Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
13
"හැමදේම අතහැරලා තමයි ජිවිතේ ඉතුරු ටික ජිවත් වෙන්නේ" - උපේක්ෂා ස්වර්ණමාලි- Exclusive - Photos

- "හැමදේම අතහැරලා තමයි ජිවිතේ ඉතුරු ටික ජිවත් වෙන්නේ" - උපේක්ෂා ස්වර්ණමාලි- Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
"දුව තමයි මගේ මුළු ජීවිතේම.."

"එයාගේ ආදරේ එහෙමමයි.."

සිනමාවට වගේම පුංචි තිරයට ඇගේ රංගනය අපූරුවට ගැලපෙනවා. ඒ නිසා ඇයට බොහෝ දෙනෙක් ආදරය කරනවා. උපේක්ෂා ස්වර්ණමාලී. දැන් ආදරණිය අම්මා කෙනෙක්. පුංචි දෝණිගේ හුරතල් වැඩත් එක්ක කාලේ ගත කරන උපේක්ෂා කලාව අතහැරලද කියලත් එක්ක දැන ගන්න හිරු ගොසිප් එක්ක එකතු කරගත්තා. මේ ඇගේ අලුත්ම තොරතුරුයි.

උපේක්ෂා දියණියත් එක්ක හුරතල් වෙන නිසා දැන් නිර්මාණ වලින් දකින්නත් නැහැ. රගපෑමෙන් ඉවත් වෙලාද..?
රංගනයෙන් ඉවත් වෙන්න නම් මගේ අදහසක් නැහැ. අයින් වෙලත් නැහැ.

ඒ කියන්නේ පවුල් ජිවිතේට වඩා උපේක්ෂාට කලාවට මුල් තැන දෙන්න පුළුවන් කියන එකද..?
කොහෙත්ම නැහැ. දැන් මගේ ජිවිතේ අංක එක දුව. ධනුජි තමයි මගේ මුළු ජීවිතේම. මම කවදාවත් අවුරුදු හතරට වඩා අඩු දරුවෙක් වඩාගෙනවත් නැති කෙනෙක්. ඒ තරමටම බයයි. නමුත් මගේ දරුවා කුසට ආ දවසේ ඉදලා මම හිතුවේ මගෙයි සමන්තගෙයි පවුල් ජිවිතේ ලස්සන වුණා කියලයි. ඒ හැගීම කියන්න මට ඇත්තටම තේරෙන්නේ නැහැ. අම්මා කෙනෙක්ට දරුවෙක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා විතරයි මම දන්නේ.

ඔබේ සැමියා සමන්ත කිව්වොත් රංගනයෙන් ඉවත් වෙන්න කියලා දියණිය වෙනුවෙන්..?
සමන්ත කියන්නේ මට ආදරේ කරන්න කලින් මගේ රසිකයෙක්. අපි හිතවත් වෙලා අවුරුදු හතරක් ආශ්‍රය කළා. එයා මගේ රංගනයට ආදරය කළ කෙනෙක්. අදටත් මට නීති රීති දාන්නේ නැහැ. නමුත් ඔහු මගේ සැමියා. මම ඕනෑම දෙයක් කරන්නේ සමන්තගෙන් අහලා. එයා අකමැති කිසි දෙයක් කරන්නේ නැහැ. එයාම හිත සතුටින් කියන්න ඕන මේ දේ කරන්න කියලා.

පෙම්වතිගේ චරිත වලින් දකිද්දී ඔහුගේ ප්‍රතිචාර කොහොමද..?
ඇත්තටම සමන්ත මට ගොඩක් ආදරේ කරනවා. එයාගේ ආදරේ එහෙමමයි.එයා සමහර වෙලාවට මගෙන් අහනවා ඔයාට පෙම්වතියගේ චරිත රගපාන්න ඕනමද නොකර ඉන්න කියලා. ඒ ගමන්ම කියනවා මේක ඉතින් ඔයාගේ ජොබ් එකනේ. ඇත්ත නෙමෙයිනේ කියලා. අපි කවුරුත් කැමති නැහැ අපි ආදරේ කරන අය වෙන අය එක්ක ඉන්නවට. සමන්තට ඊරෂියා ඇති. එහෙම නොවුණා නම් එතැන ආදරයක් නැහැනේ.

උපේක්ෂා ඉස්සර වගේම තවමත් කම්මැලි චරිතයක්ද.. නැත්තම් වගකීම දැනෙන ගෘහණියක් වෙලාද..?
දුව ඉපදුණාට පස්සේ මට මාවම අමතක වෙලා. අඩු තරමින් මම ලස්සනට ඉන්න ඕන කියන එකත් අමතක වෙලා. දුවගේ දින චර්යාවට මාවත් හැඩ ගැහිලා. ඉස්සර මම නිදහසේ ජිවත් වුණේ. ඒත් ඒ නිදහස දැන් මට නැහැ. නින්දක් නැහැ. වෙලාවකට මට තෙහෙට්ටුයි. වෙහෙසකරයි. කම්මැලිකම ගැන හිතන්නවත් වෙලාවක් නැති තරමට දුව මාව වෙනස් කරලා.දැන් නම් මම වගකීමක් දරන කාන්තාවක් වෙලා.

කාර්ය බහුල ජිවන රටාවක් තියෙන ජනප්‍රිය බොහෝ අය ලොකුවට විවාහ උත්සව අරගෙන ටික කලකින් දික්කසාද වෙනවා. එක වතාවක් ඒ අත්දැකීම තියෙන උපේක්ෂාට ජිවිතේ ගැන බයකුත් ඇති..?
ඇත්තටම මට බයයි. මට විතරක් නෙමෙයි සමන්තත් කලින් විවාහයෙන් වෙන් වුණු කෙනෙක්. එයාටත් ඒ බයම ඇති. අපි අතර හොද අවබෝධයක් ආදරයක් තියෙනවා. වෙනස් නොවෙන. ඒත් දෛවය අපිට කොයි විදිහට සරදම් කරයිද කියන්න දන්නේ නැහැ. කරුමයක් ගෙවන්න තියෙනවා නම් මොන දේ කරත් ඒ කරුමය ගෙවන්න ඕන. මමත් කාලයක් විදෙව්වා. නමුත් මම දැන් ඉන්නේ සතුටින්. කොහොම නමුත් මගේ ජිවිතේට ප්‍රශ්නයක් ආවොත් මම දුක තුරුළු කරගෙන ඉන්නේ නැතුව හැමදේම අතහැරලා තමයි ජිවිතේ ඉතුරු ටික ජිවත් වෙන්නේ.

අලුත් නිර්මාණවලට ඔබේ රංගනය අවැසියි කියන නිර්මාණකරුවෝ නැද්ද..?
මට අලුත් චිත්‍රපටයකට කතා කළා. ඒකට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා. මම ආසාවෙන් ඉන්නවා ඉදිරියේදී චරිතාංග නිලියක් වෙන්න. ඒ නිසා එක එක චරිත වලට ආරාධනා ලැබෙනවා නම් මම කැමතියි.

ටෙලි නාට්‍ය වලට ඇරයුම් නැද්ද..?
මොන හේතුවකටද දන්නේ නැහැ මට ටෙලිනාට්‍ය වලට ඒ තරම් ආරාධනා ලැබෙන්නේ නැහැ. හොද නිර්මාණයකට ආරාධනා ලැබුණොත් දුවගේ වැඩවලට බාධාවක් නොවෙන්න යනවා.

ඒ නිසා ප්‍රතිචාර අඩු ඇති..?
ප්‍රතිචාර වල නම් කිසිම අඩුවක් නැහැ. මම සම්බන්ධ වුණු පරණ නාට්‍ය ආයේ ආයෙමත් විකාශය වෙනවා. ඒ නිසා මට ආදරේ කරන අය මම වැඩිය නැහැ කියලා අහකබලාගෙන නැහැ.ආදරෙයි.

ගෙදරට වෙලා ඉන්න නිසා ඔබ මිට පෙර සම්බන්ධ වුණු නිර්මාණ නරබන්න ඔබට අවස්ථාව දැන් ලැබෙනවා ඇති නේද..?
ඔව්. ඉස්සරට වඩා දැන් නිදහසේ ඒ නිර්මාණ බලන්න පුළුවන්. මටම පුදුමයි මමද ඒ නිර්මාණවල ඉන්නේ කියලා. සමහර වෙලාවට මමම මගේ රසිකාවියක් වෙලා කිව්වොත් හරි. මම මාව රසවිදිනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top