පසුගිය 14 වන දින බටහිර ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස කුළුණු සංකීර්ණයේ ඇතිවූ මහා ගින්නෙන් 17 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වුණා.
මියගිය පිරිස අතර සිටි විවාහක යුවළක් පිළිබඳ පුවතක් මේ දිනවල විදෙස් මාධ්‍යයන් වල හුවමාරු වෙමින් තිබෙනවා.
මෙලෙස ගින්නෙන් මියගොස් ඇත්තේ Gloria Trevisan සහ Marco Gottardi විවාහක යුවළකි.
මොවුන් දෙදෙනාම ඉතාලි ජාතියන් වන අතර වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම යුවළ රැකියා සඳහා ලන්ඩනයට පැමිණ ඇත්තේ මීට මාස 3 කට පමණ පෙර බවයි සඳහන් වන්නේ.
23 වැනි තට්ටුවේ යුවළ සිර වී සිටි අතර තරුණිය මවට අවසාන දුරකථන ඇමතුමදක්ද දී පවසා ඇත්තේ ගින්නකට හසු වී ඇති බවත් බේරා ගැනීමට කණ්ඩායම් පැමිණෙන තුරු සිටින බවත්ය.
තවද ඇය තම මවට අවසාන වරට පවසා ඇත්තේ මෙතෙක් කල උදව් වලට ස්තූතියි යනුවෙනි.