Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
‘‘ඊලඟ අගමැති චමල් රාජපක්ෂ මැතිතුමා තමයි“ - මහින්ද අමරවීර

- ‘‘ඊලඟ අගමැති චමල් රාජපක්ෂ මැතිතුමා තමයි“ - මහින්ද අමරවීරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,115 Views
"ජනාධිපතිතුමාගේ සිට ඕන කෙනෙක් විවේචනය කරන්න හැකියාවක් ජනමාධයට තියනවා"

ඔහු පක්ෂයට පක්ෂපාති විය. නායකයාට පක්ෂ පාති විය, නමුත් යුක්තිය සාධාරනත්වයේදී අපක්ෂපාති විය.. ඔහු පාක්ෂිකයන්ගේ ආදරය දිනාගත්තේය.. නායකත්වයේ විශ්වාසය දිනාගත්තේය. එහින්ම ඔහු එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ අභිනව මහ ලේකම්වරයා වියෙ. ඉතිහාසයේ රුවින් සමාන වූ  'සුභ සහ යස' කතාන්දරයේ නමින් සමානවූ  'මහින්ද ' මහින්ද' ද්විත්ව අරගලයේ ඔහු බළල් අතක් වේවිද? ඔහු නමින් මහින්ද අමරවීර  නම් විය. හිරු ගොසිප් ඔහු සමඟ කළ සංවාදයයි මේ..

අමාත්‍යංශ බෙදාදීමේදී මහින්ද අමරවීර ඇමතිවරයාගේ අමාත්‍යංශයට තව අලුතින් අමාතයංශයන්  එකතු උනා. නමුත් ඔබ බලාපොරොත්තු වුන අමාතයංශයන්  ඔබට ලැබුනේ නැහැ. ජනාධිපතිතුමා මේ අමාත්‍යංශ දුන්නේ ඔබගේ හිත හදන්න කියන කතාව ඇත්තක්ද?
හිත හදන්න මගේ හිත කැඩිලා නැහැනේ. මම කොහොමත් ඔය දේවල් වලට ගැටළු ඇති කරගන්න කෙනෙක් නෙවෙයි.මම මේක දෙන්න අරක දෙන්න කියලා ඉල්ලලත් නැහැ  එහෙම දෙයක් මම දන්නෙත් නැහැ.

රාජපක්ෂ වරුන්ට එරෙහිව ආයුධයක් විදිහට  පාවිච්චි කරන්වා කියලා ඔබවට හිතෙන්නේ නැද්ද ?
ජනාධිපතිතුමා හැමවෙලාවෙම කියන්නේ දක්ෂයන්ට අවංක අයට උදවු කරනවා කියලා. එතුමා මගේ දක්ෂකම තේරුම් අරගෙන  ඉතාම වගකීමෙන් තමා  ඔය  දෙවල් කරන්නෙ එක තමා ඔය වෙන්නේ.

ඔබව දේශපාලනට ගේන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා?
වැරදියි.

එහෙනම් නිවැරදි කරන්න?
මම දේශපාලනයට ගේන්නේ එස් එච් ද සිල්වා කියලා තංගල්ලේ හිටපු සංවිධායක වරයෙක්.  ඊටපස්සේ චමල් රාජපක්ෂ මැතිතුමා මගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වුනා. පසුව මහින්ද රාජපක්ෂ මහත්තයලා අපි එකට දේශපාලනය කළා. රාජපක්ෂලා අපි අතර ප්‍රශ්නයක් නැහැ. එදා ඉදලම මගේ තාත්තා තමා ලක්ෂ්මන් රාජපක්ෂ මහත්තයට හැමදාම ඇප බැන්දේ.

මාධ්‍යට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා කවදාවත් මහින්ද අමරවීර අපේ තාත්තාට විරුද්දව කටයුතු කරයි කියලා විශ්වාස කරන්නේ නැහැ කියලා. ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ?
මම දේශපාලනයට එන කාලේ එතුමා බොහොම පොඩියි. මම හිතන්නේ එතුමා එක ගැන ඒ තරම් ලොකු දැනීමකින් නෙවේ කතා කරේ. මහින්ද රාජපක්ෂ කියන්නේ  ගරු කරන කෙනක්. අපේ රටේ හිටපු නායකයෙක්. මම කොහොමත් එතුමාව විවේචනය කරන්නේ නැහැ. මම ප්‍රතිපත්තියක් විදිහට කොහොමත් රටේ හිටපු රාජ්‍ය නායකයෝ විවේචනය කරලත් නැහැ කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

ඇත්තටම ජනාධිපතිවරයා හිතන විදිහට දකුණේ රාජපක්ෂවරු අභිබවා ඔබට ඉදිරියට ඒමේ හැකියාවක් තියනවද?
නැහැ එක නෙවේ ජනාධිපතිතුමා දුන්න පණිවිඩය. පැහැදිලිවම  ඒ පැය බාගේ කතාවේ එතුමා කිවුවේ අලුත් අයට අවස්ථාව දෙනවා කියන එකයි. දකුණෙන් මට මේ අවස්ථාව දෙනවා වගේ අනිත් පළාත් වලිනුත් එතුමා නායකයන් හදයි. පක්ෂේ පළමුපෙළ විතරක් නෙවේ දෙවැනි පෙළ විතරක් නෙවේ තුන්වෙනි පෙළත් නිර්මාණය වේලා තියනවා මේ වෙද්දි.

මැතිතුමා මේ අලුත් කැබිනට් සංශෝදනය ඇතුලේ විදෙශ කටයුතු අමාතයංශයට ලොතරැයි මණ්ඩලය ඇතුළත් කිරීම සම්බන්දයෙන් ඔබත් කිසියම් ප්‍රකාශ කලා  එහෙම දෙයක් වෙන්නේ නැහැ එහෙම දෙයක් උනොත් බලාගමු කියන්නේ දැන් මොකද ඔබ  කියන්නේ?
එහෙම අමාත්‍යංශ දීපු අවස්ථා ඕන තරම් තියනවා. මේක  නිදහස් පක්ෂ ආණ්ඩුවක් වත්, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් වත් නෙවේ. මේක සංකලනයක්. කොහොමත් එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම් පිළිබඳ ජනාධිපති තුමාට සැලකිලිමත් වෙන්න වෙනවා. මම දන්න තරමට නම් තව  ආයතන 16 ද  කොහෙද ඉල්ලුවා කියන ආරංචියක් තමයි  තියෙන්නේ. මම බලාගමු කිවුවේ නැහැ. නමුත් මම හිතුවේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා.මේකයි අපි හිතන දේවල්ම  වෙන්නේම  නැහැනේ.

ඇත්තටම ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්ණයක් තියනවා නේද , විදේශ අමාතයංශයට ලොතරැයි මණ්ඩලය දීපු එක ජනාධිපතිතුමා සත්භාවයෙන් කරපු දෙයක් නෙමෙයි නේද. මේක කලේ කාව සතුටු කරන්න ද?
නැහැ මම දන්න විදිහට ආණ්ඩුව ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කාව සතුටු කරන කියන එක මම දන්නේ නැහැ  ආණ්ඩුව අලුත් වෙලා තියනවා අලුත් බලාපොරොත්තු ඇති වෙලා තියනවා. රට ඉස්සරහට යන්න මේක එක හේතුවක් කියලා මම හිතනවා.

ආණ්ඩුවේ ගොඩක් මැති ඇමතිවරු ජනමාධ්‍යවේදීන් හා ජනමාධය ආයතන සමඟ ගැටුම් ඇති කරගන්නවා නමුත් ඔබ එහෙම නෙවෙයි. මාධ්‍ය සම‍‍‍‍ඟ බොහොම සුහදව කටයුතු කරන කෙනෙක් විදිහට ඔබ මේ තත්වය දකින්නේ කොහොමද?
මම කවදත් එහෙම ගැටුම් වලට යන්නේ නැහැ. මම හිතන්නේ ජනමාධය එක්ක අපි ගැටුමක් ඇතිකරගත යුතු වෙන්නේ නැහැ. ජනමාධ්‍ය වල වගකීම වෙන්න  මැති ඇමති වරුන්ගේ හොඳ වගේම නරකත් වාර්තා කරන එක. මාධ්‍ය ආයතන  වලින් අඩුපාඩු සිද්ද වෙන්න පුළුවන් .මාධ්‍ය වලට නිදහසේ කටයුතු කරන්න දෙන්න ඕන.  ඕනෑම අමාත්‍ය වරයෙක්  මාධ්‍යට එරෙහිව කයුතු කරනවානම් මාධ්‍ය  පිළිකුල විතරක් නෙවේ , ජනතාවගේ පිළිකුලත් ඇති වෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා ජනාධිපති තුමාගේ සිට ඕන කෙනෙක් විවේචනය කරන්න හැකියාවක් ජනමාධයට  තියනවා. ඒ නිසා මාධ්‍ය ආයතන වලට හෝ ජනමාධ්‍යවේදීන්ට  හිරිහැර කිරීම නොකළ යුත්තක්.

දකුණෙන් අලුත් නායකයෙක් විදිහට ඔබට ඉදිරියට ගෙන එම ජනාධිපතිගේ අරමුණනම් ඊලග පාර්ලිමේන්තුවේ අගමැතිවරයන් ඔබ විය යුතුයි නේද?
අනේ මගේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ .මම බොහොම සරල අහිංසක දේශපාලඥයෙක් මේ ආපු ගමන ගැන මම බොහොම සතුටු වෙනවා. අද මට පක්ෂේ වගේම මේ රටෙත් අද බොහොම ලොකු තැනක් ලැබිලා තියනවා.

ඒකාබද්ද විපක්ෂයත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂත්  එකට  එකතු වෙලා  අගමැති තනතුර ඉල්ලුවොත් එක ලබා දෙන්න ඔබ එකඟ වෙනවද? ඔබ සහයෝගය දක්වනවද ?
අපිට සාකච්ඡා කරලා කරගන්න බැරි  දෙයක් නැහැ. මට යෝජනා කරන්න බැහැ. නමුත් එහෙම යෝජනාවක් අවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වගේම ජනාධිපතිතුමා සමඟ  එකඟ වෙලා තමයි ඔය තිරණය ගන්නේ.

එසේනම් ඔබ හිතන විදිහට ඒ පිලේ අගමැතිවරයා විදිහට වඩාත්ම සුදුසු පුද්ගලයා කවුද?
මම හිතන්නේ චමල් රාජපක්ෂ මැතිතුමා තමයි. වෙන නම් කෙනක් ඉන්නවා කියලා මම හිතන්නෑ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  1,070 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  668 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,476 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  746 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,440 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,914 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,885 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  28,816 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,061 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,339 Downloads



Top 10 Commenters

Latest Comments

Top