Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
"එදා අපි පිටියට ගියේ ලකුණු අඩු වුණත් පන්දු රැකීම සාර්ථකව කරලා දිනලා එන්නයි.." - Exclusive - photos

- "එදා අපි පිටියට ගියේ ලකුණු අඩු වුණත් පන්දු රැකීම සාර්ථකව කරලා දිනලා එන්නයි.." - Exclusive - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,589 Views
"පැරදුනාම ක්‍රීඩා ලෝලීන්ගෙන් බැණුම් ඇහුවා.."
"මට විවේකයක් ලැබුණේ අවුරුදු දෙකකට පස්සේ.."

අසේල සම්පත් ගුණරත්න.ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මෑතකදී එකතු වුණු දක්ෂ දකුණත් පිතිකරුවෙක්.ඒ වගේම තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන්නෙක්.ඔහුගේ පිත්තට වැදෙන බොහෝ පන්දු වේගයෙන් ලකුණු රැස් කරන්න සමත් වෙනවා.2016 වර්ෂයේ ජාතික කණ්ඩායමට එක් වුණත් අසේලට 2017 වර්ෂයේ ICC එක්දින පිටියේ හොදම පිතිකරුවන් 100 දෙනාගේ  ලැයිස්තුවට එකතු වෙන්න හැකියාව ලැබුණා.මේ හැම දෙයක් ගැනම කතා කරන්න ඔහුව හිරු ගොසිප් සංවාදයකට එකතු කරගත්තා.මේ අසේලගේ කතාබහයි.

අසේල කාලෙකට පස්සේ විවේකයෙන් ඉන්නවා වගේ..?
ඔව්. මට අවුරුදු දෙකකට පස්සේ තමයි කෙටි නිවාඩුවක් ලැබුණේ. මේ දවස්වල පවුලේ අයත් එක්ක වැඩිපුර කාලය ගත කරනවා.නෑදෑ ගෙවල්වල යනවා. විනෝද ගමන් යනවා. තව දින කිහිපයකින් පුහුණු වීම් වගේම තරග පටන් ගත්තාට පස්සේ මේ විවේකය නැහැ. ඒ නිසා මේ දවස් ටිකේ හිතේ දුක පීඩනය මහන්සිය නැති කරගන්න උත්සහ කරනවා.

පහුගිය කාලය පුරාවටම පවුල දරුවා බිරිද මග හැරෙන්න ඇති..?
ගොඩක් මග හැරුණා. තරග වලට ගියාම ගොඩක් මග හැරෙනවා. අනිත් දවස්වලට මුළු දවසම පුහුණුවීම්. ඒ නිසා පහුගිය කාලයම මට පුද්ගලික ජිවිතේ නිදහසේ විදින්න බැරි වුණා. දරුවාගේ හුරතල් බලන්න බැරි වුණා. අපට ඉන්නේ පුතෙක්. එයාට තවම වයස අවුරුදු හතරයි. නොතේරුම් වයසක හිටියත් ගෙදර අය එක්ක මම තරග කරන තරග නරඹනවා.

ශුරයන්ගේ කුසලානයේදී ඉන්දියාව සමග තරග කළ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්ථාවක් පවා තැබුවා.වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජයග්‍රහණය කළ කණ්ඩායම හැටියට. නමුත් අර්ධ අවසන් තරගයටවත් පිවිසෙන්නේ නැතිවම  ඉවත් වුණා.. ඔබ ඒ ගැන මොකද හිතන්නේ..?
අපි පරාජය වෙයි කියලා කොහෙත්ම හිතුවේ නැහැ. මොකද ඉන්දියාව එක්ක අපි හොද තරගයක් දීලා දිනලා වාර්ථාවකුත් තියලා තිබුණ නිසා ක්‍රීඩා ලෝලීන් විතරක් නෙමෙයි අපිත් ලොකු විශ්වාසයකින් පිටියට ගියේ පකිස්ථානය එක්ක ක්‍රීඩා කරන්න. නමුත් පාකිස්ථානය සමග තරයෙදී අපි අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගියා. දහවල් කෑමෙන් පසුව අපි පිටියට ආවේ මානසික පිඩනයකින් නම් නෙමෙයි.ලොකු ප්ලැන් එකකින්. මාලිංග පවා කිව්වේ අපි කොහොම හරි පකිස්ථානය ඉක්මණින් දවා ගනිමු කියන සිතුවිල්ලෙන්.

එදා අපි පිටියට ගියේ ලකුණු අඩු වුණත් පන්දු රැකීම සාර්ථකව කරලා දිනලා එන්නයි. අන්තිම මොහොත වෙනකල් කිසි කෙනෙක් තරගය අතහැරියේ නැහැ. මාලිංගට එකදිගට පන්දු යවන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ ඔහුගේ ආබාධ තත්ත්වය එක්ක. නමුත් මාලිංග ඒ ගැනවත් හිතුවේ නැහැ. ඔහු කිව්වේ තුවාල වුණත් මට මොනා වුණත් මම ඒ දේ කරනවා කියලයි. ඒත් එදා තරගය වාසනාව ගෙනාවේ පකිස්ථාන කණ්ඩායමටයි.

ඒ මොහොතේ දැනුණ හැගීම කොහොමද..?
තවම හීනයක් වගේ. ඒ වේදනාව තවමත් මගේ හිතේ තියෙනවා. වේදනාව යටපත් කරගෙන ජිවත් වෙනවා.

පරාජය ගැන බිරිදගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද..?
බිරිදත් තරගය නරබලා තිබුණා. මම ගෙදර ආ ගමන්ම ඇය කනගාටුව ප්‍රකාශ කළා. මම එයාටත් කිව්වේ අපි පැරදිලා ඉවරයි. තවත් හිත රිද්දන්න ඒක මතක් කරන්න එපා කියලයි.

ක්‍රීඩා ලෝලීන්ගේ ලොකුම බලාපොරොත්තුව ඉටු කරන්න බැරි වුණ නිසා බොහෝ අය ඉන්නේ හිත් අමනාපයෙන්..?
ඒක මටත් තේරෙනවා. ගොඩක් අය එදා මැච් එක බැලුවේ වැඩ පාඩු කරගෙන සමහර අය වැඩටවත් ගියේ නැහැ. අපි පරාජය වුණා ම ඒ අයටත් දුකක් ඇති. මට ප්‍රතිචාර දැක්වු අයත් දුකෙන් තරහින් කතා කළේ. පැරදුනාම ක්‍රීඩා ලෝලීන්ගෙන් බැණුම් ඇහුවා.ඒක සාධාරණයි.

මෙවර ශුරයන්ගේ කුසලානය කාට හිමි වෙයිද..? ඔබේ දැණුමේ හැටියට..?
එංගලන්තය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වගේ. ඔවුන්ව පවා ගෙදර යවන්න පකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබුණා. අපි ඉන්දියාව පරාජය කළත් ඒ කණ්ඩායමේ ඉන්නේ දක්ෂයින්. මේ කණ්ඩායම් දෙකම කරට කර තරග කරයි. දිණුම එදා තරගයේ දක්ෂයින්ට ලැබෙයි. වාසනාවත් හේතුවක් වෙනවා. මේ දෙකෙන් කවුරු එයිද කියන්න ඇත්තටම අමාරුයි.

ඉදිරි තරග ගැන කිව්වොත්..?
සිම්බාබ්වේ කණ්ඩායම එක්ක තරගාවලියක් පැවැත්වෙනවා. පසුගිය තරගාවල වැරදි හදාගෙන හොද මානසික මට්ටමකින් ඒ තරගාවලිය ක්‍රීඩා කරලා දිනන්න තමයි හිතන්නේ.

2017 වර්ෂයේ ICC එක්දින හොදම පිතිකරුවන් 100 තේරුවා. ඒ ලැයිස්තුව අතරේ ඔබේ නමත් ඇතුළත්. මොකද ඒ ගැන හිතන්නේ..?
හරිම සතුටුයි. මම කණ්ඩායමට ඇවිත් කෙටි කාලයයි. නමුත් දක්ෂ පිතිකරුවන් ලැයිස්තුවට මගේ නමත් 91 වැනි ක්‍රීඩකයා විදිහට සදහන් වෙනවා. මේ ලයිස්තුවේ ඉන්නේ එක් දින පිටියේ ලකුණු හත් අටදාහා ගත්ත අය. කොහොම හරි ඉදිරියට ඇවිත් හොදම ක්‍රීඩකයින් 20 අතරටවත් එන්න මම උත්සහ කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  45 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  87 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,133 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  653 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,112 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,725 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,521 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,065 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,885 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,142 Downloads



Top 10 Commenters

Latest Comments

Top