මාරවිල - කීනකැලේවත්ත වතු පාලකවරයාගේ මරණය සිය දිවි හානි කර ගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා.
ඒ, ඔහු මිය යාමට පෙර ලියන ලද ලිපි තුනක තමන් සිය දිවි හානි කර ගන්නා බවට සටහන් කර තිබීම හේතුවෙන්.
කුලියාපිටිය - පල්ලෙවෙල ප්රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු වන මොහුගේ වෙඩි වැදුණු සිරුර වතු යායේ බංගලාවේ තිබී සොයා ගැනුණේ අද උදෑසනයි.
මොහුගේ රාජකාරී ගිනි අවිය ද ඒ අසළ තිබී සොයා ගැනුණු අතර, හිස සහ නිකට ප්රදේශයට වෙඩි වැදී තිබූ බව සඳහන්.
මිය ගිය පුද්ගලයාගේ ඇඳුමක තිබී පසුව ලිපි 3ක් පොලීසිය සොයා ගත් අතර, මාරවිල පොලීසියට, සිය සහෝදරියට සහ වතු හිමිකරුට එම ලිපි ඔහු විසින් ලියා තිබුණා.
එමගින් ඔහු සදහන් කර තිබුණේ ජලභීතිකා රෝගය තමන්ට වැළදී ඇති බවට සැකයක් ඇති බැවින් තමන් සිය දිවි හානි කර ගන්නා බවයි.
මොහු ගවයෙකුට ප්රතිකාර කර ඇති අතර, එහිදී ගවයාගේ දතක් වැදීමෙන් ජලභීතිකා රෝගය වැළදී ඇති බවටයි ඔහු විශ්වාස කර ඇත්තේ.