"ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්" කියන්නේ පොඩ්ඩෝ ලොක්කෝ හැම කෙනෙක් අතරම ජනප්‍රිය කෑමක්.ඒත් බදින අර්තාපල් අල තීරු කෑමට ගන්න අය ඉක්මණින් මරණයට ලංවෙනවා කියලා බොහෝ අය දන්නේ නැහැ.එංගලන්තේ පර්යේෂණ කන්ඩායමක් විසින් තමයි ඒ බවට හොයාගෙන තියෙන්නේ.
"ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්" ආහාරයට ගන්න සාමාන්‍ය අයෙකුට වඩා දෙගුණයකින් දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බව මෙම අධ්‍යයනයේදී තහවුරු කර ගෙන තිබේනවා.
වසර අටක කාලයක් පුරා පැවැති මෙම අධ්‍යයනයෙහි වාර්තාවට අනුව අධ්‍යයනයට ලක්‌කළ වයස අවුරුදු 45-79 වයස් කාණ්‌ඩයේ පුද්ගලයන් 4440 දෙනාගෙන් "ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්" ආහාරයට ගත් 236 දෙනකු අවසන් වසර එනම් අටවැනි වසර වන විට මිය ගොස් තිබේනවා.අධ්‍යයනය අවසානයේදී මිය ගිය පිරිස නිරතුරුව බදින ලද අල තීරු හෙවත් "ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්"ආහාරයට ගත් අය බවයි මෙම පර්යේෂකයෝ ප්‍රකාශ කරන්නේ.
මෙහිදී අධ්‍යයනයට ලක් කළ 4440 දෙනාගේ ආහාර පුරුදු අධ්‍යයනයට ලක් කර ඇති අතර ඔවුන් එම අවුරුදු අටක කාලය පුරාවටම ආහාරයට ගෙන තිබෙන බදින ලද හා නොබදින ලද අර්තාපල් ප්‍රමාණයද විශ්ලේෂණයට ලක් කර තිබේනවා. මෙම පිරිසට පර්යේෂකයන් ආහාර හා සම්බන්ධ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර ඔවුන් ආහාරයට ගත් අර්තාපල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබාගෙන තිබේන බවයි සදහන් වෙන්නේ.
පෝෂණවේදිනියක වන ජෙසිකා තෝඩින්ට අනුව මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵලය පුදුම සහගත එකක් නොවන අතර ගැඹුරු තෙලෙහි බදින ලද අර්තාපල් ආහාරයට ගැනීමෙන් කැලරි, සෝඩියම් හෙවත් ලුණු හා ට්‍රාන්ස්‌මේදය පවා අධික වශයෙන් අයෙකුගේ ශරීරගත වීම එයට හේතු බවයි පෙන්වා දෙන්නේ.
පෝෂණවේදීන්ට අනුව බදින ලද අර්තාපල් වෙනුවට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරය වනුයේ නිවසේදීම තනා ගත් උදුනක පුළුස්‌සාගත් (රෝස්‌ට්) අර්තාපල් අලය