Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
‘‘මාකඳුරේ මධුෂ්“ ඩුබායි ඉඳන් දැකපු සිහිනය පිළියන්දලදී සැබෑවක් කළ ‘‘ලොකු පැටී“ කොටුවුණු හැටි

- ‘‘මාකඳුරේ මධුෂ්“ ඩුබායි ඉඳන් දැකපු සිහිනය පිළියන්දලදී සැබෑවක් කළ ‘‘ලොකු පැටී“ කොටුවුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

71,657 Views
කොස්ගොඩ සුජියාගේ වෙඩි පහරින් නූලෙන් බේරිලා...
පොලිසියට ගැහුවා කියලා දන්නෙ පහුවදාලු...

පිළියන්දලදී වෙඩි පිට වෙඩි පත්තු වූයේ ශ්‍රී ලංකා පොලිසිය දෙදරවමිනි. හෙරොයින් ජාවාරම්කරුවන්ට මහත් හිසරදයක් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඉලක්ක කර ගනිමින් දියත් වූ සන්නද්ධ කල්ලි ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයකු දිවි පුදා පුංචි මල් කැකුළක් සදහටම දෙනෙත් පියා මාසයකට අධික කාලයක් ගතවී හමාරයි.

මේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බව කියන 'අහුන්ගල්ලේ ලොකු පැටී' නමැත්තා නුගේගොඩ කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරු පොළොන්නරුව මැදිරිගිරිය මහ අඹගස්‌වැව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක්‌ද සොයාගෙන ඇත.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉලක්‌ක කර එල්ලවූ ප්‍රහාරයේ සැළසුම්කරු බව කියන මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයකු බව කියන අහුන්ගල්ලේ ලොකු පැටී අළුත්ගම ධර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියේදී ලොකු පැටීට පැවරී ඇත්තේ යතුරුපැදිය පැදගෙන යෑමය. ලොකු පැටීගේ නම සුජීව රුවන් කුමාර ද සිල්වාය. ඔහු 27 හැවිරිදි වියෙහි පසුවන අවිවාහකයෙකි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 7 වැනි පාබල රෙජිමේන්තුවේ වසර දෙකක පමණ කාලයක් සේවය කළ ඔහු ඉකුත් වසරේදී ඉන් ඉවත් වූයේය. අනතුරුව පාතාල ක්‍රියාකාරකම් සහ හෙරොයින් ජාවාරම් කටයුතුවල නිරත වූයේය.

දකුණේ පාතාල නායක "කොස්ගොඩ සුජියා" සමඟ ඇති කරගත් ආරවුලකින් පසු ලොකු පැටීගේ අහුංගල්ලේ පිහිටි නිවෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල විණි. ඒ මීට වසර දෙකකට පමණ ඉහතදීය. එම ප්‍රහාරයෙන් ලොකු පැටී දිවි බේරාගත් අතර ඔහුගේ ඥාතිවරියක ඝාතනය විය.

ලොකු පැටීගේ සහෝදරයාද පාතාල ක්‍රියාකාරකම්වල නිරත වන්නෙක්. අයියා මලෝ එක්ව මධූෂ්ගේ කුඩු ජාවාරමේ මෙරට කටයුතු අතට ගෙන සිටි බව පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

මීට වසර දෙකකට පමණ ඉහතදී ලොකු පැටීට මධූෂ් එවූ කුඩු ග්‍රෑම් 10 ත් සමඟ කළුතර විශේෂ පොලිස් ඒකකයක් මඟින් ඔහුව අත්අඩංගුවට ග් අතර රක්ෂිත බන්ධනාගාර ගත වූ ලොකු පැටී නැවත කරළියට පැමිණෙන්නේ පිළියන්දල සිද්ධියත් සමඟය.

පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තැබූ බව කියන අසිත නොයෙල් කුමාර නමැත්තා කල්පිටිය ප්‍රදේශයෙන් බෝට්‌ටුවක නැගී ඉන්දියාවට පැන ගොස්‌ තිබූ බවද මේ වනවිට අනාවරණය වී ඇත. අසිත නමැත්තා එසේ පළාගොස්‌ තිබුණේ මෙම ප්‍රහාරයේ තවත් ප්‍රධාන සැකකරුවෙකු වූ මොහොමඩ් නවාස්‌ නමැත්තා සමඟයි.

පොලිස්‌ නිලධාරීන් ඉලක්‌ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ලොකු පැටී නමැත්තා මුලින්ම අහුන්ගල්ලේ සැඟවී සිටි අතර පසුව ඉංගිරියටත් එතැනින් පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයටත් පලාගොස්‌ තිබෙනවා.

පොලිස්‌ නිලධාරින් ඉලක්‌ක කර එල්ලවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයෝ 8 දෙනෙක්‌ පොලිස්‌ අත්අඩංගුවේ පසුවනවා.

අත්අඩංගුවට ගත් ලොකු පැටී නමැත්තා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පිළියන්දල ප්‍රහාරයට තමන් පැමිණෙනවිට පොලිස්‌ නිලධාරීන් ඉලක්‌ක කර ප්‍රහාරයක්‌ එල්ල කිරීමට යන බව දැන නොසිටි බවයි.

මාකඳුරේ මධුෂ් නමැත්තා පැවැසුවේ තම ප්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයන් පිරිසකට පිළියන්දලදී ප්‍රහාරයක්‌ එල්ල කිරීමට අසිත නොයෙල් සමඟ යන ලෙස බවත් ඔහු පවසා තිබුණා.

පිළියන්දල දී ප්‍රහාර එල්ල කළේ පොලිස්‌ නිලධාරීන් පිරිසකට බව තමන් දැනගත්තේ ප්‍රහාරය එල්ල කළ දිනට පසු දින බව ද අත්අඩංගුවට ගෙන සිටින ලොකු පැටී නමැත්තා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  3,027 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  787 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,860 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  4,643 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,102 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  4,862 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,031 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,318 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  615 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  3,392 Downloads



Top 10 Commenters

Latest Comments

Top