ.

සමාජජාලා වෙබ් අඩවි හරහා තරුණ තරුණියන්ගේ නිරුවත් වීඩියෝ සංසරණය වීමේ ලොකු ප්‍රවණතාවයක් ඇති වෙලා තියනවා. ඇයි  මෙහෙම වෙලා තියෙන්නේ?
අපේ මිනිස්සු තරම් මිනිස්සුන්ට අගෞරව කරන්න සුදානම් පිරිසක් තවත් නැහැ. එහෙම කරලා ඒ දෙයින් තෘප්තියක් ලබනවා. හැබැයි එහෙම කරන අයට කවදාම හරි මොනම  විදියකින්  හරි දඬුවම ලැබෙනවාමයි. පුදුම විදිහට මිනිස්සුන්ට අවලාද අපහස කරන්න සුදානම් වෙලා ඉන්නේ. එවැනි දේවල් මමත් දැකලා තියෙනවා. ඇත්තටම එවැනි දේවල් අන්තිම කැතයි නින්දිතයි. ඒ වගේ දේවල් කරන අයට  අනිවාර්යෙන්ම දඩුවම් ලැබෙනවා.

ලංකාවේ රිය අනතුරු  සිදුවුනාම රියදුරන් දෙදෙනා වාහන වලින් එලියට පැනල ගහගන්නවා. මොකද හිතන්නේ මේ ගැන  ?
ඕක අනන්තව සිදුවන දෙයක් අපේ මිනිස්සු ගහගන්නවා, මරාගන්නවා පිටරට වල එහෙම වෙන්න නැහැ. අපේ මිනිස්සු පෝයට වැඳගෙන ඉන්නවා. ඊට පස්සේ දේවාල වලට ගිහින් පොල් ගහනවා මකබැවිලා පලයන් කියලා. මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා මටනම් තේරෙන්නේ නැහැ. අපි කිසිම පිනක් නැති මිනිස්සු වෙලා තියෙන්නේ එකයි. ලංකාවේ ඉන්නේ මොන තත්වයේ මිනිස්සුද දෙයියනේ. මටනම් තේරෙන්නේ නැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  3,522 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  11,082 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  2,774 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  418 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  11,456 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  6,713 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  28,474 Downloads

Api Wenas - Pyramids
Api Wenas
Pyramids
⤵  2,256 Downloads

Thambapata Handawa - Lasantha Bandara
Thambapata Handawa
Lasantha Bandara
⤵  5,639 Downloads

Heena Kade - Ajantha Peiris
Heena Kade
Ajantha Peiris
⤵  5,908 Downloads



Top 10 Commenters

Latest Comments

Top