Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
14
"විවාහ වුණු මුල් කාලේ වගේ නිදහසේ වැඩ කරගන්න පුළුවන්කමක් නැහැ.." සුරේනි ද මෙල් - Exclusive - photos

- "විවාහ වුණු මුල් කාලේ වගේ නිදහසේ වැඩ කරගන්න පුළුවන්කමක් නැහැ.." සුරේනි ද මෙල් - Exclusive - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
"මම ප්‍රසංග වලට යන්නෙත් එයා එක්ක.."

"මම විලාසිතා කරන්නේ බටහිර පන්නයට.."

ප්‍රසංග වේදිකාවේ ගැයෙන රිද්මයට නටන්න කෙනෙකුට පුළුවන් නම් ඒ රසය  දුන්න ගායිකාවක් විදිහට සුරේනි ද මෙල්ව හදුන්වා දෙන්න පුළුවන්. ප්‍රසංග වේදිකාවේ වේග රිද්මයට ගැයෙන හඩවල් කිහිපය අතරේ ඉන්න සුරේනි ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක්. නමුත් ඇයව දැන් දකින්නේ ඉදහිට. ඒ ඇයි කියලා අහන්න වගේම සුරනිගේ අලුත් තොරතුරු විමසන්න හිරු ගොසිප් එක්ක ඇයව එකතු කරගත්තා. මේ ඇය ගැනයි.

සුරේනි කොහොමද අලුත් තොරතුරු..?
විශේෂයක් නැහැ. සතුටින් ජිවත් වෙනවා.

විවාහයත් එක්ක මවක් වීමත් එක්ක සුරේනිව වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. ගෘහණියක් විදිහට කාර්ය බහුල වීම සංගීතයට ඉඩ අහිරිලාද..?
ඔව් ඒකත් එක හේතුවක් තමයි. දුව සශායාට දැන් අවුරුදු පහයි මාස හයයි. දුවක් ඉන්න නිසා මට එයත් එක්කම ඉන්න වෙනවා. තනිකඩ ජිවිතේ හෝ විවාහ වුණු මුල් කාලේ වගේ නිදහසේ වැඩ කරගන්න පුළුවන්කමක් නැහැ. ගෙදර වැඩ හොයලා බලලා කරන එක සැමියා දරුවා ගැන බලන එක ඒ අය වෙනුවෙන් වැඩ කරන එක මගේ යුතුකමක්. ඒ යුතුකම් ඉෂ්ඨ කරද්දී කාලය යනවා.

ඒ කියන්නේ සුරෙනිව ඉදිරියේදී සංගීතයෙන් දකින්නෙම නැතිවෙයි කියන එකද..?
නැහැ. මම නිර්මාණ කටයුතු වලට සම්බන්ධ වෙනවා. කොහොම හරි හොද ගීත දෙකක් රූප රචනා එක්ක එළිදක්වන එක තමයි මගේ බලාපොරොත්තුව. එක වර්ෂයකට ගීත දෙකක් බැගින්. වැඩිය දකින්න නැත්තේ මාධ්‍යට එන්නේ නැති නිසා වෙන්න ඇති.

අලුත් ගීත දකින්න පුළුවන්ද..?
මම අලුත් ගීතයක් නොවැම්බර් මාසේ එළිදැක්වූවා නර්තන ජවනිකා ඇතුළත් රූප රචනයක් එක්ක. මේ ගීතයට හොද ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා තවත් ගීත දෙකක් මම කළා. ඒ ගීත දෙකෙන් එකකට ගැලපෙන රූප රචනයක් කරන්න තමයි මේ දවස්වල සුදානමින් ඉන්නේ.

ඔබව ඉතා ජනප්‍රිය වුණෙත් රූප රචනා සදහා නර්තනය ඒක කළ නිසයි. හැම ගීතයකම රූප රචනා වලට නර්තනය එක් කිරීම ඒකාකාරියි කියලා
හිතෙන්නේ නැද්ද..?
එකම රටාවකට මම ගීත ගායනා කරන්නේ නැහැ. එකට එක වෙනස්. ඒ වෙනස එක්ක තමයි නර්තනයත් වෙනස් වෙන්නේ. ඒනිසා මට නම් ඒකාකාරී බවක් දැනෙන්නේ නැහැ. මමත් නර්තනයට ආසයි. මට ආදරේ කරන බහුතරයක් ඒ රටාවට ආදරේ කරනවා. ෆේස් බුක් එකෙන් වගේම මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොමයක් ලැබෙන්නේ නර්තනය එක්ක වේග රිද්මයට ගීත කරන්න කියලයි. වෙනස් ආකාරයේ ගීතත් කරනවා. ළගදීම සාමාන්‍ය රිද්මයට ගීතයක් කරනවා. ඒකට රුපරචනය කරන්න ඉන්නේ ස්ටෝරි එකක්. එතකොට ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. අනිත් එක මම කැමති වේග රිද්මයට ගී ගයන්න. මොකද ප්‍රසංග වේදිකාවට නගින ගායක ගායිකාවන් අතරේ අතලොස්සයි ඉන්නේ වේග රිද්මයට ගයන්න.

ප්‍රසංග වේදිකාවෙන් තියෙන ඉල්ලුම කොහොමද.. ඒ ඉල්ලුමට සැපයුම දෙනවද..?
හොද ඉල්ලුමක් තියෙනවා. ප්‍රසංග පවත්වන කාලේට මම දවසකට ප්‍රසංග තුනක් විතර භාර ගන්නවා. විදේශ ප්‍රසංග වලටත් හොද ඉල්ලුමක් තියෙනවා ඉස්සර වගේම. ඒ ගැන මටත් සතුටුයි. ඕස්ටේලියා සංචාර දෙකකටත් ළගදි ඇරයුම් ලැබුණා. මම ඒවාටත් සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ.

විලාසිතා භාවිතා කරන විදිහ වෙනස් ..?
මම හැමවෙලාවෙම හිතන්නේ බටහිර පන්නයට අදින්න. මම නිර්මාණය කරන ගීත වලටත් ඒ විලාසිතා ගැලපෙනවා.
ඔබේ දියණියත් ගීත ගයන්න දක්ෂයි නේද..?
එයා වැඩිපුරම කියන්නේ මගේ සිංදු. මොන වැඩේ කරන්න ගියත් මගේ සිංදුවක් මුමුණන ගමන් තමයි එයා වැඩේ කරන්නේ. මම ගෙදර ගීත පුහුණු වෙනකොට නර්තනය පුහුණු වෙනකොට එයත් මාත් එක්ක සිංදු කියලා නටනවා. ලස්සන කටහඩක් තියෙනවා. මාත් එක්ක එයා නර්තනයේ යෙදෙන වීඩියෝ එකක් youtube එකට දැම්මා.ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා.

ඔබේ වැඩවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු...?
ක්‍රිෂාන්තගෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ. මම ප්‍රසංග වලට යන්නෙත් එයා එක්ක. දුවව තනියම තියලා යන්නේ නැහැ. අපි දෙන්නා ගොඩක් වෙලාවට දුවව අරගෙන යනවා. මගේ ගීත කරද්දී පවා එයා තමයි කියන්නේ වෙනස් විදිහට කරන්න ඕන කොයි විදිහටද කියලා. කවදාවත් මට නීති රීති දාලා මේ දේවල් කරන්න එපා කියන්නේ නැහැ. ඒ නිසා සංගීත ජිවිතේ වගේම මගේ පවුල් ජීවිතෙත් සාර්ථකව ගෙවෙනවා. ඒකට ප්‍රධාන හේතුව මගේ සැමියාගේ අවබෝධය තමයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top