Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
සෙල්ෆි ඡායාරූප ලබාගැනීම මානසික රෝගී තත්ත්වයක්ලු - Video

- සෙල්ෆි ඡායාරූප ලබාගැනීම මානසික රෝගී තත්ත්වයක්ලු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,141 Views
වසරේ ගෙවුණු මාස 6 තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී දුම්රියේ ගැටී සිදුවූ අනතුරුවලින් මියගිය පිරිස 20 කට ආසන්න බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ දුම්රිය අනතුරු දෙකක් පිළිබඳ ඊයේ වාර්තා වුණේ කොල්ලුපිටිය සහ කහව ප්‍රදේශවලදී.


සිංගප්පූරුවේ සිට දිවයිනට පැමිණි අනුරාධපුරයේ පදිංචි 24 හැවිරිදි ශෂී මධුසංඛ රණවීර තම බාල සොහොයුරා වන 12 හැවිරිදි තීක්ෂණ ලක්ෂාන් රණවීර සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සිටියදී පෙරේදා පස්වරු 5.45 ට පමණ මෙලෙස අනතුරට ලක්වුනා.

ඔවුන් මෙලෙස ගැටී ඇත්තේ මරදානේ සිට අළුත්ගම දක්වා ධාවනය වූ අංක 8773 දරණ මන්දගාමී දුම්රියටයි.

අනතුරට ලක්වන අවස්ථාවේ ඔවුන් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිට ඇතිබව පැවසෙනවා.

අනතුරින් ඔවුන් දෙදෙනාම එම ස්ථානයේම මියගිය අතරඅනතුරින් පසු බාල සොහොයුරාගේ හිස කොටස හමුවී තිබුණේ නැහැ.

අනතුරින් පසුව එම දුම්රිය ඊයේ තවත් ගමන්වාරයක් සිදුකර, අද උදෑසන කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා ධාවනය කරන අතරතුර ගම්පහ දුම්රිය ස්ථානයේදී දුම්රිය මැදිරි දෙකක් අතර මළසිරුරක හිස කොටසක් සිරවී ඇති අයුරු දැක තිබුණේ මගියෙකු විසින්.

පසුව සිදුකල පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ එය ඊයේ අනතුරට ලක්වූ 12 හැවිරිදි තීක්ෂණ රණවීරගේ බවයි.

මේ අතර ඊයේ සවස යාපනය සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියක පස්වරු 6.30 ට පමණ කහව දුම්රිය ස්ථානය ආසන්නයේදී යුවලක් අනතුරට ලක්ව තිබුණේසෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී.

අනතුරින් 26 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර 20 හැවිරිදි තරුණිය තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත්කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ වසරේ ගතවූ මාස 06 ක කාලය තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදුවූ දුම්රිය අනතුරු වලින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

මේ අතර මැෂබල් වෙබ්අඩවිය පෙන්වා දෙන්නේ ලොවපුරා සෙල්ෆි ඡායාරූප ගැනීම නිසා වාර්තා වන මරණ සංඛ්‍යාව වාර්ෂිකව මෝරුන්ගේ ප්‍රහාරවලට ලක්ව මියයන පුද්ගලයන් සංඛ්‍යාවට වඩා ඉහළ බවයි.

පසුගිය වසර අවසන්වද්දී සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට යාමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 127 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඉන් බහුතර මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

මේ හේතුවෙන් ඇතැම් රටවල් හා ප්‍රාන්ත සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කොට තිබෙනවා.

මේ අතර ඇමරිකානු මානසික වෛද්‍ය සංගමය පවසන්නේ සෙල්ෆි ඡායාරූප ලබාගැනීම මානසික රෝගී තත්ත්වයක් වන බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  2,648 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  22,116 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  5,526 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,828 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  22,529 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  12,165 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,435 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  9,604 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  6,275 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  49,293 Downloads



Top 10 Commenters

Latest Comments

Top