Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
දුර්වල පන්දු රැකීම හමුවේ කාඩිෆ් හිදී බොඳව ගිය ශ්‍රී ලංකා බලාපොරොත්තුව - Photos & Video

- දුර්වල පන්දු රැකීම හමුවේ කාඩිෆ් හිදී බොඳව ගිය ශ්‍රී ලංකා බලාපොරොත්තුව - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,661 Views
පන්දු රකින්නන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ 2017 ශූරයන්ගේ කුසලාන බලාපොරොත්තුව අතහැර ගන්නට ඊයේ ශ්‍රී ලංකාවට සිදුවුණා.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානු නායකයා ශ්‍රී ලංකාවට මුලින්ම පන්දුවට පහර දෙන්නට ඇරයුම් කළා.

ඒ අනූව පිටියට නිරෝෂන් දික්වැල්ලට සහ ධනුෂ්ක ගුණතිලකට ආරම්භක කඩුල්ල සඳහා හොඳ සබඳතාවක් ගොඩ නගන්නට පාකිස්ථානු වේග පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

ලකුණු 13 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකව යළි ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ජුනයිඩ් ඛාන් සමත් වුණා.

පසුව පිටියේ එක්වුණු කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලටත් ස්ථාවර වීමට ඉඩ ලබා නොදුන් හසන් අලී කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල ඩැහැ ගත්තේ ඔහු ලකුණු 27 ක් ලබා සිටියදි.

දිගින් දිගටම හරි හැටි වගකීම ඉටු නොකළ දිනේෂ් චන්දිමාල් මේ තරගයේදීද ලකුණු 0 කට දැවී ගියේ ශ්‍රී ලංකාපිල දැඩි පීඩනයකට ඇද දමමින්.

ඉන්දියාව සමග පැවති තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් මේ තරගයේදීත් නිරෝෂන් දික්වැල්ල සමග එක්ව ඇද වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගනිමින් සිටියදී මොහොමඩ් අමීර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 39 ක් ලබා සිටියදී.

කුසල් ජනිත් වෙනුවට කණ්ඩායමට පැමිණි ධනංජය ද සිල්වාට මේ තරගයේදී සාර්ථක වන්නට හැකිවුණේ නැහැ. ඔහුට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 1 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වුණු නිරෝෂන් දික්වැල්ල අගනා ලකුණු 73 ක් රැස් කළා.

තිසර පෙරේරාත් ලකුණු 1 කට දැවී යද්දී පිටියේ එක්වුණු අසේල ගුණරත්න සහ සුරංග ලක්මාල් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යම් ස්ථාවරයකට රැගෙන ආවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාර 49 යි පන්දු 2 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 236 ක් පමණයි.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථාන ආරම්භක පිතිකරු යුගලය තම වගකීම මනාව ඉටු කළේ පළමු කඩුල්ලට ලකුණු 74 ක් එක් කරමින්.

එහිදි ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැලුණු Fakhar Zaman ලකුණු 50 ක් රැස් කළේ හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරක්ද සමගින්.

පාකිස්ථානු ඉනිමේ පළමු කඩුල්ල බිඳ දමන්නට නුවන් ප්‍රදීප් සමත් වුණේ ලකුණු 50 ක් රැස්කරගෙන සිටි Fakhar Zaman දවා ගනිමින්.

ඉන් අනතුරුව අසාර් අලී, බාබර් අසාම්, මොහොමඩ් හෆීස් සහ ෂොයිබ් මලික්ව ඉතා ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වුණේ පාකිස්ථානු නායක සෆ්රාස් අහමඩ්. කඩුලු 7 ක් දැවී තිබියදී මොහොමඩ් අමීර් සමග එක්වූ ඔහු ශ්‍රී ලංකා බලාපොරොත්තු සෙමින් සෙමින් බොඳ කළා.

නැවත වරක් ක්‍රියාත්ක වූ ලසිත් මාලිංග වේගය අඩාල කර යැවූ පන්දුවට සෆ්රාස් අහමඩ්, තිසර පෙරේරා අතට ලබා දුන්නේ පහසු උඩ පන්දුවක්. නමුත් එම උඩ පන්දුව තිසර පෙරේරා අතින් ගිලිහී ගියේ තරගය කනපිට හරවමින්.

ඊළග පන්දුවාරයේදී නැවතත් ක්‍රියාත්මක වූ ලසිත් මාලිංග යැවූ බවුන්සර් පන්දුවට සෆ්රාස් අහමඩ් නැවතත් උඩ පන්දුවක් ලබා දුන්නේ සීකුගේ ප්‍රසන්න අතට. නමුත් එම උඩ පන්දුවද ගිලිහී ගියේ ශ්‍රී ලංකාවේ කුසලාන සිහිනය සුනු විසුණු කරමින්.

ලද වාසනාවෙන් ප්‍රයෝජන ගත් පාකිස්ථානු නායකයා අර්ධ ශතකයක්ද රැස් කරමින් පාකිස්ථානය ජය කණුව වෙත රැගෙන ගියා.

මේ තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ තිබූ අතර තරගය පුරාවට ඔවුන් ලබා දී තිබූ අතිරේක ලකුණු සංඛ්‍යාව 23 ක්.
තරගයේ වීරයා සම්මානය හිමිවුණේ සෆ්රාස් අහමඩ්ට.

ලකුණු පුවරුව පහතින්...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  2,646 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  22,091 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  5,526 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,827 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  22,512 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  12,163 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,435 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  9,604 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  6,274 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  49,286 Downloads



Top 10 Commenters

Latest Comments

Top