Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
දළදා සමිඳුන්ට රන් මාලයක් පූජා කර නොසිතූ මොහොතක මරු හා ගිය යුගාන්ති - Photos

- දළදා සමිඳුන්ට රන් මාලයක් පූජා කර නොසිතූ මොහොතක මරු හා ගිය යුගාන්ති - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

59,055 Views
‘‘මේ දුව බැඳලා ටික කාලයයි..“
‘‘ඇස්‌ දන් දෙන්න ඕන කියලා මාත් එක්ක ගියා..“
‘‘දළදා වහන්සේටත් පුදුම භක්‌තියක්‌ තිබුණේ..“

ගම්පොල - නුවර මාර්ගයේ හීන්නාරංදෙණිය ප්‍රදේශයේ මාර්ගය අසල සිටි සිවුදෙනකු යට කරමින් මෝටර් රථයක්‌ සිදු කළ අනතුරකින් රෝහල්ගත කර සිටි පාසල් ගුරුවරිය ද පසුගියදා මියගියා.

එසේ මියගොස්‌ ඇත්තේ වැලිගල්ල හීන්නාරංදෙණිය පදිංචිව සිටි 28 හැවිරිදි යුගාන්ති ඉන්ද්‍රචාපා නමැති විවාහක ගුරුවරියක්.

ඇය සමඟ මෙම අනතුරට ලක්‌වූ සිවුදෙනාගෙන් එක්‌ අයකු අනතුර සිදු වූ පස්‌වැනි දින මියගිය අතර මෝටර් රථය පදවාගෙන පැමිණි අය සමඟ සිවුදෙනකු තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුළත් කොට තිබුණා.

මියගිය යුගාන්ති සමගින් ඇයගේ මව ද බරපතළ තුවාල ලබා ගම්පොල ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඔවුන් සමඟ සිටි ඥතියකු වන විශ්‍රාමික ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයකු එම ස්‌ථානයේදීම මියගිය අතර ඔහුගේ බිරිඳ ද රෝහල්ගත කොට ඇත.

මියගිය යුගාන්ති ගම්පොල රෝහලෙන් මහනුවර මහ රෝහලට යවා පසුව නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහල වෙත එවා යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස්‌ තිබෙනවා.

තිදෙනකුගෙන් සමන්විත පවුලේ වැඩිමලා වූ යුගාන්ති ගම්පොල සහිරා විදුහලේ ගුරුවරියක වූ අතර ඇය ගම්පොල අධ්‍යාපන කලාපයේ සිටි එකම ඉංග්‍රීසි මාධ්‍ය භූගෝල ගුරුවරිය ද වනවා. ඇයගේ නැඟණියන් දෙදෙනා ද උපාධිධාරීන් වන අතර මව පේරාදෙණිය සරසවිඋයන මහා විද්‍යාලයේ ගුරුවරියකි..

විශ්‍රාමික රජයේ නිලධාරියකු වන සුනිල් ශාන්ත වන ඇගේ පියා යුගාන්ති පිළිබඳව පවසා තිබුණේ මෙවැන්නක්...

‘‘මේ දුව බැඳලා ටික කාලයයි. ඒ පුතා විදේශගත රැකියාවක්‌ කරන්නේ. දුව හරිම ධාර්මික ජීවිතයක්‌ තමා ගත කළේ. එයා ඇස්‌ දන් දෙන්න ඕන කියලා මගෙත් එක්‌ක ගිහින් එයට අදාළ කටයුතු කළා. පසුව මැරුණාට පස්‌සේ මේ ශරීරයේ ඉන්ද්‍රියයන් අපට ඕන නෑනේ කියලා වකුගඩු ඇතුළු සියලු ඉන්ද්‍රියයන් දන් දෙන්නත් කටයුතු කළා.දළදා වහන්සේටත් පුදුම භක්‌තියක්‌ තිබුණේ. දානමාන කටයුතු ගැනත් එහෙමයි. මෙම අවාසනාවන්ත සිද්ධිය වෙන්න දින කීපයකට කලින් එයා පවුම් එකහමාරක රන් මාලයක්‌ හදලා දළදා කරඬුවට පැළැන්දුවා. ඒ වගේ හොඳ කෙනකුට තමයි මේ වගේ දෙයක්‌ වුණේ.“

යුගාන්ති ඉන්ද්‍රචාපා නාවලපිටිය රෝහලේදී මියගියාය. මැෂින් ආධාරයෙන් ක්‍රියාත්මක වූ ඇයගේ ඉන්ද්‍රියයන් ඇය පැතූ ආකාරයෙන්ම දන්දීම සඳහා කටයුතු සිදු වුණූ අතර ඇයගේ දේහය 12 දා සවසයි නිවස වෙත ගෙන ඒමට කටයුතු යොදා තිබුණේ.

පාසල් ගුරුවරුන් සමඟ ළමුන් විශාල සංඛ්‍යාවක්‌ ඇගේ නිවස වෙත පැමිණෙද්දී මේ කිසිත් නොදන්නා ඇගේ මව මේ වන විටත් ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,643 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,628 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,271 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,280 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,175 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,826 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,343 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,203 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,088 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,468 Downloads



Top 10 Commenters

Latest Comments

Top