Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
" සමලිංගිකයින් කියන්නෙත් මිනිස්සු.. ඒ අයටත් හැගීම් දැනීම් තියෙනවා..." - අනුජ් රණසිංහ - Photos

- " සමලිංගිකයින් කියන්නෙත් මිනිස්සු.. ඒ අයටත් හැගීම් දැනීම් තියෙනවා..." - අනුජ් රණසිංහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49,899 Views
"ආදරය කියන අකුරු හතර මට කියලා දුන්නේ එයා.."
'වයසින් වැඩි කෙනෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවා.."
"ආදරය සහ රාගය තරාදියක් වගේ.."

අනුජ් රණසිංහ කියන්නේ පුංචි තිරයේ වගේම සිනමාවේ ඉන්න කඩවසම් චරිතයක්. ඔහු ගැන පුවත්පතක මේ විදිහට සඳහනක් තිබුණා.

ආදරේට නිර්වචනයක් දෙන්න
ආදරේ කරන කෙනා මත ආදරේට දෙන්න පුළුවන් නිර්වචනයන් විවිධාකාරයි.

 පාසල් ප්‍රේමය සුන්දරද?
ආදරේ කියන දේ හරි ලස්සනට, සුන්දරව අත්දැකපු කාලයක් තමයි මගේ පාසල් ප්‍රේමය.

 ආදරේ මුලින්ම හිතට දැනෙනකොට වයස කීයද?
මට ආදරේ මුලින්ම හිතට දැනෙනකොට අවුරුදු 16ක් විතර ඇති.

ආදරය ප්‍රකාශ කළ යුත්තේ හැමවිටම පිරිමි ළමයාද?
ඔව්. ආදරේ හැමවිටම ප්‍රකාශ කළ යුත්තේ පිරිමියා.

 අප්‍රකාශිත ආදරයක් ඔබට තිබේද? තිබුණාද?
පාසල් කා‍ලේ එහෙම ආදර කතා කිහිපයක් තිබිලා තියෙනවා.

ආදරේ කරන දෙදෙනකුගෙන් හැමවිටම පෙම්වතා වැඩිමල් විය යුතුද?
සදාකාලික ආදරේකදී ආදරේ විවාහය දක්වා ඇවිත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න පෙම්වතා වැඩිමල් වීම ගොඩක් ලොකු හේතුවක් වෙනවා. නමුත් සාමාන්‍ය තාවකාලික සම්බන්ධයකට වයස කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

 ඔබට වඩා වයසින් වැඩි කෙනෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවාද?
ඔව්. මට වඩා වයසින් වැඩි කෙනෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවා.

 පෙම්වතියකගෙන් ලැබුණු පළවෙනි තෑග්ග මොකක්ද?
පළවෙනිම තෑග්ගකට වඩා ඇයගෙන් මට ලැබුණු වටිනාම තෑග්ග තමයි මගේ නමේ මුල් අකුර ‘ඒ’ කියලා තියෙන ලස්සන පෙන්ඩන්ට් එකක්. ඒක මට අමතක නොවන වටිනම තෑග්ගක්.

ඇය ඔබට ආදරයට කියන නම මොකක්ද?
සුදු, බබා කියලා තමයි මට ආදරේට කතා කරන්නේ.

 ගැහැනියකගේ ඔබට ආදරේ හිතෙන්නේ ඇයගේ මොන ගතිගුණවලටද?
පිරිමියෙක් ආදරේ කරන්න තමන්ගේ අම්මගේ ගතිගුණ තියෙන කෙනෙක්ව හොයනවා. නිතරම සොයා බැලීම සහ ඒත් එක්කම ඇතිවන අවබෝධය ගොඩක් වැදගත්.

ආදරේ විවාහයෙන් කෙළවර වෙනවාද?
නෑ, එහෙම ආදරේ විවාහයෙන් කෙළවර නොවන අවස්ථාත් තියෙනවා.

 ආදරය හා රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද ආදරය සහ රාගය තරාදියක් වගේ. එහි දෙපැත්තම සමබර වුණොත් ආදරේකට ලොකු පැවැත්මක් තියෙනවා.

ඇය සමග තරහා වුණාම ඔබ මොකද කරන්නේ?
මගේ වැරැද්දකින් නම් ඇය තරහා වුණේ මම අනවශ්‍ය විදිහට කතා නොකර ඉන්නවා. මං වැරදි නිසා එයාගේ කේන්තිය අඩු වෙනකම් ඉන්නවා සහ මගේ වැරැද්ද මං හදාගන්නවා. ඒ වගේම එයා වැරැද්දක් කළොත් ඉතින් මට ටිකක් කේන්ති යනවා.

ඒ තරහව කොච්චර කාලයක් තියෙනවාද?
ගොඩක් වෙලා තරහාවෙලා ඉන්න නම් බෑ. උපරිම දවසක් නැත්නම් දෙකක් ඒ තරහව තියෙයි.

විරහව එක පේළියකින් විස්තර කරන්න?
විරහව හරි සුන්දරයි. විරහව විඳින්න පුළුවන් වගේම ඒ විරහව විඳින මිනිස්සුත් ඉන්නවා. විරහව තුළත් හරි අමුතුම රසයක් තියෙනවා.

 සමලිංගික ආදරය සමාජ සම්මතයට පටහැණිද? ඇයි?
 මිනිස්සු ලිංගිකත්වය සම්බන්ධවත් හිතන ආකාරය වෙනස් වෙලා තියෙන්නේ. සමලිංගිකයනුත් මිනිස්සු, ඔවුන්ටත් අවශ්‍යතා තියෙනවා. වැදගත්ම දේ තමයි සතුට. අකැමැති කෙනෙක් එක්ක අසතුටින් ඉන්නවාට වඩා තමන් කැමැති කෙනෙක් එක්ක විඳින සතුට ගොඩක් වටිනවා. සමලිංගිකයෙක් විරුද්ධ ලිංගිකයෙක් සමග බාහිර බලපෑම් මත විවාහ වුණොත් ඒ ජීවිත දෙකම කඩා වැටෙනවා. එතැනදී අවබෝධය හා තම කැමැත්ත මත කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන් නම් එහිදී සමලිංගිකද, නැතිද කියලා හොයනවාට වඩා ජීවිතේ සාර්ථකත්වය ළඟාකර ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ලංකාවේ සංස්කෘතියත් එක්ක එහෙම නීතියක් කවදාවත් ඇතිවෙන්නේ නෑ. නමුත් පිටරටකට ගිහින් හරි ඒ මිනිස්සුන්ට තම කැමැත්ත ඉටු කර ගන්න පුළුවන් නම් ඒකේ වැරැද්දක් කියන්න බෑ.

 ආදරේ එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
මං මට අද වෙනකම් ආදරේ කරපු කිසිම කෙනෙක්ට වෛර කරලා නෑ. මම ඔවුන් සමග මගේ ජීවිතේ බෙදා ගන්නවා. මගේ පළවෙනි ආදරේට අවුරුදු නවයක ආදර කතාවක් තියෙනවා. මං තාම එයාව දැක්කෙත් නෑ. කිසිම සම්බන්ධයකුත් නෑ. ඒත් ආදරය කියන අකුරු හතර මට කියලා දුන්නේ එයා. ඒ හැඟීම් හැමදාම මං ළඟ තියෙනවා. විවිධාකාර ආදරයන් තුළ අසුන්දර වගේම සුන්දර තැන් මගේ හදවතේ තැන්පත් වෙලා තියෙන්නේ. කවුරු ජීවිතේට ආවත් ඒ දේවල් නැතිවෙලා යන්නේ නෑ. පවතින ආදරේ වැඩිකර ගන්නත් මගේ වෘත්තියේදී සමහර අවස්ථාවලදීත් ඒ ආදරයේ සුන්දර මතකයන් මා තුළින් එළියට එනවා.

මේ වෙද්දි ගෑනු ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවාද?
මගේ අරමුණුවලට ඇගේ අදහස් නොගැළපෙනකොට, දෙන්නාම කතා කරලා වෙන්වුණු අවස්ථා කිහිපයක් තිබිලා තියෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  7,672 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  2,699 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,051 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,956 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  974 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,172 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,812 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,070 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  727 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,152 Downloads



Top 10 Commenters

Latest Comments

Top